×

හිම කුණාටු හේතුවෙන් ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ 10 දෙනෙකු මරුට

ඔස්ට්‍රියාවේ APA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, සෙනසුරාදා පමණක් Tyrol කලාපයේ හිම කුණාටු 30 ක් වාර්තා වී ඇත.


සති අන්තයේ දී ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයට බලපෑ හිම කුණාටු කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය ගිය අය අතර නවසීලන්තය, චීනය සහ ජර්මනියේ කඳු නගින්නන් හා සංචාරකයින් වන අතර ඔස්ට්‍රියානු බලධාරීන් ප්‍රදේශයේ දැඩි හිම පතනය පිළිබඳ අනතරු ඇඟවීම් ද නිකුත් කර තිබිය දී එය නොතකා හිම මත ලිස්සා යාම මේ මරණ රැසකට හේතු වී ඇත.

හිම කුණාටු රටවල් දෙකටම පොදු කරුණක් වන අතර ඔස්ට්‍රියාවේ APA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, සෙනසුරාදා පමණක් Tyrol කලාපයේ හිම කුණාටු 30 ක් වාර්තා වී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි