×

වෙරි වුණාම මොකද වෙන්නෙ? – මත්පැන් ලෝකයට නැතුවම බැරි ඇයි?

මත්පැන් හෙවත් මධ්‍යසාර අද වන විට ලෝකයට නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබේ. ලෝකයේ ඇතැම් රටවල් මත්පැන් සලකන්නේ සිය දෛනික ජීවිතයේ කොටසක් ලෙස ය. නමුත් එහි අතීත කතාව එයට වඩා හාත්පසින්ම වෙනස් ය.


මධ්‍යසාර, එසේත් නැතිනම් ‘ඇල්කොහොල්‘ – “Alcohol” යන වචනයේ නිරුක්තිය අපට හමුවන්නේ අරාබි භාෂාවෙනි. අරාබි බසින් ‘අල්-කූල්‘ al-kuhl” යන්න පසුව ‘ඇල්කොහොල්‘ බවට පත්ව ඇත. නමුත්

ඇල්කොහොල් මහා පරිමාණයෙන් නිපදවීම, මහා පරිමාණයෙන් බෙදා හැරීම සහ නීතිගත වී තිබීම ලොව පුරා දැකගත හැකි පොදු ලක්ෂණයකි. මත්පැන්වල තත්වය මෙය වුවත්, මත්ද්‍රව්‍යවල තත්වය මෙය නොවේ. ඒ අනුව, මත්ද්‍රව්‍ය දෙස සතුරුකාරී ඇසින් බලන ලෝකය, මත්පැන් දෙස වෙනත් ඇසකින් බලන්නට යොමුවූයේ කෙසේද යන්න සොයා බැලීම වටියි.

අරාබි වැසියන් අල්-කූල් වෙත ලබාදුන්නේ අදට වඩා බෙහෙවින් වෙනස් තේරුමකි. ‘ශරීරය කා දමන ස්ප්‍රීතු‘ (“BODY EATING SPIRIT”) යන අර්ථය ඔවුන් එයට ලබාදුන් අතර, ඉංග්‍රීසි බසින් මධ්‍යසාරවලට “ghoul” යන හැඳින්වීම ලැබුණේ ද මේ අනුව ය.

ඝූල් යනුවෙන් සැබවින්ම හැඳින්වූයේ මිනිසුන් කා දමන යක්ෂයෙකි. නමුත් අල්කෙමි විද්‍යාවේදී ඇල්කොහොල් යන්න ‘ජීවයේ ජලය‘ සහ ‘ස්ප්‍රීතු‘ යන්න හැඳින්වීමට යොදන රූපකයකි. යම්කිසි ඒකකයක පවතින ජෛව ගුණය නිස්සාරණය කර ගැනීම සඳහා ඇල්කොහොල් යොදාගන්නා බව අල්කෙමි රසායනයේදී කියයි.

සැබවින්ම මත් වූ විට සිදුවන්නේ කුමක්ද?

එහිදී ද සිදුවන්නේ එකී ජීවී සෛලවලින් ජීවී ගුණය නිස්සාරණය කර ගැනීමයි.

මද පමණ නොදැන බොන විට මත්වීම ස්වභාවික ය. සිහිමද වන තරමට ඇල්කොහොල් පානය කළ විට සිදුවන දෙයට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ‘බ්ලැකවුට් වීම‘ කියා ය. එහි සරල අර්ථය ‘සිහිමුර්ඡා වීම‘ යි. එනම්, සිහිය නැති වන තෙක් මත්පැන් බීමයි. එදිනෙදා වහරේ ‘කණමදයා වගේ බීගෙන‘ යන්නෙන් අදහස් වන්නේ එම තත්වයයි.

අල්කෙමි විද්‍යාඥයෙකු වන ජේසන් චැරිසොෆ් මේ තත්වය මෙසේ විස්තර කරයි. ‘‘මත්පැන් පානය කිරීමෙන් පසුව කෙනෙක් බ්ලැකවුට් වේ නම් එහිදී අත්‍යාවශ්‍යයෙන්ම සිදුවන්නේ එකී මත්පැන් පානය කළ තැනැත්තාගේ ශරීරය වෙනත් ආස්ථිතියක් (එන්ටිටි) විසින් අත්පත් කර ගැනීමයි.‘‘

මෙම ‘අත්පත් කරගැනීම‘ ‘ආවේශයක්‘ ලෙස ද හැඳින්විය හැකිය.

බිව්වම ඉන්නෙ වෙන කෙනෙක්ද?

‘‘එයා සාමාන්‍ය ජීවිතේදි හරි හොඳයි. ඒත් බීගත්තම සතෙක් වගේ..‘‘ යැයි ඇතැම් අයගේ මත්පැන් චරියාව ගැන සමාජය කතා කරනවා ඔබට ඇසී තිබෙනවාද? සාමාන්‍යෙයන් චරිතයක් තුළ දැකගත නොහැකි බොහෝ අසාමාන්‍ය දේ මත්පැන් පානය කළවිට දැකගත හැකි වන ආකාරය ඔබත් දැක තිබෙනවාද?

කටහඬ වෙනස් වීම, ප්‍රචණ්ඩකාරී බව වැඩිවීම, sexual promiscuity හෙවත් වග විභාගයක් නැතිව ලිංගික සංවාසයේ යෙදීම, හානිදායක ක්‍රියාවන් හි නිරත වීමට ලොල් වීම, කලහකාරී හැසිරීම් ඇතුළු වෙනත් සෘණාත්මක බලපෑම් මෙයට ඇතුළත් ය.  

මොළයේ සිදුවන වෙනස්කම

විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට මධ්‍යසාර මගින් ස්නායු පද්ධතිය අවපීඩනයට ලක් කිරීමක් සිදු කරයි. මෙය දිගින් දිගටම සිදුවන විට මොළයේ සෛල මිය යන්නට පටන් ගන්නා අතර, මත්පැන්වල අන්තර්ගත විෂ, අක්මාව විසින් තැන්පත් කරගැනීම සිදුකරයි. ප්‍රතිශක්තිකරණය ද ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනියි.

දීර්ඝ කාලයක් දැඩි සේ මත්පැන්වලට ඇබ්බැහි වී සිටීම නිසා ස්ථූලතාවය, බුද්ධි හීනතාවය, සීඝ්‍රයෙන් හෝමෝන අසමතුලිත වීම වැනි දේ සිදුවන බව අපි දනිමු. ගර්භනී සමයේදී මත්පැන් පානය කිරීම නිසා දරු උපත්වල සංකූලතා සහ මවගේ මානසිකත්වයේ දරුණු බිඳවැටීම් හටගත හැකි බව ද අපි දනිමු.


https://ourworldindata.org/alcohol-consumption

මේ සියල්ල තිබියදීත් මත්පැන්, ගෝලීය මට්ටමෙන් පවා ප්‍රධාන ධාරාවේ සංස්කෘතීන් තුළ විශාල ලෙස ප්‍රමෝට් කරන බව ද මේ අතරවාරයේම අපට දැකගත හැකිය.

වෙරි වීම හැමවිටම නරකද?

මත්පැන් පානය මේ සා නරක නම්, එය ලෝකයේ මෙතරම් පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබෙන්නේ සහ, නීත්‍යානුකූල කර තිබෙන්නේ ඇයි?

පිළිතුර සරල ය. පර්යේෂකයන් පවසන්නේ මත්පැන් පානය නිසා ‘විෂනරි එක්ස්ප්ලැනේෂන්‘ එකක් හෙවත් ‘දෘෂ්ටිමය පුළුල් බවක්‘ ඇති වන බව ය. එය අධ්‍යාත්මික අවදි වීමක් ලෙස ද ඇතැම්විට හැඳින්වේ.

මත්පැන් පානයේ වාසි

ඒ අනුව මත්පැන් පානයේ වාසි කෙටියෙන් මෙසේ ය.

  • කායික සහ මානසික වශයෙන් සුවපත්වීමක් එයින් සිදු වේ.
  • බුද්ධිය තියුණු වීමක් සිදු වේ.
  • මොළයේ ස්නායුගත විද්‍යුත් ධාරා ගමන්, මනා රටාවකට අනුව සිදුවීම පටන් ගැනේ.
  • සිය ආත්මීය අරමුණ (soul purpose) සමග ඒකාත්මික වීමට පහසු කරයි.

බොහෝ කලාකරුවන්, සංගීතඥයන් පමණක් නොව, විටෙක මහා බුද්ධිමතුන් සහ තාක්ෂණික විශේෂඥයන් පවා මත්පැන් පානයට ලොල් වීමේ රහස අවසාන හේතුව මගින් පැහැදිලි කරයි.

නමුත් පෞද්ගලික ජීවිතයට මෙන්ම සමාජයීය ජීවිතයට ද මත්පැන් පානය නිසා අති දැවැන්ත බලපෑමක් සිදුවන බව මේ සියල්ල මගින්ම අපට පැහැදිලි කර දෙන පරම සත්‍යය ද වේ.

එනිසා, කළ හැකි හොඳම දෙය, පමණ දැන මත්පැන් පානය කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි