×

”මුහුදු සිංහයෙක් තල් මසෙකුගේ මුව තුළ” ඉතිහාසයේ ප්‍රථම වතාවට කැමරා ඇසකින්

................


චෙස් ඩෙකර් නම් 27 හැවිරිදි වනජීවී ඡයාරූප ශිල්පියා විසින් විශාල තල්මසෙකුගේ මුව තුළට යන මුහුදු සිංහයෙකු ඡායාරූප ගත කර ඇත. එවැනි අවස්ථාවක් මෙතෙක් ඡායාරූප ගත වී නොමැති අතර මේ ඉතිහාසයේ ප්‍රථම වතාව ලෙස සැළකේ. පසුගිය ජූලි 22වන දින කැලිෆෝනියා හී මොන්ටෙරේ බොක්ක ආශ්‍රිතව මෙම අවස්ථාව ඔහුගේ කැමරා ඇසට හසුවී තිබේ.

හම්ප්බැක් තල්මසුන් සහ මුහුදු සංයන් එකට පිහිනීම සාමාන්‍ය සිදුවීමකි. මෙම අවස්ථාවේදී තල්මසුන් තිදෙනෙක් සිය ගණනක් මුහුදු සිංහයන් සමග අයුරු දැක ගත හැකි වී ඇති අතර දිගු වේලාවක් මෙම සතුන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඡායාරූප ලබා ගැනීමට හැකිව ඇත.
චෙස් ඩෙකර් පවසන්නේ මෙය ජීවිත කාලයටම එක වතාවක් දැක ගත හැකි අවස්ථාවක් ලෙසයි.
හම්ප්බැක් තල්මසුන් ගේ මුඛයේ දත් පිහිටා නොමැති අතර ආහාර ජලයෙන් පෙර ගැනීමට අශ්‍ය ලෙස ඔවුන්ගේ මුඛය සැකසී ඇත.

චෙස් ට අනුව අනිවාර්යෙන්ම මෙම හම්ප්බැක් තල්මසාගේ මුවින් බේරෙන්නට මුහුදු සිංහයාට හැකි වන්නට ඇත.

තල්මසා සහ මුහුදු සිංහයා මෙන්ම ඩොල්ෆින් යනු එකම කණ්ඩායමක සිටින ක්ෂීරපායින් ය. බොහෝ විට ඔවුනොවුන් අනෙකාව ආහාරයට නොගනී. ඒ නිසාම ඔහු පවසන්නේ තල්මසා බේරී පලා යෑම සදහා මුහුදු සිංහයාට අවස්ථාව ලබා දුන් බවත් ඔවුන් බොහෝ විට මුහුදු සිංහයන් ඉදිරියේ සිය මුව විවිර නොකරන බවත්ය.

මේ හේතුවෙන්ම මෙම අවස්ථාව විරල එකක් බව චෙස් ඩෙකර් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි