‘‘බටහිර ලෝකය පිටරටින් ගෙන එන විදේශීය වටිනාකම් වෙනත් රටවලට පැටවීමේ වගකීම් විරහිත ප්‍රතිපත්තිය නතර කළ යුතු බව‘‘ ද ඔහු කියා ඇත. මේ බව පුටින් පැවසුවේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සිය ධුරයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් පැවති සමු ගනීමේ සාදයකට සහභාගි වෙමිනි. එහිදී පුටින් ඇන්ජෙලා හට මල් කළඹක් තිළිණ කළේය.
චීනයට ද පෙර ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය වෙත සහාය පළ කර තිබුණේ රුසියාවයි. රුසියාව ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කර ගත් මධ්‍යම ආසියාවේ බලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමක නිරත බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.
1839–1895 සමයේ රුසියානු අධිරාජ්‍යය මධ්‍යම ආසියාව ඈඳාගෙන සිටියේය. එම කොටස හැඳින්වූයේ ‘රුසියානු තුර්කිමෙනිස්ථානය‘ යනුවෙනි. පසු කලෙක එය ‘සෝවියට් මධ්‍යම ආසියාව‘ ලෙස ද හැඳින්විණි.
19 වන සියවසේ කසාක් තැනිතලාවන් දෙවනත් කළේ රුසියානු අධිරාජ්‍ය හමුදාවයි. දශක ගණනක් තිස්සේ මෙම යටත් කර ගැනීම පැවතිණි.
මේ අතර විසි වන සියවසේදී දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇෆ්ගනිස්ථානය සෝවියට් සංගමය සමග මිත්‍ර සබඳතාවක් ගොඩ නගා ගත්තේය. සැබවින්ම ඇෆ්ගනිස්ථානයේ සංවර්ධන කටයුතු රාශියකට ද සෝවියට් සංගමය එකල සහයෝගය ලබා දී තිබේ. 1978 වසරේ ඔවුහු දෙරට අතර මිත්‍රත්ව ගිවිසුමකට ද අත්සන් තැබූහ. නමුත් එයට වසරකට පසු එනම් 1979 වසරේදී Operation Storm-333 යනුවෙන් ඇෆ්ගනිස්ථානය වෙත රුසියාව සිය සැබෑ මුහුණ පෙන්වූයේ ටජ්බෙග් මාළිගය ආක්‍රමණය කරමිනි. 1979 දෙසැම්බරයේ එල්ල වූ මෙම ප්‍රහාරයේ අරමුණ වූයේ ඇෆ්ගන් ජනපතිවරයා ඝාතනය කිරීමයි.
Operation Storm-333
ඒ අනුව දෙරට අතර පැවති ගිවිසුම්ගත මිත්‍රත්වය ආක්‍රමණයක් දක්වා වෙනස් විය. ඇතැම් විචාරකයන්ට අනුව, ඇෆ්ගනිස්ථානය තුළ ඉස්ලාම් මූලධර්මවාදී සංචරක සහ බලවේග නිර්මාණය වීමට මූලික සාධකයක් වූයේ මෙම රුසියානු ආක්‍රමණයයි. මේ අතර, රුසියාව ඇෆ්ගනිස්ථානය සමග උපක්‍රමික රාජ්‍ය සබඳතා පවත්වා ගනිමින් 1992 වසර දක්වා පැවති ඇෆ්ගන් රජයන්ට ද සහාය ලබාදුන්නේය. 1992 වසරේදී රුසියාවේ සහාය දිනාගත් ඇෆ්ගන් ආණ්ඩුව බිඳ වැටුණේය. නමුත් පසුව එම සබඳතා ශක්තිමත් විය. අද වන විට රුසියාවේ මොස්කව් නුවර ඇෆ්ගන් තානාපති කාර්යාලයක් තිබේ. ඇෆ්ගනිස්ථානයේ ද රුසියානු තානාපති කාර්යාලයක් තිබේ.
රුසියාව සමග ඇෆ්ගනිස්ථානය මිත්‍ර සබඳතාවක් මෑත ඉතිහාසය තුළ පවත්වාගෙන ගිය බවට හොඳින්ම පෙනී ගිය උදාහරණයක් වූයේ රුසියාව විසින් 2014 වසරේදී සිදුකළ ක්‍රිමියාව ඈඳා ගැනීමයි. ලෝකයෙන් බහුතර රටවල් මෙය ආක්‍රමණයක් ලෙස හෙළා දකිද්දී ඇෆ්ගනිස්ථානය වහාම ක්‍රිමියාව තුළ රුසියාවේ රාජ්‍යත්වය පිළිගත්තේය. මේ අන්දමින්ම අද වන විට රුසියාව ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබාන් රාජ්‍යත්වය පිළිගෙන තිබෙන්නේ සිය ඉතිහාසගත සතුරා වන ඇමරිකා එක්සත් ජනපදයට විරෝධය පෑමක් ද ලෙස ය.
උද්ගත ව ඇති තත්වය තුළ ඇෆ්ගන් දේශසීමාවන්ට රුසියානු හමුදාව යෙදවීමේ සැලසුමක් ද තිබේ.
කෙසේ නමුත් අප සිහිතබා ගත යුතු කාරණය වන්නේ අද වන විට විදේශීය මැදිහත්වීම් සහ විදේශීය කුමන්ත්‍රණ ගැන කියන පුටින්ගේ රුසියාව, අතීතයේ පටන්ම ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ද කර ඇත්තේ එයම වන බවයි. එකම වෙනස, රුසියාව බටහිර රටක් නොවීම පමණි.