×

යුක්රේන යුද්ධයේ සාම දූතයා ෂී ජින්පින් වන ලකුණු

යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව හුදකලා කිරීමට බටහිර නායකයින් පසුගිය පෙබරවාරි මාසයේ සිට උත්සාහ කරමින් සිටි අතර චීනය, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් පුටින් හෙළා දැකීමට අකමැති වීම හේතුවෙන් ගෝලීය සම්මුතියක් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.


යුක්රේනයේ උග්‍ර අර්බුදය සමථයකට පත් කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ඉදිරිපත් කරන ලද කරුණු 12ක් අඩංගු නව සැළැස්ම පිළිබඳව සලකා බලන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් චීන ජනාධිපතිගේ මොස්කව් සංචාරයේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඊයේ (20) දිනයේදී මොස්කව් වෙත ගෙඩබසින ලද චීන ජනාධිපතිවරයා ඉතා උණුසුම්ව පිළිගනු ලැබූ අතර සිය ආදරණීය මිතුරාගේ සැළැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට තමා සූදානම් බව මෙහිදී පුටින් ප්‍රකාශ කර තිබේ. මීට ප්‍රතිචාර වශයෙන් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ පුටින්ගේ ශක්තිමත් නායකත්වය යටතේ රුසියාව එහි සමෘද්ධිමත් සංවර්ධනයේ විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි.

මේ වන විට දෙරට අතර පවත්න තාක්ෂණික හා වෙළඳ ගනුදෙනු මිලීටරි සහයෝගයක් දක්වා වෙනස් වනු ඇති බවට යුක්රේනය බිය පලකර තිබේ. මේ සම්බන්ධයෙන් යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලොව් ප්‍රකාශ කර තිබුණේ රුසියාවට විවෘතව ආයුධ සැපයීමට චීනය පියවර ගන්නේ නම්, එය ආක්‍රමණිකයාගේ පැත්තේ සිට ගැටුමට සහභාගී වීමක් ලෙස යුක්රේනය සලකන බවයි.

මේ වන විට ඉරානය සහ සෞදි අරාබිය අතර ජයග්‍රාහී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වෙනුවෙන් මැදිහත් වී සාර්ථක වී ඇති චීනය මේ වන විට රුසියාව හා යුක්රේන ගැටුමට මැදිහත්වීමේ අවස්ථාව ගවේෂණය කරමින් සිටින බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ නමුත්, යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව හුදකලා කිරීමට බටහිර නායකයින් පසුගිය පෙබරවාරි මාසයේ සිට උත්සාහ කරමින් සිටි අතර චීනය, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් පුටින් හෙළා දැකීමට අකමැති වීම හේතුවෙන් ගෝලීය සම්මුතියක් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි