×

හැමෝම සෙල්ෆි ගනිද්දී අපි…

මේ, ලෝකයේ ශීර්ෂපාඨ මැවූ ඡායාරූපයක්. ඉන්දියාවේ ගම්බද දරුවන් කණ්ඩායමක් තමන්ට හැකි අයුරින් සෙල්ෆියක් ගත් අවස්ථාවක්!


සෙල්ෆි කියන්නෙ මේ ලෝකෙ විලාසිතාවක්. ස්මාට් ෆෝන් එකක් අතේ තියෙන හැම කෙනෙක්ම ජීවිත කාලය තුළ එක් වතාවක් හෝ සෙල්ෆියක් අරගෙන ඇති. සමහරුන්ට නම් මෙය, රෝගයක් තරමටම උත්සන්න වුණු සමාජ ජාල පිස්සුවක්.

කොහොම වුණත් පසුගිය දවස්වල අන්තර්ජාලය පුරා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලවල වයිරසයක් මෙන් පැතිරුණු, ඒ කියන්නෙ වයිරල් වුණු ඡායාරූපයක් තමයි, මේ තියෙන්නෙ.

ඉන්දියාවෙ ගම්බද දරුවො පිරිසක්, තමන්ට තියෙන හොඳම ඇඳුමින් සැරසිලා සෙල්ෆියක් ගත්ත අවස්ථාවක්. ඒත් ඉතින් මේ දරුවන්ට මොන ස්මාට් ෆෝන්ද? ඔවුන් මේ සෙල්ෆිය ගන්නේ පරණ රබර් සෙරෙප්පුවකින්….

දුප්පත් කම සහ අහිංසක ළමා ලෝකය ගැන මේ ඡායාරූපය ප්‍රතිමූර්තියක් වුණා. මෙය මුල්ම වතාවට පළ වෙන්නේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය තුළයි. බෝමන් ඉරානි නමැති පුද්ගයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ… ඔහු එයට පහත සටහන යොදනවා.


“Things turn out best for the people who make the best of the way things turn out. 🙂 #Attitude #Innocence #HeartWarming #SelfieWithAFootwear”

බෝමන් ඉරානිගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මෙම ඡායාරූපය මුලින්ම පළ වී තිබිණි.

මේ ඡායාරූපය ඉන්දියාවේ ජනප්‍රිය සහ ප්‍රකට චරිතවල අවධානය සැණෙකින් දිනා ගත්තා. උදාහරණයක් විදිහට සුපිරි නළු අමිතාබ් බච්චන්, සුනිල් ෂෙට්ටි, බෝමන් ඉරානි වගේ අය මේ ඡායාරූපය රී පෝස්ට් කළා. ඒවගේම මාධ්‍ය වලින් ඒ ගැන කතා බස් කළා.

indiatvnews.com
indiatvnews.com

‘‘මේක තමයි අද දවසෙ මම අන්තර්ජාලයෙ දැක්ක මිහිරිම ඡායාරූපය. නමුත් මේක ෆොටෝෂොප් කරපු එකක්ද කියල හිතනෙවා..“ අමිතාබ් බච්චන්ට මේ ඡායාරූපය ගැන පොඩි සැකයක් මතු වෙලා…

නමුත් එය එසේ නොවන බව පසුව පැහැදිලි කළා.. ඇත්ත තමයි.. සමහර වෙලාවට මේ ලෝකය වසා පැතිරගෙන තියෙන දුප්පත් කම අපිට විශ්වාස කරන්නත් අමාරුයි..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි