×

ට්‍රම්ප්ට එරෙහිව යුරෝපිය නායකයන් එක මිටට

අධිරාජ්‍යවාදයේ ස්වරූපයක්..


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය තමාට මිලදී ගැනීමට අවශ්‍ය බවත් එය එක්සත් ජනපදයේ කොටසක් විය යුතුබවත් ඊයේ(08)දිනයේදී ප්‍රකාශ කිරීමත් සමඟ යුරෝපා රටවල් බොහොමයක නායකයන් ස්වෛරී දේශසීමා වලට තර්ජනය කිරීමට එරෙහිව නැගී සිටිය යුතු බවට ප්‍රකශ කර තිබේ.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් විසින් මේ සම්බන්ධයෙන් කියා තිබුණේ, දේශසීමා උල්ලංඝනය කිරීමේ මූලධර්මය කෙතරම් බලවත් වුවද එය සෑම රටකටම අදාළ වන බවත්, අපගේ යුරෝපීය හවුල්කරුවන් සමඟ සාකච්ඡා වලදී, එක්සත් ජනපදයේ මෑත ප්‍රකාශයන් සම්බන්ධයෙන් නොසන්සුන්තාවයක් ඇති බව පැහැදිලිය හෙයින් අපි එකට නැගී සිටිය යුතු යයි X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර ඇත.

ප්‍රංශයේ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් ද මේ සම්බන්ධයෙන් සන්ධාන කර තිබුණේ, ලෝකයේ අනෙකුත් ජාතීන්ට, ඔවුන් කවුරුන් වුවද, එහි ස්වෛරී දේශසීමා වලට පහර දීමට විරුද්ධ විය යුතු බවයි.
එමෙන්ම ඊයේ දිනයේදී (08) මාධ්‍යවේදීන් අමතමින් ප්‍රංශ ආන්ඩුවේ ප්‍රකාශිකා සොෆී ප්‍රීමාස් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් තුල අධිරාජ්‍යවාදයේ ස්වරූපයක් ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි