×

යුගයෙන් යුගයට වෙනස්වූවත් තැටිය මාරු නොකළ හොලිවුඩ් විනාසය වෙන්ඩ්ස්ඩේ සමඟ යළි පුංචි තිරයට!

පුදුමයක් නෑ නේද දැක්කාම...? හොලිවුඩ් විනාසයක් ම තමයි...


I’ll dance, dance, dance
With my hands, hands, hands…
මෙය ඇසුණු සැනින් ඔබේ අතෙහි ඇඟිලි එහෙ මෙහෙ උඩු දුවමින් නලියන බවක් සිදුවනවා නම් ඔබත් ඒ කුරිරු බදාදාවේ ප්‍රේක්ෂකයෙක් බව නොඅනුමානය.

“කළු” කියන්නේ අන්ධකාරයට සමාන වර්ණයකි. අඳුරු පැහැයන්ට කොලු ගැටයන් ප්‍රිය කළ ද පොඩි කෙලි පොඩිත්තියක් එලෙස ආසා කිරීම අස්වාභාවික වේ. මෙලෙස අන්ධකාරය සමඟ මියැදුන සිනාවක් ඇත්තියකුගේ හරි අපූරු කතාවකට දැන් අපි මුල පුරමු!

ඡායාරූප; Netflix


“Wednesday” බදාදා? මෙහෙම නමක් අපි දන්නා හත්මුතු පරම්පරාවේ කෙනෙකුටවත් නැති නමක් ය. කතාවට අලුත්ම මුහුණුවරක් ලබා ගන්නේ අන්නඑතැනින් වීම විශේෂත්වයකි.

Wednesday හි මූලාරම්භය සිදුවන්නේ කළු සුදු තිරයක ය. එනම් “The Addams Family” යන කතාංගය ඔස්සේ ය. ඇඩම්ස් පවුල යනු ඇමරිකානුකාටූන් ශිල්පී චාල්ස් ඇඩම්ස් විසින් නිර්මාණය කරන ලද කුතුහලය දනවන ප්‍රබන්ධ පවුලකි. මොකක් ද මේ ඇඩම්ස් පවුල කියන්නෙ, කවුද මේ Wednesday ?

ඡායාරූප; Smithsonian Magazine

ඇඩම්ස් යනු පශ්චාත් යුධ සමයේ සිටි ඇමරිකානු මධ්‍යම පාන්තික අරුම පුදුම සිද්ධීන් හා බැඳුණු උපහාසාත්මක පවුලක් කීවොත් මම නිවැරදිය. විකාරයෙන්සතුටු වන සහ අනෙක් පුද්ගලයින් ඔවුන්ගේ විකාරරූපී දේවල් වලින් බිය උපදවන බව නොදැන හෝ නොසැලකිලිමත් වන අමුතු පැරණි වංශයකි.

එකළ ඇඩම්ස් පවුල සමන්විත වන්නේ ගෝමස් සහ මෝර්ටිෂියා ඇඩම්ස් ප්‍රමුඛ ඔවුන්ගේ දරුවන් වන වෙන්ඩ්ස්ඩේ සහ පග්ස්ලි සහ සමීප පවුලේ සාමාජිකයන්වන ෆෙස්ටර් මාමා සහ ආච්චි ඇතුළු ඔවුන්ගේ වැඩකටයුතු බලන ලර්ච් සහ පග්ස්ලිගේ සුරතල් බූවල්ලා වන ඇරිස්ටෝටල් යන අය සමඟිනි. මීට අමතර තව විශේෂත්වයක් ගන්නා දෙයක් ලෙස “Thing” සැලකිය හැකිය.

ඡායාරූප; Channel 4

1964 දී, සජීවී ක්‍රියාදාම රූපවාහිනී කතා මාලාවක් ABC හි තිරගත වූ අතර එය වාර දෙකක් වශයෙන් උඩුගත කෙරිණි.

පසුව The Addams Family (1991) සහ Addams Family Values 1993 දී නිර්මාණය විය. සෘජු-වීඩියෝ චිත්‍රපටයක් සහ සජීවී-ක්‍රියාකාරී රූපවාහිනීකතා මාලාවක් ලෙස (1998-1999) නැවත කරළියට පැමිණියේය. 2019 දී සජීවිකරණ චිත්‍රපටයක් වන “ද ඇඩම්ස් ෆැමිලි” ලෙස ඔබ හමුවට ආ මෙමසිනමාංගය 2022 දී Wednesday ලෙස නවමු අයුරින් Netflix තුළින් ප්‍රේක්ෂකයන්ට ලබා දී ඇත.

ඡායාරූප; Town & country magazine

2022 නොවැම්බර් 18 දින ප්‍රේක්ෂකයන් ඉදිරියට ආ “Wednesday” Netflix හි දෙවන-වැඩිම පිරිසක් නරඹන ලද ඉංග්‍රීසි භාෂා කතා මාලාව බවට පත්විය. එයට ගෝල්ඩන් ග්ලෝබ් නාමයෝජනා දෙකක් ලැබුණු අතර හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නිළිය, සංගීතමය සහ ප්‍රහසන සිදිධීන් ඔස්සේරසික හදවත් පිනවා ලූ හරි අපූරු නිර්මාණයක් ලෙස නම් කෙරිණි. මෙය කතාංග 8කින් අවසන් වේ.

කවුද මේ “Wednesday Addams”?

ඡායාරූප; Allure

කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන කිසිම ෆැශනබල් ගතියක් නැති,අමුතු තාලයකට ජීවත් වෙන, කිසිම හැඟීමක් දැනීමක් නොමැති ලෙස හැසිරෙන කෙල්ලෙක් කීවොත් මම නිවැරදි ය. ඇය බොහෝ විට ප්‍රිය කරන්නේ අඳුරේ සිටීමට, අඳුරු පැහැ දේවල් වලට ය. ඇය සතු විශේෂ කුසලතාවය වන්නේ අන්කිසිවෙකුට නොමැති යම් මානසික බලයක් ඇයට පිහිටීම ය. යම් අයෙක් ඇයගේ ශරීරයේ හැප්පී සිදුවන ගැස්මෙන් Wednesday ඔහු හෝ ඇය ගේ ඉදිරිය දකී. Wednesday ගේ මව Morticia Addams වන අතර පියා Gomez Addams ය. Nevermore ඇකඩමිය වෙත ඇතුලත් කරන Wednesday ඒසඳහා යොමු කරන්නේ පෙර සිටි පාසල් වල කරනා නොමනා ක්‍රියාවන් හේතුවෙනි. කතාව පුරා ඇයගේ ක්‍රියාකලාපය, ඇයට මුණ ගැසුනු ප්‍රේමයේ රහ, මිත්‍රත්වයෙහි හැඟීම ආදී විවිධ පැතිකඩවල් නිරූපණය කරයි. Wednesday චරිතයට පණ පොවන්නේ Jenna Ortega ය.

ඡායාරූප; stuttgarter nachrichten
ඡායාරූප; Teen vogue
ඡායාරූප; seventeen magazine

Wednesday ගේ බර කරට ගෙන සිටින “Thing”

“Thing” කියන්නේ අතක්! අතක් කීවට නිකන්ම අතක් නෙවෙයි. පණ තියෙන, හැඟීම් දැනීම් දැනෙන, එහෙ මෙහෙ යා හැකි වෙනස්ම අයෙක්! Nevermore ඇකඩමිය වෙත යන Wednesday ට ආරක්ෂකයෙක්, අත් උදව්කරුවෙක් ලෙසින් විවිධාකාරයෙන් උදව් උපකාර කරන මොහු ටෙලිකතා මාලාව පුරා දැකගතහැකිය. අපි සමීපතමයන් හඳුන්වද්දී ” ආ.. එයා මගේ දකුණු අත වගේ. මට නැතිවම බැරි කෙනෙක්” කියනවා.. Thing කියන්නෙත් හරියට අන්න ඒ වගේ Wednesday ට නැතිවම බැරි චරිතයක්! Victor Dorobantu මෙම චරිතයට මනා සාධාරණත්වයක් එක් කරයි.

ඡායාරූප; Yahoo news
ඡායාරූප; GMA Network

Wednesday ගේ කුළුදුල් ආදරය!

ජෙරිකෝහි ප්‍රදේශයේ කෝපි හලක සේවය කරන ඒ කඩවසම් කොල්ලා නමින් Tyler Galpin ය. Wednesday සහ ඔහු අතර යම් කිසි ප්‍රේමවෘත්තාන්තයක්කතාව තුළ ඇඳී යයි. ප්‍රේමය කියන්නේ, ශෘංගාරය කියන්නේ ප්‍රේක්ෂකයෙන් කතාවකට නම්වා ගැනීමට ඇති හොඳම පුරුකක් ය. මෙම නිර්මාණයෙහි එයමනාව Wednesday සහ Tyler අතර ගලා යයි. පසුව යම් මතභේදාත්මක සිද්ධීන් කිහිපයක් ද ඔවුන් අතර සිදුවන්නේ Tyler ගේ සැබෑ තතු හෙළිවීමත්සමඟය.

Wednesday. (L to R) Hunter Doohan as Tyler Galpin, Jenna Ortega as Wednesday Addams in episode 107 of Wednesday. Cr. Vlad Cioplea/Netflix © 2022


“Xavier Thorpe” සිතින් විතරක් පෙම් කරන්නම්.. දුරින් හිඳ ඔබ දෙස බලන්නම්!

Xavier Thorpe කියන්නේ Wednesday ට සිතින් ප්‍රේම කරමින් ඇයට විශේෂ සැලකිල්ලක් දැක්වූ අයෙකි. ඔහු ද Nevermore ඇකඩමියෙහි ඉගෙනගන්නා ශිෂ්‍යයෙකි.

ඡායාරූප; Screen rant

පාට පාට ලෝකේ සිහින මවන්නිය – Enid Sinclair

පාට පාට ලෝකයක් තුළ, සිනහවෙන් සෑම විටම මුහුණ මලක් මෙන් පුබුදුවාගෙන ඉන්න ඒ කෙලි පොඩිත්තිය Enid Sinclair ය. ඇය Wednesday ටහාත්පසින්ම වෙනස් වූ ළමයෙකි. Wednesday ගේ ප්‍රතිවිරුද්ධ වූ ගති ලක්ෂණ, හැසිරීම් රටා පෙන්වන ඇය Wednesday ගේ කාමර සහයිකාවයි. Wednesday ගේ අඳුරු ලොවට එළියක් වූ ඇය නමින් Emma Myers ය.

ඡායාරූප; The news international
ඡායාරූප; CBR


මෙවැනි චරිත සමඟ බිහි වූ Wednesday කතාමාලාව නූතන ටෙලිසිනමාවට අභියෝගයක් එල්ල කළ හරි අපූරු නිර්මාණයකි. හැඟීම් දැනීම් නැති පපුවකද යම් තෙතමනයක් හරි තිබෙන බව කතාව නරඹන ඕනෑම අයෙකුට දැක බලා ගත හැක.

මේ සෑම දෙයකටම වඩා කතාවෙහි සුවිශේෂී අංගයක් වනුයේ සිව්වන එපිසෝඩයෙහි සාදයක ඉදිරිපත් කරන Wednesday ගේ අපූරු නර්තනයකි. Goo Goo Muck යන අමුතු ආකාරයේ සින්දුවකට ඇය ඉදිරිපත් කරන නර්තනය වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ Lady Gaga ගේ Bloody Mary සමඟය. එමනැටුමට Lady Gaga ගේ තනුව හරි අපූරුවට ගැලපීමක් දක්වයි. මෙම ලිපියට මූලාරම්භය වී ඇත්තේ ද Tiktok වැනි සමාජ මාධ්‍ය කළඹවමින් Wednesday ගේ අමුතු නැටුමට අලුත් මුහුණුවරක් දුන් ගී තනුවයි.

මේ පිළිබඳ Jenna කියා සිටියේ ඇයට නර්තන හැකියාවක් නොමැති වූවත් ඇය මෙය සිදුකල බවයි. Jimmy Fallon සමඟ The Tonight Show Starring වැඩසටහනට සම්බන්ධ වූ ඇය මේ පිළිබඳව වැඩිදුර කරුණු පවසා සිටියා ය.

ඉතින් Wednesday සමඟ අන්ධකාරයේ බදාදාවක හැඩ බෙදා ගන්න එන්න ඔබත් එකතු වෙන්න!

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි