×

වියට්නාමයේ කොමියුනිස්ට්වාදය දියාරු වෙයිද?

වියට්නාමයේ රජය විසින් ගත් මෙම පියවර දැනටමත් පවතින කම්කරු අසහනය උත්සන්න කිරීමට තුඩුදුන්න හොත් ආයෝජකයන් අහිමිවීමේ අවදානමක් ද පවතින බව විද්වත්හු පෙන්වා දෙති.


වියට්නාමයේ පළමු වරට ස්වාධීන වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට අවසර ලබා දී ඇති බවට වාර්තා වේ. ඒ, අත්සන් කරන ලද නව නිදහස් වෙළඳ ගිවිසුම් (free trade agreements: FTAs) වල එක් පියවරක් වශයෙනි.

වියට්නාමයේ ජාතික කම්කරු නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන පිළිගැනීම, වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට කම්කරු ප්‍රජාව හට නාමික වශයෙන් අවසර ලබා දීම, වැඩ වර්ජන පැවැත්වීම හා සාමූහික වශයෙන් සාකච්ඡා කිරීම (collective bargaining) සඳහා අවසර ලබා දීම, වැටුප් වැඩි කිරීම හා සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු කිහිපයකට පසුගිය මස එරට ජාතික සභාව විසින් පක්ෂව ඡන්දය ලබා දී තිබිණි.

වියට්නාමයේ දැනට පවතින නීතිය අනුව, සියලු වෘත්තීය සමිති පොදු කම්කරු සම්මේලනය (VGCL) විසින් අනුමත කළ යුතු වේ. VGCL යනු වියට්නාමයේ සියළු ආයතන හා සංවිධාන වල මහජන කලමනාකරණය සඳහා දායක වන්නේ යැයි පැවසෙන රාජ්‍ය ආයතනයකි. කෙසේවෙතත් ඉහත කී සංශෝධන හමුවේ වෘත්තීය සමිති VGCL හි අවසරයෙන්  තොරව පිහිටුවා ගැනීමේ සම්භාවිතාවක් පවතී.

මෙකී සංශෝධන ඇතුලත් කිරීම සිදුවූයේ වියට්නාමය එළඹූ වෙළඳ ගිවිසුම් වලට ප්‍රකාරවය. එකී වෙළඳ ගිවිසුම් වල ශ්‍රම අයිතිවාසිකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බැවින් ජාතික සභාව තුළ එය විවාදයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහත කී සංශෝධන අනුමත වූ අතර, ඒ තුළින් වෙළඳ ගිවිසුම් වල කියවෙන ස්වාධීන වෘත්තීය සභා පිහිටුවා ගැනීමේ අයිතිය සඳහා රජය විසින් අවසර ලබා දී තිබේ.

කෙසේවෙතත් වියට්නාමයේ කොමියුනිස්ට් පාලන රජය විසින් ගත් මෙම පියවර එරට දැනටමත් පවතින කම්කරු අසහනය උත්සන්න කිරීමට තුඩුදුන්න හොත් ආයෝජකයන් අහිමිවීමේ අවදානමක් ද පවතින බව විද්වත්හු පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි