×

උතුරු කොරියාවේ අර්තාපල් ප්‍රොපගැන්ඩාව

උතුරු කොරියාවේ මේ දිනවල ටෙලිවිෂනය හරහා දිගින් දිගටම දැකගන්නට ලැබෙන්නේ අර්තාපල් යොදාගෙන සිදුකරන ඉවුම් පිහුම් වේ.


මෙය හුදු නිරීක්ෂණයක් යැයි යමෙකුට කිව හැකි නමුත් උතුරු කොරියාව පිළිබඳ විශේෂඥයන්ට අනුව මෙය, රෙජීමය රටේ අනාගතය ගැන ඉතාම දැඩි සැලකිල්ලකින් යුතුව කණගාටු වන බව ඉඟි කර සිටියි.

උතුරු කොරියානු අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්යවරියක වන තතියානා ගාබ්රොවෙුසෙන්කෝ පවසන්නේ ‘‘උතුරු කොරියානු ඉවුම් පිහුම් වැඩසටහන්වල අර්තාපල් යොදාගැනීම වැඩි වී තිබෙනවා. අර්තාපල්වලින් පිසිය හැකි කෑම වර්ග ගැන නිතරම පැවසෙනවා.‘‘ යනුවෙනි.

‘‘සම්ප්‍රදායිකව අර්තාපල්වලින් සාදන කෑම වර්ගවලට අමතරව, සුදු හාල් වෙනුවටත්, බත් වෙනුවටත්, පිටි වෙනුවටත් අර්තාපල් යොදාගන්නා ලෙසට උතුරු කොරියානු පාලනය රූපවාහිනිය හරහා නිර්මාණශීලී ලෙසත් දැඩි ලෙසත් පවසනවා..‘‘ යැයි ද මහාචාර්යවරිය පවසයි.

උතුරු කොරියාවේ බොහෝ සිනමා නිර්මාණවලද ‘අර්තාපල් කතා‘ තිබේ. “On the Blesed Land” (2010) චිත්‍රපටයේ සම්පූර්ණ කතා තේමාවම අර්තාපල් විය. 2010 වසරේ දී තිරගත වූ මෙම චිත්‍රපයට ඇතුළු මේ වර්ගයේ චිත්‍රපට රැසක් දැන් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කරනු ලබයි. “Potato Pride” ගීතය ද (‘අර්තාපල් අභිමානය‘) ද නිතර නිතර ප්‍රචාරය වන බව පෙනේ.

මෙසේ සිදුවන්නේ ඇයි?

උතුරු කොරියානු ප්‍රොපගැන්ඩාව (ප්‍රචාරණ යාන්ත්‍රණය) තුළ අර්තාපල්වලට දීර්ඝ ඉතිහාසයක් ඇත.

‘‘අර්තාපල් කියන්නේ දුෂ්කර කාලයයි. සම්ප්‍රදායික උතුරු කොරියානු ආහාර වේල පදනම් වී තිබෙන්නේ සුදු බත් මතයි. සුදුබත් කොරියානුවන් සෞභාග්‍ය යේ ලකුණක් ලෙස සලකනවා.‘‘ යැයි මහාචාර්යවරිය පවසන්නීය.

1990 දශකයෙන් පසුව දරුණුම සාගතයට උතුරු කොරියාව මුහුණ දීමට නියමිත ව ඇතැයි බියක් පවතියි. 90 දශකයේදී උතුරු කොරියාව දැඩි ආහාර හිඟයකට මුහුන පෑවේය. සාගතය හේතුවෙන් දරුවන් ලක්ෂ ගණනක් මරණයට පත් වූහ.

Asia Times

මෙවර ඔවුන්ට කෝවිඩ්-19 සීමාකරණයන්, අධික වර්ෂාව හා ගංවතුර තත්වයන් මෙන්ම ආර්ථික සම්බාධක ද අත්විඳීමට සිදුවී ඇත. උත්තරීතර නායක කිම් ජොන් උන් අවසාන වතාවට (ඔක්තෝබර් මාසයේදී) ජාතිය අමතන අවස්ථාවේදී ඔහුට කඳුළු එන තරමට හැඟීම්බර වීම වළක්වාගැනීමට නොහැකි වූයේය.

මේ සියල්ල සලකා බලන විට පෙනී යන්නේ උතුරු කොරියාව විසින් දියත් කර ඇති ‘පොටේටෝ ප්‍රොපගැන්ඩා‘ – ‘අර්තාපල් ප්‍රොපගැන්ඩාව‘ සුබ ලකුණක් නොවන බව ය. 1990 දශකයේදී රට හාමත් වන විට නායකයා වූයේ වත්මන් නායක කිම් ජොන් උන්ගේ පියා වූ කිම් ජොන් ඉල් විය. උතුරු කොරියාවේ ‘අර්තාපල් විප්ලවය‘ ආරම්භ කළේ ඔහු විසින් වේ.

මූලාශ්‍රය – BBC – North Korea: Potato propaganda is back… but what does it mean?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි