×

වෝල්මාට්, ආයුධ හංගයි – ඇමරිකානු ජනාධිපතිවරණය නිසා සිවිල් කලබල ගැන බියක්

ඇමරිකාවේ වෝල්මාට් සමාගම, ආරක්ෂක උපක්‍රමයක් ලෙස සිය සාප්පු ජාලයන් හි තබා තිබෙන ගිනි අවි සහ පතරොම් යනාදිය ප්‍රදර්ශන කුටිවලින් ඉවත් කිරීමට තීරණය කළේය.


ඔවුන් පවසන්නේ මෙය වෝල්මාට් සේවකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා ගත් පියවරක් බවයි.

ලෝකයේ විශාලතම සිල්ලර භාණ්ඩ අලෙවි සමාගම වන වෝල්මාට් හි ශාඛා ඇමරිකාව පුරා 47,000 ක් තිබෙන අතර එයින් අර්ධයක මේ පියවර ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

මේ අනුව ගිනි අවි මිලට ගන්නා ඇමරිකානු පාරිභෝගියකන්ට ඒවා පෙර ඇණවුම් කර ලබාගත හැකිය. එම ගිනි අවි ප්‍රදර්ශනය සඳහා තබනු නොලැබේ.

මේ වන විට ෆිලඩෙල්ෆියා ජනපදයේ සිවිල් අසහනකාරී තත්වයක් ඇති ව තිබීම එයට හේතුවයි. පසුගිය සතියේ කළු ජාතිකයෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූ අතර, ජෝ බයිඩන් ඒ සිදුවීම තරයේ හෙළා දැක තිබුණේය.

පසුගිය මැයි මාසයේ දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා, සුදු ජාතික පොලිස් භටයෙකු විසින් ගෙළ පාගා මරා දැමීමේ සිද්ධියෙන් පසු වෝල්මාට් සමාගම මේ අන්දමින් සිය ප්‍රදර්ශන කුටිවලින් ගිනි අවි ඉවත් කර ගත් නමුත්, පවතින දේශපාලන වාතාවරණය තුළ දැන් මෙම ප්‍රශ්නයට නව මුහුණුවරක් ලැබී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි