×

Ismail Haniya ගැන ඊශ්‍රායලය හෙළිකල දේ!

අද (24) දින හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියා තම ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවට ඊශ්‍රායලය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (24) දින හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියා තම ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවට ඊශ්‍රායලය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියා පසුගිය ජූලි මාසයේ දී ඉරානයේ ටෙහෙරාන් අගනුවරට එල්ල කළ ඊශ්‍රායලය ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණි.කෙසේ වුවද තම ප්‍රහාරයකින් හමාස් නායකයා ජීවිතක්ෂයට පත්වු බවට ඊශ්‍රායලය තහවුරු කළේ පළමු වරටයි.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ සමුළුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ අතර යේමනයේ හුති කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් අඛණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කරන බවට ද ප්‍රතිඥා දී තිබෙන අතර, ගාසා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට ඉතා ආසන්න මට්ටමට පැමිණ ඇති බව, ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.

හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සාකච්ඡාවන්හි 90%ක් සම්පුර්ණ කර ඇති වුවද, සටන් විරාමය ක්‍රියාත්මක වන කාලවකවානුව හෝ එහි එකඟතාවයන් සම්බන්ධයෙන් ඔහු අදහස් ප්‍රකාශ කර නැති බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි