×

අපේ ලෝකය කොරෝනාවලින් වැසී යද්දී දුරස්ථ ග්‍රහලොවකට අසිරිමත් යකඩ වැස්සක්

පෘථිවි ග්‍රහලෝකය කොරෝනා වෛරසය විසින් වසා ගනිද්දී පෘථිවියේ බහිර් ග්‍රහලෝකයෙක් (එක්සොප්ලැනට්) ලෙස සැලකෙන WASP-76b වැසී ගියේ යකඩ වැස්සකිනි.


ඔව්, අහස කළු වළාකුළෙන් බර වී, ඉක්බිති අයන් බිඳිති මහ වැස්සක් වී වසින්නට පටන් ගත්තේය.

බහිර් ග්‍රහලෝක හෙවත් එක්සොප්ලැනට්ස් ලෙස හඳුන්වන්නේ අප අයත් සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පිහිටා තිබෙන ග්‍රහලෝකයන් ය.

ඇත්තෙන්ම මේ අයන් වැස්සෙන් පෙඟී ගිය WASP-76b පිහිටා තිබෙන්නේ පෘථිවියට ආලෝක වර්ෂ 640 ක් එපිටිනි. එය ජුපිටර් ග්‍රහයා මෙන් දෙගුණයක් විශාල ය. උෂ්ණත්වය ඔබට-මට සිතා ගන්නටවත් බැරි තරම් ලොකු අගයකි. එනම්, ෆැරන්හයිඩ් අංශක 4,350 කි.

මේ අධික උෂ්ණත්වය, අයන් හෙවත් යකඩවල තාපන අංකයට වඩා බෙහෙවින් ඉහළ අගයකි. ඒ නිසාම, මේ ග්‍රහලෝකයට ළඟා වන අයන්ෙ, එම තාපය විසින් වහාම වාෂ්ප බවට පත් කරනු ලබයි. ඉන්පසු ඒ අයන් වලට සිදුවන්නේ අතිශය කුඩා වාෂ්ප අංශු බවට පත් වී වැස්සක් සේ පතිත වන්නට ය.

පෘථිවිය මේ බව දැනගත්තේ කෙසේද? එක්සොප්ලැනට්ස් නිරීක්ෂණය සඳහාම තනා තිබෙන ESPRESSO නමැති අති ප්‍රබල දුරේක්ෂයේ ආධාරයෙනි.

ඉතින් අපේ පෘථිවියට මොනවා වුණත්-නොවුණත් විශ්වයේ අසිරිය නොනවතින්නේය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි