×

චීන රජය, ජැක් මා ව අතුරුදන් කළා ද?

පසුගිය ඔක්තොබර් මස අග දී ඔහු චීන ජනපතිවරයා වන ෂී ජින් පිං ගේ කෝපයට හේතු වන ලෙස චීන නියාමන ක්‍රමවේදයන් විවේචනයට ලක් කරන ලදී.


ඊ-වාණිජ වෙළෙඳපොළෙහි දැවැන්ත සමාගමක් වන අලිබාබා සමාගමේ විධායක සභාපති සහ එහි නිර්මාතෘ ජැක් මා හදිසියේම නිහඩ වී ඇති බව විදෙස් වාර්ථා සදහන් කරයි.

පසුගිය ඔක්තෝබරයේ සිට ඔහු පිළිබදව කිසිදු තොරතුරක් දැන ගන්නට නොහැකි වී ඇති අතර කිසිවෙකුටත් ඔහුව දැක ගත නොහැකි වී ඇති බව වාර්ථා වේ

ඔක්තෝබර් මස අග දී ඔහු චීන ජනපතිවරයා වන ෂී ජින් පිං ගේ කෝපයට හේතු වන ලෙස චීන නියාමන ක්‍රමවේදයන් විවේචනයට ලක් කරන ලදී. ඔහු පවසා සිටියේ චීනයේ පවතින නියාමන ක්‍රමවේදය එරට නිවෝත්පාදනයට බාධ එල්ල කරන බවයි.

ඒ බව ඔහු පැහැදිලි කරමින් කියා සිටියේ චීනයේ වත්මන් මූල්‍ය ක්‍රමය කර්මාන්ත යුගයේ ප්‍රරාවෘතයක් වැන්නක් බවයි.

එකී ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවටද ඔහු විසින් අවධාරණය කර සිටියේය.

නමුත් ඉන් පසු ඔහුගේ අදහස් දැක්වීම් පමණක් නොව ඔහු පිළිබදව කිසිදු තොරතුරක් අනාවරණය කර ගන්නට නොහැකි වී ඇත. පසුගියදා ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ කළ “Africa’s Business Heroes” වැඩ සටහනේ අවසන් තරගයට ඔහුගේ සහභාගීත්වය දැඩිව අපේක්ෂා කරළද ඔහුගේ සහභාගීත්වය දැක ගත නොහැකි විය.

මේ පිළිබදව විවිධ පුද්ගලයින් විවිධ අදහස් ඉදිරිපත් කරනු ලබන අතර ඔහුගේ අතුරුදන් වීමට චීන රජයේ මැදිහත්වීමක් පවතින්නේදැයි සැකයක් ඉස්මතු වෙමින් පවතී.

ඒ ජැක්මාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සමග ඔහු විසින් වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියද ඈන්ට් ගෘප් සමාගමේ කොටස් නිකුතුව රජය විසින් තහනම් කිරීමත් සමගිනි.

මා වෙනුවට අලිබබා සමාගම විසින් වෙනක් විධායක නිලධාරියෙකු පත් කරන ලද අතරමෙතෙක් පැවති මා ගේ ඡායාරූපය සමාගම් වෙබ් අඩවියෙන් ඉවත් කරන ලදී. මෙම වසරේ ෂැංහයි ෂෙජියැන්ග් වාණිජ මණ්ඩල රැස්වීමේදී පෙනී නොසිටි ජැක්මා 2016 සිට සෑම වසරකම සමුළුව ඇමතූ අයෙකි.

බ්ලූම්බර්ග් වාර්ථා පවසන්නේ ජැක් මා හට චීනය හැර නොයන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මස මුලදී ඔහු වෙත රජයෙන් අනතුරු අගවා ඇති බවයි.

චීනයේ භාවිත වන සමාජ මාධ්‍යක් වන වෙයිබෝ හී පසුගිය කාලය තුළ කථා බහට ලක් වූ අතර එහිදී ජැක් මාගේ චීන නම සදහන් කරමින් ” මා යුන් ට චීනයෙන් පිටවීම තහනම් ” යන හෑෂ් ටැගය ප්‍රචලිත වුවද එයද එරට රජය විසින් වාරණයට ලක් කරන ලදී.

කෙසේ වුවත් මේ පිළිබදව එළි පිට අදහස් ප්‍රකාශයන් සිදු කිරීමෙන් වැළකී සිටීමට බොහෝ පිරිස් උත්සහා කරනු ලබයි. පසුගියදා අලිබාබා සේවකයෙකු වෙතින් බී බී සී සේවය විසින් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ නව වසර සදහා සූදානම් වීමට මා බොහෝ විට සෑම වසරකදීම පෙබරවාරියේ නිවාඩුවක් ගන්නා බවයි.

ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබද පර්යේෂණ ආයතනයක් වන පීටර්සන් ආයතනයේ පර්යේෂකයෙකු වන මාටින් චොර්සෙම්පා මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටින්නේ “ඔබේ සමාගම ඉතා සංකීර්ණ දේශපාලන තත්වයක සිටින විට ඔබට මහජන අවධානයෙන් සිටීමට අවශ්‍ය නැත.” යනුවෙනි.

කෙසේ වෙතත් මා වෙත එල්ල කෙරෙමින් පවතින සියළු මර්දනයක් අර්ථකථනය කළ හැක්කේ චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) ආන්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට බිය නොවූ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්ව සිටි ව්‍යාපාරිකයෙකු මත චීන ආණ්ඩුව රැදී පවතින බවයි.

ජැක් මා ගේ ඈන්ට් ගෘප් හී කොටස් නිකුතුව තහනම් කිරීමත් සමග ඔහු පිළිබදව ජනතා අදහස වූයේ ” ඊනියා මා යුන්ග් නමින් යුගයක් නොමැති බවත් ඔහු මා යුන් යනු යුගයේම කොටසක් පමණක් බවයි.

මෑත කාලීනව චීන ආණ්ඩුවේ මර්ධනාකාරී පිළිවෙතෙහි එකම හා පළමු ගොදුර ජැක් මා නොවන්නේය.

චීන ඇන්බන්ග් ඉන්ෂුවරන්ස් සමාගමෙහි නිර්මාතෘ ෂියා ඕහුයි ට වංචා සහ බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් වසර 18 ක සිර දඩුවමක් නියම කළේය. කොරෝනා වසංගතය අභිමුව චීන රජයේ ප්‍රතිචාරය විවේචනයට ලත් කළ ධනවතකු වූ රෙන් ෂිකියැන්ග් ද හදිසියේ අතුරුදන් විය. පසුගිය සැප්තැම්බරයේ ඔහුට වසර 18ක සිර දඩුවමක්ද හිමි විය.

මා ගේ මෙම අතුරුදන් වීමත් සමග චීනය තුළ ධනවතුන්ට උරුම වන මෙම ඉරණම පිළිබදව චීන පුවත්පතක් වන සිනොසියම් හී කතුවරයෙකු වන බිල් බිෂොප් පවසා සිටින්නේ

”“ඔබ කෙතරම් ධනවත් හා සාර්ථක වුවත් ඕනෑම වේලාවක ඔබේ පාද යටින් ඇති කඹය ඔබව ඕනෑම වෙලාවක ඇද දැමිය හැකි බව පක්ෂය නැවත වරක් සියලු පෞද්ගලික ව්‍යවසායකයින්ට මතක් කර දී තිබේ” යනුවෙනි.
මේ අතර පසුගිය සදුදා හොංකොං විනිමය හුවමාරුවෙහි හී අලි බාබා හී කොටස් 2.15% කින් පහත වැටුණි.

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි