×

ජංජාලයක් වූ වියට්නාමයේ නව අන්තර්ජාල නීතිය.

ෆේස්බුක්, ගූගල් වැනි ඕනෑම ආයතනයකින් රජයට අවශ්‍ය පරිශීලක දත්ත ලබා ගැනීමට හැකියාව ඇති කරවන පරිදි මෙම නීතිය සකසා ඇත‍.


වියට්නාමය විසින් එරට අන්තර් ජාල භාවිතය සම්බන්ධව හඳුන්වා දෙන්නට යන  අසාධාරණ සහ ඒකාධිපති සයිබර් ආරක්ෂණ  නීතිය සම්න්ධව මේ වන විටත් ජාත්‍යන්තර අප්‍රසාදය එල්ල වෙමින් පවතී.
වියට්නාම රජයට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා තුළ පළවන ඕනෑම අන්තර්ගතයක් ” “toxic” නැත්නම් විෂ ලෙස සළකා ඉවත් කිරීමට සහ ෆේස්බුක්, ගූගල් වැනි ඕනෑම ආයතනයකින් රජයට අවශ්‍ය පරිශීලක දත්ත ලබා ගැනීමට හැකියාව ඇති කරවන පරිදි මෙම නීතිය සකසා ඇත‍.

රටේ ජනතාවගේ අන්තර්ජාල නිදහස සහ ප්‍රකාශන අයිතිය මෙසේ රජය විසින් උදුරා ගැනීමට උත්සා කිරීම සමබන්ධව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම නීති විශාරදයින්ද වියට්නාම රජය විවේචනය කරමින් සිටී.
වියට්නාමයේ බලසම්පන්න අමාත්‍යාංශයක් වන මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී  ස්ථාපිත කිරීමට සූදානම් මෙම නීතිය සම්බන්ධ නියෝගයන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව වියට්නාමය වෙත අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන වෙත තීරණයක් ගැනීමට කාලය ලබා දී ඇත‍.
ක්‍රියාත්මක කරන්නට සූදානම් වන නීතිය සම්බ්නධව මහජන ආරක්ෂණ අමාත්‍යාංශ පවසන්නේ අන්තර්ජාලය හරයා සිදු වන දත්ත සොරකම් සයිබර් ප්‍රහාර මෙන්ම ප්‍රචණ්ඩත්වය වැපිරවීම ආදී ක්‍රියාවන් පාලනය කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි.
වියට්නාම පාර්ලිමේන්තුව මගින් පසුගිය ජූනි මාසයේදී මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලැබුණ අතර ෆේස්බුක් ආයතනය මේ සම්බන්ධව පවසා සිටියේ සිය පරිශීලකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවත් සිය පරිශීලකයන්ට සිය අදහස් නිදහසේ මෙන්ම ආරක්ෂිව ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව උදාකර දෙන බවත්ය.
ප්‍රචණ්ඩ යැයි සිතෙන අන්තර්ගතයන් අප ඉවත් කරනවා. ෆේස් බුක් ආයතතනය මේ සම්බන්ධව ඒ එෆ්පී පුවත් පත වෙත ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.
ගූගල් ආයතනය මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ තමන් දැනට අදහසක් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින බවත්ය .

2016 වසරේදීත් වියට්නාමය අන්තර්ජාල ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල පිරිසක් සිර ගත කරන ලදී. මානව හිමිකම් සම්බන්ධව ජාත්‍යන්තර ආයතනයක් වන විසින් මෙම නීතිය සංශෝධනය කරන ලෙසත් නීතිගත කිරීම පසුවට කල්දමන ලෙසත් වියට්නාම රජයෙන් ඉල්ලා සිටී.
වියට්නාම ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සමාජමාධ්‍ය භාවිතය සම්බන්ධව නව ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමෙන් පසු මෙම නීතිය හඳුන්වා දෙනු ලැබිණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි