×

අක්ෂේ කුමාර්ට හදිසියේ සිදු වූ දේ!

Housefull 5 චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර , සුපිරි ඉන්දීය නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්ව තිබෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Housefull 5 චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර , සුපිරි ඉන්දීය නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්ව තිබෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රූගත කිරීම් අතරතුර යම් වස්තුවක් ඔහුගේ ඇසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව,විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මේ වන විට ඔහු විවේකීව පසුවන බවත්, ඇස වෙළුම් පටි දමා ආවරණය කර ඇති බව වාර්තා වේ.

මඉදිරි රූගත කිරීම් වලදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අතිරේක ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවට චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම සහතික වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි