×

‘එක්සත් ජනපදය සමඟ යුද්ධයක් ඇතිවන්නේ නම් එය ලෝකයට දරාගත නොහැකි ව්‍යසනයක් වනු ඇත’ ජෙනරාල් ලී ෂැංෆු

2018 වසරේදී රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් දී එක්සත් ජනපදය විසින් ජෙනරල් ලී වෙත සම්භාදක පනවා ඇත.


ආසියා පැසිෆික් කලාපයේ එකම වාර්ෂික ආරක්ෂක රැස්වීම වන සිංගප්පූරුවේ පවත්වන ෂැංග්‍රි-ලා සංවාදයට සම්බන්ධ වෙමින් චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයාවන ජෙනරාල් ලී ෂැංෆු පැවසුවේ එක්සත් ජනපදය සමඟ යුද්ධයක් ඇතිවන්නේ නම් එය ලෝකයට දරාගත නොහැකි ව්‍යසනයක් වනු ඇති බවයි.

ආරක්ෂක සමුළුවකදී ජෙනරාල්වරයා පැවසුවේ සමහර රටවල් ආසියාවේ අවි තරඟයක් උත්සන්න කරමින් සිටින බවත් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සීතල යුද මානසිකත්වයක් පෙළෙන බවත්ය. මීට අමතරව මෙහිදී තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාකාරීත්වය මෙන්ම චීනයේ මිලීටරි ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

2018 වසරේදී රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් දී එක්සත් ජනපදය විසින් ජෙනරල් ලී වෙත සම්භාදක පනවා ඇති අතර එම සම්බාධකවලට විරෝධය පළ කරමින් සෘජු මිලිටරි සාකච්ඡා සඳහා එක්සත් ජනපදය කළ ඉල්ලීම බීජිනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි