×

පොහොසත්ම රටේ දුප්පත්ම නගරය ”එස්කොබෙරෙස්”

වෙලාවකට අපට කෑමට දෙයක් නැහැ. බොහෝ විට මෙහි කවුරුන් හෝ කවුරුන් විසින් හෝ මරා දමනවා …



ඇමරිකා ඒක්සත් ජනපය සැළකෙන්නේ ලෝව පෙහෝසත්ම රට ලෙසය . නමුත් ඒ පෙහෝසත්ම රටේ පිහිටි දුප්පත්ම නගරය අප සිතනවාටත් වඩා දුප්පත්ය.
එස්කොබෙරෙස්.. ඒ ඇමරිකා එක්සත් ජනපදයට අයත් ඇමරිකා හා මෙක්සිකෝ දේශ සීමාවේ පිහිටි නගරයකි. ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කරන රියෝ ග්‍රෑන්ඩ් ගංගාව අසබඩ පිහිටි මේ එස්කෙබරෙස් නගරය ඇමරිකාවේ නගර අතර වැඩිම ජනගහණයක් සිටින නගරයයි.

මෙහි සිටින නගර වැසියන් ගණන 2512කි. හරි හැටි ස්ථිර නිවාස ඇත්තේ මෙහි වැසියන්ගෙන් ඉතා ස්වල්ප දෙනෙකුට වන අතර ඔවුන් බෙහෝමයක් දෙනා රැකියා විරහිතය. ඒ නිසාම එස් කොබෙරෙස් හී නගර වැසියන් සියයට 62.4%ක් සිටින්නේ සිළිදු බවේ සීමාවෙන් පහත මට්ටමේය.

වෙලාවකට අපට කෑමට දෙයක් නැහැ. බෙහෝ විට මෙහි කවුරුන් හෝ කවුරුන් විසින් හෝ මරා දමනවා …. එහෙමත් නැත්නම් අපරාද බෙහෝමයක් සිදු වෙනවා… අප මෙතරම් දුප්පත් වී සිටින්නේ මේ නගරයේ සිටින අපරාධ සහ ජාවාරම් නිසයි…

එසේ පවසන්නේ නගර වැසියෙක් විසිනි.

නගරයේ සෑම දිනකම පාහෝ කුමන හෝ අපරාධයක් සිදු වන බව ඔවුන් කියයි. ඉතා අවම පහසුකම් යටතේ සිය අවශ්‍යතා සපුරා ලගැනීමය එස්කොබෙරස් වැසියන්ට සිදුව ඇත.

මට දරුවන් හය දෙනෙක් සිටියා ඔවුන් 5 දෙනෙක් මිය ගියා .. මට හිතෙන්නේ වෛද්‍යවරුන් ඔවුන්ව මරා දැමුවා කියලයි.
සිය සෞඛ්‍ය පහසුකම් ගැන එසේ පවසන්නේ එස්කොබෙරස් හී මවක විසිනි.
අඩුම තරමේ රෝහලේදී සිය දරුවන් මිය ගියේ කෙලෙසද යන්න වත් ඇය දැන නොසිටියාය.

මිලියන 40ක ජනගහනයක් සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දරිද්‍රතා අනුපාතය සියයට 12.3කි. නමුත් මෙම නගරයේ දරිත්‍රකා මට්ටම පවතින්නේ ඊට වඩාත් ඉහළිනි.

2005 වන තෙක්ම ඇමරිකා එක්සත් ජනපදයට එක්කොබෙරස් නමින් නගරයක් නොවීය. නිළ වශයෙන් මෙම නගරය පිහිටුවන්නේ 2005 වසරේදීය.
නගරයක් පෙලස නිළ වශයෙන් පිළිගන්නා තුරු ඔවුන් ඒ ගැන ඉතා කැමැත්තෙන් සිටියද තමන් අයත් රටේ දුප්පත්ම නගර වැසියන් වීම සම්බන්ධව ඔවුන්ට ඇත්තේ කණගාටුවකි.

විරැකියාව නිසා එස්කොබෙරස් හී තරුණ තරුණියන් රැකියා සොයා නගරයෙන් පිටට ඇදෙන්නෝය. නමුත් ඔවුන්ට වඩා හොද රැකියාවක් ලබා ගත හැක්කේ කලාතුරකිනි.

නගරවැසියන් සියල්ලන්ගේම බලා පොරොතුත්ව ඇමරිකානු රජයේ සහයෝගය තමන්ට ලැබෙනු ඇතැයි යන්නය. නගරයේ සිදු වන අපරාධ අඩු කිරීමටත් දුප්පත් බව දුරලීමටත් සිය රටේ සහයෝගය තමන් වෙත ලැබෙන තෙක් බලා සිටින බව එහි වගරාධිපතිවරයා පවසන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි