×

‘මිතුරන් නැත – කඳු පමණයි‘ ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පැමිණි සරණාගතයාට රටේ ලොකුම සාහිත්‍ය ත්‍යාගය

ඔස්ට්‍රේලියාවේ දැවැන්තම සාහිත්‍ය ත්‍යාගය වන Victorian premier’s literary awards හි සාහිත්‍යය පිළිබඳ වික්ටෝරියානු ත්‍යාගය මෙන්ම ප්‍රබන්ධමය නොවන අංශය යටතේ ප්‍රථම ස්ථානය හිමිවුණේ ද ඔහුට ය.


ඔස්ට්‍රේලියාවේ වැඩිම ත්‍යාග මුදලක් පිරිනමන සාහිත්‍ය ත්‍යාගය වන Victorian premier’s literary awards ලබාගැනීම සඳහා එහි ජයග්‍රාහකයා උත්සවයට පැමිණ සිටියේ නැත. ඔහු නොපැමිණෙියේ, ඔහුට එසේ නෑවිත් සිටින්නට උවමනා වූ නිසා නොවේ. වෙන කරන්නට දෙයක් නැති කම නිසා ය.

ඔහුගේ නම බෙහ්රූස් බූකානි (Behrouz Boochani) ය. ඔස්ට්‍රේලියාවේ දැවැන්තම සාහිත්‍ය ත්‍යාගය වන Victorian premier’s literary awards මගින් ප්‍රබන්ධමය නොවන අංශය යටතේ ඩොලර් 25,000 ක ප්‍රථම ත්‍යාගය මෙන්ම ඩොලර් 100,000 ක් ලබාදෙන සාහිත්‍යය පිළිබඳ වික්ටෝරියානු ත්‍යාගය යන දෙකම හිමි වුණේය. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ බ්‍රහස්පතින්දා රාත්‍රිෙය් ය. නමුත් ඇත්තම කතාව වූයේ, එයට සහභාගි වීම සඳහා බෙහ්රූස් ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමට අවසර දී තිබුණේ නැත. හේතුව කුමක්ද?

ඔහු කුර්දි ඉරාන ජාතික ලේඛකයෙකි. තවත් දහස් ගණන් දෙනා මෙන්ම ඔහු ද ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ සරණාගතයෙකු ලෙස ය. නමුත් ඔහුගේ සිහිනය බොඳ වුණේය. අවසානයේ කැන්ගරු දේශය වෙනුවට, පුරා වසර 6 ක් මුළුල්ලේ පැපුවා නිව්ගිනියාවට අයත් මානුස් දූපතේ කල්ගත කරන්නට සිදුව තිබිණි. මුලින් තරමක කාලයක් ඔස්ට්‍රේලියාව පෙනෙන නොපෙනෙන මානයේ රැකවරණ මධ්‍යස්ථානයක කල් ගත කළ ඔහු අවසානයේ මානුස් දූපතේ අභ්‍යන්තර සිරකරුවෙකු බවට පත්ව තිබුණේ එසේ ය.

නමුත් මේ මිනිසා හුදෙකලාව, කුසගින්න සහ තෙරක් නොපෙනෙන අපේක්ෂා රහිත ආගාධය මැත පොතක් ලිව්වේය. එහි නම ‘මිතුරන් නැත – කඳු පමණයි‘ (No Friend But the Mountains) ය.

ඔහු ඒ පොත ලිව්වේ සිය ජංගම දුරකථනයේ ටෙක්ස්ට් මැසේජ් වශයෙනි. එක් වරකට එක් මැසේජයක් ලෙස ය. ඒ මැසේජ, පසුගිය අවුරුදු 5 ක කාලය පුරාම WhtsUp වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් ප්‍රචාරණය විය.

දැන්, ඔහුව පුරවැසියෙක් ලෙස පිළිගැනීමට අකමැති, ඔහුව දූපතක සිරකර තබන ඔස්ට්‍රේලියානු රජය විසින්ම එම පොතෙහි සාහිත්‍යමය අගයට වටිනාකමක් දී තිබේ. ඒ අතරම, ඒ වටිනාකමට පාත්‍ර වීමට ඔහුට ඇති අයිතිය, නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ.

දැන් තමාට දැනෙන්නේ ‘පැරඩොක්සිකල් හැඟීමක්‘ (විරුද්ධාභාසී හැඟීමක්) ( “a paradoxical feeling” ) බව ඔහු පැවසුවේය.

ගාඩියන් ඔස්ට්‍රේලියා පුවත්සේවය සමග ඔහු මෙසේ පවසයි. ‘‘මම ඇත්තටම දන්නෙ නෑ මොනවද කියන්න ඕනෙ කියලා. මම මේ පොත ලිව්වේ සම්මානයක් දිනන්න නෙවෙයි.“ සත්‍ය වශයෙන්ම ඔහු ඒ වන විට දැන සිටියේ ප්‍රබන්ධමය නොවන අංශයෙන් තමන් ජයග්‍රහණය කර ඇති බව පමණි. නමුත් එපමණක් නොව ඔහු විසින් සාහිත්‍යය පිළිබඳ වික්ටෝරියානු ත්‍යාගය ද දිනා ඇති බව පසුව දැනගන්නට ලැබිණි.

Behrouz Boochani, Manus Island and the book written one text at a time

‘‘පොත ලිවීමේ මගේ ප්‍රධාන අරමුණ වුණේ, අහිංසක මිනිසුන් මානුස් සහ නාවුරු දූපතේ රඳවා තබාගෙන වසර 6 ක් තිස්සේ ඉතාම සැලසුම්සහගත ක්‍රමයකට වධ දෙන ආකාරය ඔස්ට්‍රේලියාවේ සහ ලෝකයේ මිනිසුන් ගැඹුරු ලෙස වටහාගත යුතුයි. මේ සම්මානය විසින් අපේ තත්වය වෙත වැඩි අවධානයක් යොමු වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. එයින් වෙනසක් ඇති වී, මේ ම්ලේච්ඡ ප්‍රතිපත්තිය අවසන් වන්නට මගක් පෑදේවි..“

ඔහු එසේ කතා කරන්නේ ද ටෙක්ස්ට් මැසේජ් හරහා ය. ඔහුට ඉන්ටනෙට් නැත. නමුත් ඔහු පසුබට නොවේ. ඔහුට අවශ්‍ය වන්නේ ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ගමනේ ඇත්ත විත්ති ගැන චාරිකා සටහනක් තබන්නට ය.

නමුත් ඔස්ට්‍රේලියාවේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තියට අනුව, බෝට්ටුවෙන් එහි පැමිණෙන්නන් අනිවාර්යයෙන්ම නතර වන්නේ අක්වෙරළ මධ්‍යස්ථානවලිනි. ‘‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාව බලා එන කිසිවෙක් නතර වන්නේ ඔස්ට්‍රේලියාවෙන් නොවේ‘‘ එය, ලංකාවේ ද රූපවාහිනී නාලිකාවල කලින් කලට ප්‍රචාරය වන, ඔස්ට්‍රේලියානු ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ නිල ප්‍රතිපත්තියයි.

ඉතින්, රැකවරණය පතා ආ සංක්‍රමණිකයෙක් විසින් ඒ රටේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය ද දිනාගත් පසුව ඔහුව තවදුරටත් එවැනි අක් වෙරළ මධ්‍යස්ථානයක තබාගෙන සිටීම..? එය ඉදිරි දිනවලදී ජාත්‍යන්තර වශයෙන් මහත් කතා බහට ලක්වනු ඇත. ඔස්ට්‍රේලියානු රජයට ලැජ්ජාවක් දැනේ නම් පමණක් ඔවුන් එයින් ලැජ්ජාවට පත්වනු ඇත.

බොකානි වෙනුවට සම්මාන උළෙලේදී ඔහුගේ පරිවර්තකයා සම්මානය භාරගත්තේය. ඔමිඩ් ටොෆිගියන් නමැති ඔහු, බොකානි පාසි බසින් ලියන දේවල් ඉංග්‍රීසි බසට හැරවූ දෙදෙනාගෙන් එක් අයෙකි.

සම්මාන උළෙල

මෙම සම්මාන උළෙලේදී සම්මාන කාණ්ඩ 7 ක් යටතේ බෙදී යන අතර, ඒවායේ ජයග්‍රහාකයන් සහ නිර්දේශිත නාම පිළිබඳ කෙටි විස්තරයක් මේ සමග පළ වේ. 2017, 2018 සහ 2019 යන වර්ෂ තුනේදීම මේ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් බවට පත්වූයේ කාන්තාවන් වීම ද විශේෂත්වයි. ඒ නිසා ද, මානුස් දූපතේ සිර කඳවුරක සිට අපේ කථා නායකයා ලියූ කථාවට කාණ්ඩ දෙකකින්ම මුල් තැන ලැබීම සුවිශේෂී ය.

Eggshell Skull author Bri Lee has won the people’s choice award at the Victorian premier’s literary awards
 Eggshell Skull author Bri Lee has won the people’s choice award at the Victorian premier’s literary awards. Photograph: Hannah Koelmeyer

2019 Victorian premier’s literary awards: ජයග්‍රාහකයන්ගේ ලැයිස්තුව

ප්‍රබන්ධ

Winner: The Madonna of the Mountains by Elise Valmorbida

Shortlist: Flames by Robbie Arnott; Ironbark by Jay Carmichael; The Fireflies of Autumn: And Other Tales of San Ginese by Moreno Giovannoni; The Death of Noah Glass by Gail Jones; Too Much Lip by Melissa Lucashenko

ප්‍රබන්ධමය නොවන

Winner: No Friend But the Mountains: Writing from Manus Prison by Behrouz Boochani

Shortlist: Staying: A Memoir by Jessie Cole; The Arsonist: A Mind on Fire by Chloe Hooper; Eggshell Skull by Bri Lee; Miss Ex-Yugoslavia by Sofija Stefanovic; Axiomatic by Maria Tumarkin

නාට්‍යමය

Winner: The Almighty Sometimes by Kendall Feaver

Shortlist: Going Down by Michele Lee; Barbara and the Camp Dogs by Ursula Yovich and Alana Valentine

කාව්‍ය

Winner: Tilt by Kate Lilley

Shortlist: Flood Damages by Eunice Andrada; Milk Teeth by Rae White

Writing for young adults

Winner: Catching Teller Crow by Ambelin Kwaymullina and Ezekiel Kwaymullina

Shortlist: Amelia Westlake by Erin Gough; Between Us by Clare Atkins

Indigenous writing

Winner: Taboo by Kim Scott

Shortlist: Common People by Tony Birch; Too Much Lip by Melissa Lucashenko; Blakwork by Alison Whittaker

Unpublished manuscript – පළ නොකළ අත්පිටපත්

Winner: Kokomo by Victoria Hannan

Shortlist: Wedding Cake Island by John Byron; Frontier Sport by Wayne Marshall

ඉතින් මේ සියල්ල මධ්‍යයේ මානුස් දූපතේ බන්ධනාගාරයේ අද රැයත් ගෙවා දමන ඔහුගේ හෙට දවස කුමක් වේවිද? මනුෂ්‍යත්වය ට අසංවේදී නායකයන්, රටේ ඉහළම සාහිත්‍ය ගෞරවයක් දිනාගත් විජාතික සරණාගතයෙකුගේ හෙට දවස කෙසේ තීරණය කරාවිද? දැන් මුළු ලොවම ඒ දෙස බලා සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි