×

ඉන්දුනීසියාවේ සුමාත්‍රා අහස කළු දුමාරයකින් වැසේ! සිනබන්ග් ගිනිකන්ද අවදි වන ලකුණු!!

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි සිනබන්ග් ගිනිකන්ද නැවත සක්‍රිය වන ලකුණු! ජීවිත අවදානමේ!!


ඉන්දුනීසියායේ සුමාත්‍රා දූපත් හි සිනබන්ග් ගිනිකන්ද අසල අහස කළු දුමාරයකින් වැසී යාමත් සමඟ ප්‍රදේශවාසීන් දැඩි කලබලයකට පත්ව තිබේ.

එරට බලධාරීන් පවසන අන්දමට සිනබන්ග් ගිනි කන්ද නැවත අවදි වී ඇති ලකුණු පෙනෙන්නට ඇති අතර, ඉදිරි කාලය තුළ පිපිරීම් ඇතිවීමේ අවදානමක් මේ වන විට උද්ගත වී පවතී.

පසුගිය ඉරු දින සුම්‍රාතා දූපත් අසල හටගත් මෙම කලු දුමාරය අහසේ කිලෝමීටර් 7ක පමණ පරාසයක් පුරා විහිදී ගොස් පැවතිණ.

සිනබන්ග් ගිනි කන්දේ හටගත් මෙම පිපිරීම සමඟ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, 2010 වර්ෂයේ පටන් මෙම අත්දැකීමට මුහුණ පෑම නිසා ගිනිකඳු සක්‍රියතාව හොඳින් අධ්‍යයනය කරන එරට බලධාරීන් අනතුරු අඟවන්නේ තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.  

2010 වර්ෂයේ ඉන්දුනීසියාවේ සිනබන්ග් ගිනිකන්ද සක්‍රිය වූ මොහොත

ඉන්දුනීසියානු විද්‍යාඥයින් පවසන අන්දමට, සිනබන්ග් පිපිරීම ඇතිවීමත් සමඟ පොළවේ පසු-කම්පන ධාරාවක් ඇතිවී ඇති අතර, මෙය සිදුව තිබෙන්නේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියත් පෙරවරු 6ත් අතර කාලයේ ය.

ගිනිකඳු පිපිරීමත් සමඟ වායුගෝලයට නිකුත් වූ විෂ දුමාරය නිසා එරට ප්‍රදේශවාසීන් හට සෑම විටම මුහුණු ආවරණ පැළඳ සිටීමටත්, නිවාස තුළට වී සිටින ලෙසටත් බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.

අඩි 8000ක් පමණ උසැති සිනබන්ග් කඳු ශිඛරය 2010 වර්ෂයේ පටන් ඉන්දුනීසියායේ පැවති සක්‍රියම ගිනිකන්ද බවට වාර්තා වෙයි. මෙම ගිනිකන්ද ශතවර්ෂ ගණනාවක් පුරා අක්‍රියව පැවති මුත් අනපේක්ෂිත අන්දමින් 2010 වර්ෂයේදී මුල්ම වරට සක්‍රිය වී පැවති අතර, එතැන් පටන් එම සක්‍රියතාව පිළිබඳ එරට බලධාරීන් විමසිල්ලෙන් පසුවන බවට වාර්තා වෙයි.

ඉන්දුනීසියාව තුළ දැනට ගිනිකඳු 130 කට අධික ප්‍රමාණයක් පවතී. එය ලොව වාර්තා වන විශාලතම ගිනිකඳු සංඛ්‍යාව ලෙසද කියවේ.

ඉන්දුනීසියාවේ විදේශ කටයුතු කාර්යාලය, කේලෝ කලාපයේ සිනබන්ග් ගිනිකන්දේ සිට කිලෝමීටර් 7 ක සීමාව දක්වා සියළු සංචාරක කටයුතු නතර කරන ලෙසටත්, බලධාරීන් හට එම සීමාව තුළ ජීවත් වන ප්‍රදේශවාසීන් ඉවත් කරගන්නා ලෙසටත් උපදෙස් ලබාදී තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස සියගණනක් මිනිසුන් ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දුනීසියාවට හටගත් රික්ටර් මාපකයේ 7.5 ක කම්පනයක් සහිත සුනාමි තත්ත්වයට පසු ජීවිත අවදානමක් හටගත් ස්වභාවික ආපදා තත්ත්වයක් ලෙස මෙම සිනබන්ග් ගිනිකන්ද නැවත සක්‍රිය වීම සැලකිය හැක.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි