×

X-Men යළි කරලියට? WandaVision වෘතාන්තය රසිකයින් ට කළ ඉඟිය!

මෙම වසරේ අග භාගයේදී WandaVision ඩිස්නි ප්ලස් ඔස්සේ රසිකයන් වෙත එනු ඇත.


පසුගිය ඉරිදා රාත්‍රියේ ඩිස්නි ප්ල්ස් ප්‍රදර්ශනය වන WandaVision හි පළමු ට්‍රේලරය නිකුත් කරමින් සිය රසිකයන් පුදුමයට පත් කිරීමට මාර්වෙල් සමාගම සමත් විය.නව ස්වරූපයකින් රසිකයන් වෙත එන Scarlet Witch හා Vision යන චරිත ද්විත්වය වටා මෙම කතාව ගෙතී ඇත. නමුත් මෙම ට්‍රේලලයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙය නම් මාර්වල් විසින් අලුතින් අත්පත් කරගත් ෆොක්ස් ආයතනය පිළිබදව දක්වන ඉඟියයි.

2017 සිටම ඩිස්නි ආයතනය උත්සහා කරමින් සිටියේ විනෝදාස්වාද ලෝකයේ ප්‍රමුඛයා වන ෆොක්ස් සමාගම අත්පත් කරගනීමටයි. ඉතා ඉහළ රසික ප්‍රතිචාර ඇති The Simpsons, James Cameron’s Avatar franchise හා the X-Men and Fantastic Four වැනි කතා මාලා සිය ඩිස්නි ප්ල්ස් ප්‍රදර්ශකය වෙත එක් කරගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටියහ.

මෙම ගනුදෙනුව අවසානයේ 2019 මාර්තු මාසයේදී අවසන් වූ අතර එතැන් පටන් රසිකයන් මහත් උනන්දුවෙන් බලා සිටියේ මෙම චරිත MCU සමඟ ඒකාබද්ධ වන්නේ කෙසේද යන්නයි. WandaVision ඔස්සේ එයට පිළිතුරක් ලැබී ඇත.

නව WandaVision ට්‍රේලරය දෙස සමීපව බැලීමෙන් ෆොක්ස්හී මාර්වල් නාමාවලිය තුළ සඳහන් වන සැඟවුණු කරුණු කිහිපයක් අධ්‍යයනය කළ හැකිය. ඉන් එකක් නම් S.W.O.R.D., or the Sentient World Observation and Response Department හදුන්වා දීමයි. මාවල්ට අයත් S.H.I.E.L.D හී අභ්‍යාවකාශ පිටපත වන S.W.O.R.D ගැලක්සි අතර තර්ජන වෙනුවෙන් සටන් වැදෙන ආයතනයක් වන අතර ඒ පිළිබදව මුල් වරට කතා කරන්නේ 2004, X-Men කොමික් කෘතියෙයි.

මීට අමතරව, ට්‍රේලරය කැන්ඩ්‍රින් හාන්ගේ චරිතය දෙස පළමු වරට ඉදිරිපත් කරයි, ඔහු WandaVision ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන විට “කරදරකාර අසල්වැසියෙකු” ලෙස විස්තර කරන ලදී. රසිකයන් අනුමාන කර ඇත්තේ හාන් සැබවින්ම අගතා හාර්ක්නස්ගේ ප්‍රතිනිර්මාණය කළ අනුවාදයක් රඟපාන බවයි. ඇයව හදුන්වා දෙනු ලබන්නේ Fantastic Four චිත්‍රපට ඔස්සේය. කොමික් කෘති වලට අනුව ඇය Scarlet Witch උපදේශකයෙකු ලෙස ක්‍රියා කරයි. ට්‍රේලරය මගින් හාන්ගේ චරිතය “ඇග්නස්” ලෙස නම් කර ඇති බව සනාථ කරන අතරම, මෙම න්‍යාය සත්‍යයක් දැයි බැලීමට අපි විමසිල්ලෙන් සිටිය යුතුය.

මෙම වසරේ අග භාගයේදී WandaVision ඩිස්නි ප්ලස් ඔස්සේ රසිකයන් වෙත එනු ඇත.

[embedyt]https://youtu.be/sj9J2ecsSpo[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි