×

අත්‍යුද්ධමනයෙන් බැටකන වෙනිසියුලාවේ අද තත්ත්වය

මේ වන විට වෙනිසියුලාවේ උද්ධමන වේගය පසුගිය මාස 12ක කාලය ඇතුලත 1,300,000% ලෙස දැක්වේ.


වසර කිහිපයක් තිස්සේ වෙනිසියුලාව මුහුණ දෙමින් සිටින බරපතල ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට අසාර්ථක රාජ්‍යයන් අතරට එක්වෙමින් පවතී.

දරා ගත නොහැකි උද්ධමනය, විදුලිය බිද වැටීම, ආහාර හිගය, සෞඛ්‍ය පහසුකම් පහත බැසීම, මිලයන ගණනක් වෙනිසියුලානුවන් රට හැර යෑම මේ වන විට වෙනිසියුලාව මුහුණ දී ඇති අතුරු අර්බුධ වලින් කිහිපයකි.

මෙවැනි තත්ත්වයක් තිබියදීත් හිටපු ජනපති නිකොලායි මධුරෝ නැවතත් වෙනිසියුලාවේ ජනපති ධූරයේ දිවුරුම් දෙන්නට සූදානම් වන්නේ තවත් වසර 6කටය.

ඔහුගේ දේශපාලනය යටතේ පවතින වෙනිසියුලාවේ ආර්ථිකයට මේ සිදුවී ඇත්තේ කුමක්ද?

මේ වන විටත් වෙනිසියුලාවේ සිදු වන්නේ කුමක්ද?
වෙනිසියුලාවේ මුදල් ඒකකය ක්‍රමයෙන් පහත වැටෙන්නට පටන් ගැනීමත් සමග භාණ්ඩ මිල ඉතා වේගයෙන් අහස උසට ඉහළ ගියේය. මෙය අති උද්ධමනය ලෙස හැදින්වේ. එනම් මූලික අවශ්‍යතා සපුරාලන භාණ්ඩ පවා ඉතා වේගයෙන් ඉහළ යෑමයි. මේ වන විට වෙනිසියුලාවේ උද්ධමන වේගය පසුගිය මාස 12ක කාලය ඇතුලත 1,300,000% ලෙස දැක්වේ. එය අපට අදහා ගත නොහැකි තරමේ මිල ඉහළ යෑමකි. සෑම දින 19කට වරක්ම වෙනිසියුලාව තුළ සෑම භාණ්ඩයකම මිල දෙගුණ වන්නේය.
උදාහරණයක් වශයෙන් වෙනිසියුලාවේ අගනුවර කැරකස් හී කෝපි කෝප්පයක මිල එරට මුදල් ඒකකය බොලිවාර්ස් 400කි. එනම් ඩෝලර් 0.62කි.

මෙය සිදු වූයේ කෙසේද?
වෙනිසියුලාව යනු සැබවින්ම ලොව පොහොසත්ම රටවලින් එකක් වීමේ වාසනාව තිබූ රටකි මන්ද එය සතුව ලොව විශාලතම ඉන්ධන සම්පත හේතුවෙනි. නමුත් ඔවුන් ඉන්ධන මතම යැපෙන්නට පටන් ගැනීමත් සමග ඔවුන්ගේ අපනයනයන්ගෙන් සියයට 95ක්ම ඉන්ධන මත රදා පැවතිණි.නමුත් 2014 වසරේ ඉන්ධන මිල පහත බැසීමත් සමග ඔවුන්ගේ අපනයන ආදායම සීග්‍රයෙන් පහත බසින්නට විය. සියලු භාණ්ඩ විදේශයන් මගින් ආනයනය කළ වෙනිසියුලාවේ ආනයන ආදායම සීගයෙන් ඉහළ ගියේ අපනයන ආදායම දරා ගත නොහැකි ලෙස පහත හෙලීමත් සමගිනි. මන්ද ඔවුන්ගේ මුදල් ඒකකය පහත වැටීමත් සමග විදේශීය මුදල් ඒකක ඉහළ අගයක් ගැනීමත් හේතුවෙනි. වෙනිසියුලාව මුහුණ දෙමින් සිටින අත්‍යුද්ධමනයට හේතුව මෙය වෙයි.
එමෙන්ම රජය අමතර මුදල් මුද්‍රණය කිරීමට පෙළඹීමත් මෙයට හේතු විය. තවද වෙනසියුලා රජය ණය ලබා ගැනීමද ඉහළ යන ලදී.

මෙම අර්බුධය විසදන්නට වෙනිසියුලා රජය සිදු කලේ කුමක්ද?

මූලික ලෙසම රජය මීට මූලික පිළියම ලෙස නව මුදල් ඒකකයක් හදුන්වා දෙනු ලැබී අතර එය “sovereign bolivar”ලෙස හැදින්වීය. ඒ අනුව නෝට්ටු අටක් 2,5,10,20,50,100,200 සහ 500 ලෙස විය.
නමුත් මෙම මුදල් ඒකකයද හදුන්වා දුන් දිනයේ සිට එය පහත වැටීම ආරම්භ විය. දිගින් දිගටම අවම වැටුප් ප්‍රමාණය ඉහළ දමන්නට සිදු විය. නව විසදුමක් සදහා ඔවුන්ගේ ක්‍රියාමාර්ගය අසාර්ථක විය.

ජනතා විරෝධය ට හේතුව?
1999 වසරේ සිට පත් වූ සමාජවාදී රජයේ මුල් අදියර හ්‍යුගෝ චාවේස් යටතේද, පසුව නිකොලායි මධුරෝ යටතේද පැවතින. චාවේස් පාලනය යටතේ වෙනිසියුලාව කාලයක් තිස්සේ පැවති සමාජ අසමානතාව අවම කළ අතර ඔහු හදුන්වා දුන් සමහර ප්‍රතිපත්ති දුප්පතුන් වෙත පෙරළා පහර දුනි. ඒවායින් සමහරක් වූයේ මිල පාලනය, දුප්පතුන්ට මූලික භාණ්ඩ ලබා ගැනීමට පහසු කරවීම, පිටි සදහා සිගවුණ මිල සහ ආහාර පිසීමේ තෙල් , සහ තවත් ආහාර වර්ග ලාභ නොලභා ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීම ආදියයි.
මෙම තත්ත්වය දිගින් දිගටම වෙනිසියුලාවේ ආර්ථිකයට බලපෑම් කළ බව එහි ඇතැම් පුද්ගලයන්ගේ දෝෂාරෝපණයයි. නමත් තවත් අය පවසන්නේ මෙය විරුද්ධ පාක්ෂිකයන්නේ කුමන්ත්‍රණ වල ඵලවිපාකයක් බවයි. ඒ අනුව ඔවුන් විසින් ඇමරිකානු කොලොම්ඹියානු සහය මත වෙනිසියුලාවේ කඩා වැටීමට මග පෑදු බව ඔවුහු පවසති. ඇමරිකා එක්සත් ජනපදය මගින් පැනවූ ඇතැම් සම්බ්ධක ඊට හේතු වී ඇත.
තවත් අය පවසන්නේ චාවේස්ගේ රජයට පෙර පැවති තත්ත්වයට වඩා මේ වන විට තමන්ට ප්‍රතිලාභ ලැබෙන බවයි. ඒ රජයේ වැඩසටහන් වලින් තමන්ට සෘජුව ප්‍රතිලාභ ලැබෙන බවයි. ඒ අනුව ජනපති මධුරෝ නැවත මැතිවරණය ජය ගෙන ඇත.

වෙනිසියුලානු වැසියන්ගේ ජීවිත‍

වෙනිසියුලානුවන් පිරිසක් හදවතින්ම පවතින රජයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටියදී තවත් පිරිසක් 2014 වසරේ සිට රට හැර යමින් සිටී. එක්සත් ජාතීන්ගේ වාර්ථාවන්ට අනුව සමස්ත ජනගහනයෙන් 10%ක් පමණම රට හැර ගොස් ඇති අතර ඔවුන් වැඩි වශයෙන් සංක්‍රමණය වන්නේ බටහිර අර්ධගෝලයේ පිහිටි රටවල් වලටයි. කොලොම්බියාව, පේරු,චිලී,සහ දකුණු බ්‍රසීලයටද ඔවුන් වැඩි වශයෙන් සංක්‍රමණය වී ඇත. වෙනිසියුලානුවන් 200000මේ වන විට ස්පාඤ්ඤයට සංක්‍රමණය වී ඇති අතර ඔවුගෙන් බෙහෝමයක් 1950-60 වසර වලදී වෙනිසියුලාවට ස්පාඤ්ඥයේ සිට පැමිණි ස්පාඤ්ඤ ජාතික දෙමවුපියන්ගේ දරුවන්ය.

රට තුළ නැවතී සිටින වෙනිසායුලානුවන්ගේ ජීවිත.

රජයේ සියලු උත්සහයන් පසෙක ලා වැඩිවෙමින් පවතින භාණ්ඩ මිල ජන ජීවිත වලට දැඩි බලපෑම් එල්ල කරමින් සිටී. මේ වන විට ඔවුන්ගේ අවම මාසික වැටුප බොලිවාර්ස් 4500කි. එරට සුපිරි වෙළද සැල් වල ඉතිරිව ඇත්තේ හිස් රාක්කවලිනි. මේ මෙහෝත වන විට ජලය හිගයක්ද විදුලිය නොමැති වීමද ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය බිද වැටීමද සිදුවෙමින් පවතී. විදුලිය නොමැති වීමත් ඒ හෝතවෙන් ජලය නොමැති වීමත් හේතුවේන් රටේ සෞක්‍ය පහසුකම්ද සැලසිය නොහැකි තත්ත්වයක් ඉස්මතුව ඇත. දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය මේ වන විට ඉහළ ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි