×

ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් නොදීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය ලෝක සෞඛ්‍යයට අසුභම ආරංචියක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම අරමුදලක් සම්පාදනය කරන රට ඇමෙරිකා එක්සත් ජනපදය වෙයි


 

කොරෝනා වෛරස වසංගතය ලෝකය පුරා ඉතා සීග්‍රයෙන් පැතිර යන මොහොතක ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඇමරිකාව විසින් ලබා දුන් මූල්‍ය ආධාර කලා හැරීමට තමන් තීරණය තළ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරන ලදී, මෙම නිවේදනය පිළිබද ලෝකයේ කිසිදු ප්‍රශංසාවක් නම් නොවූයේ පවතින අවස්ථාව මත ඇමරිකාවේ තීන්දුව අන් රටවල් සේම ඇමරිකාවටද යහපත සළසන්නක් නොවන බැවිනි.
කෙසේ වෙතත් සිය අදහස සපථ කරමින්,

“කොරෝනාවෛරසය පැතිරීම වසං කරනු ලැබීම සහ බරපතල මට්ටමේ දුර්කලමනාකරණයට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව තක්සේරු කෙරෙන අධීක්ෂණයක් සඳහා පියවර ගනු ලබන අතරවාරයේ, ඊට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස මම, මගේ පරිපාලනයට නියෝග කරනවා” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

මයික්‍රොසොෆ්ට්’ (Microsoft) නිර්මාතෘ බිල් ගේට්ස් ( Bill Gates) විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය විග්‍රහ කරන ලද්දේ “අනතුරුදායක පණිවුඩයක්” වශයෙනි.

මේ වන විට ගෝලීය වශයෙන් පුද්ගලයින් 128 000 ට අධික සංඛ්‍යාවගේ මරණයට හේතුවී ඇති මිලියන දෙකකට වඩා වැඩි පිරිසක් රෝගීන් බවට පත් කර ඇති කොරෝනා වෛරසයට එරෙහිව සහ තවත් ලෝක සෞඛ්‍ය අර්බුධ වලට එරෙහිව විසදුම් සොයමින් සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි පෙළ ආයතනයක් ලෙස හැදින්විය හැකිය.

මෙම මෙහෙවර සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත මූල්‍යාධාර ලබා දුන් ප්‍රධාන පෙළේ රාජ්‍ය්‍යක් වන ඇමරිකාව විසින් එසේ සිය මූල්‍යාධාර නවතා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය බරපතල ලෙස කඩා වැටීමට ලක් වනු ඇත. විශේෂයෙන්ම ඉතිහාසයේ කිසි දිනෙක නොවූ පරිදි ගෝලීය වසංගත තත්ත්වයක් උදාවී ඇති මොහොතක මෙම ඇමරිකානු ක්‍රියාකලාපය හේතුවෙන් විශෞෂයෙන්ම දිළිදු රටවල සෞඛ්‍ය අර්බුද ඉතා ඉහළ මට්ටමකින් ඔඩු දුවනු ඇත.

ලෝක සෞක්‍ය සංවිධානය ක්‍රියාත්මක වන්නේ මූලික ලෙසම තවත් ආධාර ලබා දෙන පෞද්ගලික ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ ක්‍රියාකාරී රාජ්‍ය්‍යන් හී මූල්‍යාධාරයන් මතය. 2018- 19 කාල වකවානුව තුළ ලෝ සෞඛ්‍ය සංවිධානයේ අයවැයෙන් ඩොලර් බිලියන 4.4ක ප්‍රමාණයක් එනම් 15%සදහා දායක වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. අනෙක් බොහෝ ප්‍රතිශතයක්ද ලැබුණේ තවත් තනි රාජ්‍ය්‍යන් කිහිපයක් වෙතිනි. ඇමරිකා එක්සත් ජනපදය පසුගිය අගහරුවාදා නිවේදනය කළ පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන සිය දායකත්වය ඔවුන් නතර කළ හොත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට දරා ගත හැකි වේද යන්න සැබෑ ගැටළුවක් වී ඇත. කෙසේ වෙතත් සිය තීරණය සාධාරණී කරණය කරමින් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයටත් එහි ප්‍රධානියාටත් චෝදනා කරන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබදව චීනයේ ක්‍රියාකලාපය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිහඩ බව වරදක් බවයි. එමෙන්ම චීනය මගින් ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය බවත් චීනයේ මෙම වැරදි තොරතුරු ප්‍රවර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානය දායක වී ඇති බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් බදාදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම තීරණය ගැන කනගාටු වන නමුත් නව කිරීටක වසංගතයට එරෙහිව සටන් කිරීමට සහයෝගය ඉල්ලා සිටින බවයි. “ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීර්-කාලීන සහ ත්‍යාගශීලී මිතුරෙකු වූ අතර එය දිගටම පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” ඔහු පැවසීය.

2020-21 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියාවට එරෙහිව සටන් කිරීම, පෝලියෝ තුරන් කිරීම මෙන්ම සෞඛ්‍ය පිපිරීම් සඳහා විශේෂ පර්යේෂණ සහ සූදානම් කිරීම් ද ඇතුළුව සිය සෞඛ්‍ය වැඩසටහන් සඳහා ඩොලර් බිලියන 4.8 කට ආසන්න මුදලක් වෙන් කර ඇත. නමුත් ට්‍රම්ප්ගේ නිවේදනයෙන් කියැවෙන්නේ ඩොලර් මිලියන 720 ක් වටිනා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන් මේ වසරේ මෙන්ම මීලග වසරේද කිරීටක වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් ද ඇතුළු ක්‍රියාකාරකම් සදහා මුදල් නොගෙවිය හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, 2020 මාර්තු වන විට එක්සත් ජනපදය 2019 සිට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 99 ක් පමණ ඉදිරියට දායක වී ඇති බවයි.

සිංගප්පූරුවේ ඩියුක්-ජාතික විශ්ව විද්‍යාලයේ (එන්යූඑස්) බෝවන රෝග විශේෂඥ වෛද්‍ය වැන්ග් ලින්ෆා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් කපා හැරීමට ට්‍රම්ප් ගත් තීරණය “නියත වශයෙන්ම ලෝකයට ඉතා නරක ආරංචියක්” බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අඟහරුවාදා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට හෝ වසංගතයට එරෙහිව සටන් කරන වෙනත් සංවිධානයකට අරමුදල් අඩු කිරීමට කාලය මෙය නොවන බවයි.
“මෙම වෛරසය සහ එහි විනාශකාරී ප්‍රතිවිපාක නැවැත්වීම සඳහා එක්සත්කම හා ජාත්‍යන්තර ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කළ යුතු කාලය දැන් එළඹ ඇත,” ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කෙසේ වෙතත් ඉදිරි කාලයෙහි එම අරමුදල් සැපයුම යළි ආරම්භ කළ යුතුද? නැද්ද? යන්න අධීක්ෂණයකින් අනතුරුව තීන්දු කෙරෙන අතර, එම අධීක්ෂණය දින 60- 90 ත් අතර කාලයක් තුළ සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.

ගොලීය මට්ටමින් ගත්විට තවමත් වැඩිම කොරෝනාවෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

හය ලක්ෂයකට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් සහ විසිහය දහසකට අධික මරණ සංඛ්‍යාවක් ද ඇමෙරිකාවෙන් වාර්තා වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවාධානය වෙත විවේචන

ලෝක සෞඛ්‍ය සංවාධානය සහ ප්‍රධානී ටෙඩ්‍රොස් වෙත විවේචන ගෙන එන්නේ ඇමරිකානු ජනපති ට්‍රම්ප් පමණක් නොවන්නේය.

කොරෝනා වෛරසයයේ ආරම්භයේදීම ප්‍රතිචාර දක්වනවා වෙනුවට ලෝක සෞක්‍ය සංවිධානය විසින් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවටත් OVID-19 මිනිස් සිට මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි බවට තායිපේගේ පූර්ව අනතුරු ඇඟවීමක් කළද එය සන්නිවේදනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවටත් මාර්තු මාසයේදී තායිවානය චෝදනා කළේය.
ඒ නව වෛරසය “මිනිසකුගෙන් තවත් මිනිසකුට බෝ නොවෙන බවට පැහැදිලි සාක්ෂි නොමැති බවක් චීනයේ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි” පැවසෙන ‘ට්විටර්’ පණිවුඩයක් ජනවාරි මස දාහතර වෙනිදා ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිකුත් තිබීමේ බරපතල කම පිළිබදව පැහැදිලි කරමිනි.

අප්‍රේල් මස මුල් භාගයේ ප්‍රකාශයට පත් කළ විදේශ ප්‍රතිපත්තීන් සම්බන්ධ වාර්ථාවක දක්වා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය යනු කිරීටක වෛරසයට උඩ ගෙඩි දුන් චීනයේ සහකාරිය බවය. ඇමරිකානු ජාතික ප්‍රකාශනයක සංස්කාරක රිච් ලෝරි පවසා තිබුණේ ට්‍රම්ප් “සැමවිටම දොස් පැවරීමට නැඹුරු” වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය සිටින්නේ “මෙම ජාත්‍යන්තර ව්‍යසනයේ කේන්ද්‍රය” තුළ බවයි.

මේ අතර, බදාදා ප්‍රකාශයට පත් කරන ලද ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවක සඳහන් වූයේ, දින ගණනාවක් තිස්සේ ළඟදීම පැතිර යන රෝගය පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවීමට බීජිනය අපොහොසත් වී ඇති අතර එමඟින් රෝගය පුළුල් ලෙස ව්‍යාප්ත වීමට ඉඩ සැළසූ බවයි.

එසේ වුවද, වොෂිංටන් ඩීසී හි ජෝජ්ටවුන් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ලෝරන්ස් ගොස්ටින් පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් දැරීමට ට්‍රම්ප් ගත් තීරණය හෙළා දකින බවත්, වසංගතය එක්සත් ජනපදය විනාශ කරන බැවින් ජනාධිපතිවරයා ද හරවා දෝෂාරෝපණයට ලක් විය යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මුව ආවරණ සම්බන්ධයෙන් දෙන උපදෙස් මහජනයා ව්‍යාකූල තත්ත්වයකට පත් කිරීමට හේතු වූ බව ඇතැම් සෞඛ්‍යය විශේෂඥයෝත් පවසති.

මෙවැනි චෝදනා රාශියක් මත ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණය පෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව ගනු ලැබුවද එහි ප්‍රතිවිපාක විදින්නට මුළූ මහත් ලෝකයටම අඩු වැඩි වශයෙන් සිදුවනු ඇත.

පසුගිදා ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවන් අනුමාන කරන ලද්දේ ට්‍රම්ප්ගේ මග අනුව යමින් බොහෝ දුරට එංගලන්ත ජනපති බොරිස් ජොන්සන් ද සිය ආධාර කපා හැරීම සම්බන්ධව අවධානය යොමු කරනු ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවාධානයට මූල්‍යාධාර සැපයෙන මාර්ග මෙසේ ඇහිරී යෑම විශේෂයෙන්ම පවතින තත්ත්වයත් සමග සුභ ලකුණක්නම් නොවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි