×

පුටින් මේ සැරසෙන්නේ සාම සාකච්ඡා මුවාවෙන් තවත් ප්‍රහාරයකට ද?

පුටින් යුක්රේනයට එරෙහි තවත් ප්‍රහාරයකට මාන බලනවා ද?


යුක්රේනයේ සිටින රුසියානු සොල්දාදුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඉදිරිපත් වූ යෝජනාව විවිධ අන්දමින් අර්තනිරූපණය කිරීම මේ වන විට ආරම්භ වී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලිවර්ලි පවසා තිබෙන්නේ මෙලෙස රුසියානු සොල්දාදුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීම, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් උපායමාර්ගික වාසියක් බවට පත්කර ගැනීමේ සම්භාවිතාවයක් තිබෙන බවයි.

ද ටෙලිග්‍රාප් පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබෙන්නේ, යුක්රේනයේ සිටින රුසියානු සොල්දාදුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීම ඔස්සේ තම හමුදා භට කාණ්ඩ යළි ප්‍රති සංවිධානය කර ගැනීමට පුටින් ට අවස්ථාව උදාකරනු ඇති බවත්, ඒ තුළින් ඔහු යළි යුක්රේනයට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමේ අවදානමක් නිර්මාණය කරන බවත් ය.

එලෙස සාම සාකච්ඡා පවත්වන මුවාවෙන් තවදුරටත් රුසියානු හමුදා භට පුහුණු කොට යුක්රේනය වෙත එවීමටත්, වෙඩි ප්‍රහාර තවදුරටත් දියත් කිරීමටත් රුසියානු ජනාධිපතිවරයා කටයුතු කිරීමට ඉඩ තිබෙන බව හෙතෙම ද ටෙලිග්‍රාෆ් පුවත්පතට වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, දැනට දුබල වී සිටින තම හමුදා භට ඛණ්ඩ යළි ප්‍රතිසංවිධානය කර ගැනීමට ද මෙය මාර්ගයක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි