×

ට්‍රම්ප්ට නොදෙවෙනි මෝදි, පුද්ගලයින් මිලියන 1.9ක් මවුබිමක් නැති මිනිසුන් බවට පත්කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන හින්දු ජාතිකත්ව භාරතීය ජනතා පක්ෂය කාලයක් තිස්සේ නීති විරෝධී සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටමං කළ යුතුය යන ප්‍රතිපත්තියේ සිටියි.


ඉන්දීය අගමැති නරේන්දු මෝදි ගේ රජය විසින් සිය රටවැසියන් ලෙස පිළිගත නොහැකි පුද්ගලයින් මිලියන 1.9ක් සිටින බව අනාවරණය කරයි. ඒ ඉන්දියානු පුරවැසියන් ලියාපදිංචිකිරීමේ නාම ලේඛනය නිකුත් කරමිනි.

තම රටට අයත් නොව පිරිසක් රටේ සිටින බව මේ අයුරින් ඉන්දීය රජය සනාථ කරන්නට උත්සහ කරන්නේ 1951 වසරට පසුවයි.

ඉන්දීය පුරවැසියෙකු ලෙස ලියාපදිචි කර ගැනීමටනම් ඔවුන්ට තිබිය යුතු සුදුසුකම වන්නේ 1971 මාර්තු 24ට පෙර ඔවුන් ඉන්දියාවට පැමිණි බව සනාථ කිරීමයි. ඒ බංග්ලාදේශය පාකිස්ථානයෙන් නිදහස ලබා ගත් බවට සනාථ කළ දිනයයි.

මෙම පුද්ගල නාමලේඛනය සැකසීම පසුගිය වසරේ ආරම්භ කළ අතර එයට අනුව රටින් පිටුවහල් කෙරුණ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 4කි. එසේ ඉවත් කෙරුණ පුද්ගලයින් සහ මෙවර ලියාපදිංචි ලේඛනයේ නම් සටහන් නොවුන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ උතුරු නැගෙනහිර පිහිටි ඇසෑම් ප්‍රාන්තයේ ජීවත් වූ පිරිස්ය.

පුරවැසි රෙජිස්ටරයෙන් ඉවත් කරන ලද පුද්ගලයින් සදහා අභියාචනා ඉදිරිපත් කිරීමට ඉන්දියාව විසින් දින 120ක කාලයක් ලබා දී තිබේ. ඉන්දියාව පවසන්නේ ඔවුන්ගෙන් වැඩි පිරිසක් බංග්ලාදේශයෙන් ඉන්දියාවට පැමිණි නීති විරෝධී සරණාගතවයින් බවයි. මේ වන විටත් තවත් දහස් ගණනින් ජනතාවක් ඉන්දීය සිරකදවුරු ආශ්‍රිතව පිහිටි සරණාගත කදවුරු වල රදවා තබා ඇත. ඔවුන් සම්බන්ධයෙන් කුමන පියවරක් ගන්නවාද යන්න තවමත් නිශ්චිත තීරණයකට පැමිණ නැති බව ඉන්දීය රජය පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන හින්දු ජාතිකත්ව භාරතීය ජනතා පක්ෂය කාලයක් තිස්සේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටමං කළ යුතුය යන ප්‍රතිපත්තියේ සිට ක්‍රියාකරමින් සිටියි.

පුරවැසි ලියාපදිංචි ලේඛනය NRC යනු

1951 වසරේ දී මුලින්ම ඇසෑම් ප්‍රාන්තයේ උපත ලද පිරිස් වීම හේතුවෙන් ඉන්දියානු පුරවැසියන් ලෙස හදුනාගත් පුද්ගලයින් සහ බංග්ලාදේශයෙන් ඇසෑම් ප්‍රාන්තයට පිටින් පැමිණි පිරිස් සංක්‍රමණිකයන් ලෙස හදුන්වමින් මුල්ම වකාවට මෙම පුරවැසි ලියාපදිංචි ලේඛනය සකස් කෙරිණ.ඉන්දීය රජය විසින් එම ලේඛනය නැවත යාවත්කාලීන කර ඇත්තේ මෙම වසරේදීය.

ඉන්දියාවේ ජීවත් වන පවුල් තමන්ගේ පෙළපත එසේ නැතිනම් තමන් ඉන්දියානු පුරවැසියන් වන්නේ කෙසේද යන්න පිළිබද ලියකියවිලි මෙම ලියාපදිංචියේදී ඉදිරිපත් කළ යුතුය.
එසේ ඉදිරිපත් කළ නොහැකි පිරිස් ඉන්දියානුවන් නොවන පිරිස් බවට නම් කෙරේ.

පුරවැසියන් ලියාපදිංචි ලේඛනය සැකසීමේදී වැඩි අවධානයක් ඇසෑම් ප්‍රාන්තයට යොමු කරනු ලබන්නේ ඇසෑම් යනු ඉන්දියාවේ වැඩිම බහුවාර්ගික ජන පිරිසක් ජීවත් වන ප්‍රාන්තය වීම හේතුවෙනි. එමෙන්ම තම පුරවැසිභාවය පිළිබද ගැටළු පවතින බොහෝ පිරිසක් ඇසෑම් හී ජීවත් වෙයි. ප්‍රාන්තයේ තුනෙන් එකක් එනම් මිලියන 32ක් මුස්ලිම් ජාතිකයන් ජීවත් වන අතර කාශ්මීරයට පසු ඉන්දියාවේ වැඩිම මුස්ලිම් ජාතිකයින් පිරිසක් ජීවත් වන ප්‍රදේශය ඇසෑම් ප්‍රාන්තයයි. ඔවුන්ගෙන් වැඩි පිරිසන් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉන්දියාවට සංක්‍රමණය වූ පිරිස් වෙයි.

පුරවැසියන් නොවන අයට සිදු වන්නේ කුමක්ද

පුරවැසි ලියාපදිංචි ලේඛනයේ සිය නම් සටහන් නොවූ පිරිස් වලට ලැබී ඇති සහනය අභියාචනා ඉදිරිපත් කිරීම පමණකි. ඔවුන් ඒ සදහා වන ඉන්දීය අධිකරණය අභියාචනා කළ යුතුය. අධික නඩු ප්‍රමාණයක් පිරුණු ඉන්දියාවේ අධිකරණ තුළ සිය අභියාචනයක් කර මොවුන්ට වසර ගණනාවක් ඒ සදහා අරගල කරන්නට සිදු වනු ඇත. මීට ඉහතදී අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු 1964 වසරේ සිට සිය රටට අයත් නොවන සහ විදේශිකයන් ලෙස අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පුද්ගලයින් සංඛ්‍යාව 100000 ට අධික වෙයි.

ඇසෑම් හී අධිකරණ 200ට වඩා පිහිටා ඇති අතර ඒවා ඉදිරියේදී ඔවුන්ගේ අභියාචනා වලින් පිරී යනු ඇති බවට අපේක්ෂා කෙරේ. කාශ්මීරය සිය යටතට ගැනීමත් සමග ඉංදීය රජය නැවතත් මේ සැරසෙන්නේ සිය රටේ සිටින සුළුතරය පන්නා දැමීමට හා ඔවුන්ට පීඩා කිරීමට කුමන හෝ ක්‍රමයක් සොයා ගැනීමටය.

අවස්ථා ගණණාවකදී  සිය පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් පිරිස් සිය පවුලේ සාමාජිකයන්ද සමග දිවි නසා ගැනීම් කිහිපයක් දැනටම වාර්ථා වී ඇත.

විශේෂයෙන්ම බංග්ලාදේශයේ පීඩනයට පත්ව සංක්‍රමණය වූ රොහින්ග්‍යා සරණාගතයින් රටින් පිටුවහල් කිරීමේ වෑයමක මෝදිගේ රජය සිටියි.

ඇසෑම් හී මිලියන 1.9ක් මෙසේ මවුරටක් නොමැති මිනිසුන් බවට පත් වීම ඇමරිකානු ජනපතිවරයා සිය ජාතිකත්වය තහවුරු කළ නොහැකි සංක්‍රමණිකයන් සහ ඔවුන්ගේ දරුවන් ට පීඩන එල්ල කිරීමට හැත්පසින්ම සමානය. ට්‍රම්ප් සිදු කරන්නට යන්නේ ඇමරිකාවට කිසිවෙකුට පැමිණිය නොහැකි ලෙසට බැම්මක් බැදීමයි. මෝදි සිදු කරන්නේ ලේඛනයක් සකසා කාලයක් තිස්සේ ඉන්දියානුවන් සේ ජීවත් වූ පිරිසක් පිටුවහල් කිරීමට උත්සහා කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි