×

රාමුවෙන් පිට ලෝකයක් – වියට්නාමයේ ”උමතු නිවස”

,


මිනිස්සු ගොඩනැගිලි හදන්න කොයිතරම්නම් සැළසුම් කරනවද සිත් ගන්නා සුළු සුන්දර ගොඩනැගිලි ලෝකයේ ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙකු අතින් නිම වෙන්නේ කොයිතරම් පරිස්සමටද…

ඒත් වියට්නාමයේ දලත් හී පිහිටි උමතු නිවස ඒ සියලු සීමාවන් බිදපු අමුතුම මාදිලියේ එකක්. දුටු සැනින් අපට මතක් වෙන්නේ සැල්වදෝර් ඩාලි.. නැතිනම් ඇන්ටෝනියෝ ගවුඩි..
නමුත් වියට්නාමයේ Crazy House එයටම අනන්‍ය වුන ලක්ෂණ වලින් හෙබි
නමුත් විවිධ අර්ථ කථන ලබා දිය හැකියි. කෙසේ වෙතත් අද වන විට මෙහි ඇති අපිලිවෙල අමුතු සහ දුර්ලභ බව නිසාම ලෝකයේ විවිධ දෙසින් විවිධ පිරිස් පැමිණෙන්නේ ජීවිතයට අලුත්ම අත්දැකීමක් එක් කර ගැනීමේ අදහසිනි.

Image result for Vietnam's 'Crazy House'

වියට්නාමයේ දලාත් යනු ප්‍රංශයේ යටත්විජිතයක්ව පැවති නගරයක් නිසාම එහි පිහිටා ඇති ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ හුරුවක් ඇති ගෘහනිර්මාණ ශිල්පයන්ට අනුවයි. Crazy House ඊට හාත්පසින්ම වෙනස් වෙයි.
79 හැවිරිදි කලාකාරිනියක වන ඩන්ග් වියට් න්ගා මෙම Crazy House ගොඩ නැගීමේ පෙර ගමන්කාරිය වෙයි.

Image result for Vietnam's 'Crazy House'

මේ වන විට එය වියට්නාමයේ සුප්‍රසිද්ධ සංචාරක නවාතැන් පලක් වුවද එය ගොඩනැගීමේදී එවැන්නක් ගැන කිසිදු අදහසක් නොමැතිව මුල්ම අවස්ථාවේ එය ඉදි කර ඇත.

මට අවශ්‍ය වුණේ කිසිතැනක නැති පුරෝගාමී දෙයක් .. ලෝකයේ කිසිතැනක කිසිවිටකත් දැකිය නොහැකි දෙයක් නිර්මාණය කරන්න Crazy House ඉදි කිරීමේ සිය අදහස ගැන ගෘහ නිර්මාණ ශිල්පනිය ඩන්ග් නිගා පවසයි.
ගෘහනිර්මාණය පිළීබදව රුසියාවේ මොස්කව් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් ඇති ඈ වියට්නාමයේ ගොඩනැගිල් ව්‍යාපෘති ගණනාවක කටයුතු කර ඇත. නමුත් Crazy House සෑදීමේදී එය අමුතුම ආකාරයකට නිර්මාණය කිරීමට ඇයට අවශ්‍යව ඇත.

Image result for Vietnam's 'Crazy House'

ඇය තමන්ට විටි විට සිතෙන සෑම දෙයක්ම අඛණ්ඩව මෙම ගොඩනැගිල්ලට එක් කර ඇත.
කිසිම සීමාවක් සිය සිතට නොදමා හිතුමතේ සිතෙන සෑම දෙයක්ම ගෙගාඩ නැගිල්ලට වසර ගණණාවක් තිස්සේ එක් කළ බව ඇය කියයි.

1990 වසරේදී නිවස සදහා සැළසුමක් සකස් කළද එය ගොඩනගන්නට ආරම්භ කළ පසු ඒ සැළසුම් සියල්ල පසෙක දමා ඇත.

Image result for Vietnam's 'Crazy House'


සාමාන්‍ය ගොඩනැගිල්ලක පවතින මුළු එනම් බිත්ති දෙකක් එක් වන ස්ථාන මෙම ගොඩනැගිල්ලට නොමැති වීම මෙහි ප්‍රධානතම ලක්ෂණයයි. ගොඩනැගිලි නිර්මාණය වී ඇත්තේ හතු, සිප්පිකටු, උමං, මකුළු දැල් ආදායෙහි හැඩයන්ගෙනි.

එමෙන්ම නිවස සෑදීම සදහා ඇය විවිධ වර්ගයේ අමුද්‍රව්‍ය යොදා ගෙන ඇත්තේ ඊටද සීමාවන් නොපනවමිනි.

Image result for Vietnam's 'Crazy House'


එමෙන්ම විවිධ සුරංගනා කථා චරිතයන් සහ ඒවායේ පැවති ගොඩනැගිලිද Crazy House නිර්මාණය සදහා යොදවා ඇත.

Image result for Vietnam's 'Crazy House'

නවාතැන් ගැනීමට එන සංචාරකයින් සදහා කාමර 10කින් සමන්විත Crazy House හී ගොඩනැගිලි පමණක් නොව පරිහරණයට තිබෙන භාණ්ඩ පවා හරිම අපූරුයි.. වියට්නාමයේ සංචාරයකට යනවානම් Crazy House හවුස් දැක බලා ගන්න. රාමුවෙන් පිට ලෝකය හරිම උමතුයි වගේම සුන්දරයි කියා ඔබට සිතේවි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි