×

සූමා සිර ගත කිරීමත් සමග දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි

ඔහුගේ ආධාරකරුවෝ සිය දේශපාලන වීරයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.


දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජේකබ් සූමාව සිරගත කිරීමත් සමග ඇති ව‍ූ නොසන්සුන්තාව උත්සන්න විම හේතුවෙන් මේ වන විට ඝාතනයට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ යමින් පවතී. හිටපු ජනපතිවරයා සිරගත කිරීමට එරෙහි වෙමින් වීදි පුරා සිය විරෝධතාව දැක්වූ පුද්ගලයින් 800කට ආසාන්න සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව වාර්ථා වේ.

මේ වන විට පවතින නොසන්නුන්තාව මැඩ පැවැත්වීම සදහා පොලීසිය විසින් ආරක්ෂක හමුදාවේද සහය ලබා ගෙන ඇති අතර සිදුවීම් පිළිබදව ජනපති සිරිස් රැම්පෝසා පවසන්නේ පැවති වර්ණභේදවාදී පාලන තන්ත්‍රය අවසන් වී වසර 27ක කාලය තුළ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලව මේ මොහතේ සිදු වෙමින් පවතින බවයි.

සිය ධූර කාලය තුළ සිදු කළා යැයි සැක කෙරෙන දූෂණ චෝදනා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය සදහා සිය සහයෝගය ලබා නොදීම සම්බන්ධව ජේකොබ් සූමාට වසර 15ක සිර දඩුවම් නියම වී තිබිණ නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මග හරිමින් සිටි සූමා පසුගියදා ස්ව කැමැත්තෙන් පසුගිය බදාදා දින පොලීසියට භාර වීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ සිය දේශපාලන වීරයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන් පවසන්නේ සූමාගේ අනුප්‍රාප්තිකයා වූ සිරිල් රමෆෝසා තීරණාත්මක නායකත්වයක් ලබා දීමට අපොහොසත් වූ බවයි. එමෙන්ම ජනතාවගේ අඩු ආදායම් මට්ටම් සහ විරැකියාව ආදී ගැටළු හේතුවෙන් ජනතාව මත තිබූ පීඩනයද මේත් සමග පුපුරා ගිය බව ඔවුන්ගේ අදහසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි