×

ජනපති ට්‍රම්ප් ඔස්කාර් සම්මාන ලාභී පැරාසයිට් චිත්‍රපටය සමච්චලයට ලක් කරයි

ට්‍රම්ප් පවසා සිටියේ ඇමරිකාවට මෙතරම් ගැටලු ඇති කර ඇති දකුණු කොරියාවේ නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන්නේ මන්ද යන්නයි.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඔස්කාර් සම්මාන් උලළේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් පැරාසයිට් චිත්‍රපටය පිළිබදව අවඥාවෙන් කතා කර ඇති බව වාර්තා වේ. මෙම පැරාසයිට් චිත්‍රපටය පන්ති අරගලය සහ ධනය පිලිබද අසමානතාවය වටා ගෙතුණු දකුණු කොරියානු ප්‍රහසනයකි.

එය කොරියානු භාෂාවෙන් නිර්මාණය කර ඇති අතර ඉංග්‍රීසි උපසිරැසි සමඟ ජාත්‍යන්තරව තිරගත කර ඇත.

ඔහු අසා සිටියේ “කරුණාකර නැවත අපට Gone With the Wind වෙත යා හැකිද?” යන්නයි. Gone With the Wind යනු 1939 දී එක්සත් ජනපද සිවිල් යුද්ධ සමයේ තිරගත වූ චිත්‍රපටයකි; එවකට එය ඔස්කාර් ජයග්‍රහණයන් ලබාගත් නමුත් එහි ජාතිවාදී ඒකාකෘති සහ වහල්භාවය පිළිබඳ විකාරරූපී අංගයන් හා පණිවුඩයන් විවේචනයට ලක්විය.

ට්‍රම්ප් තවදුරටත් පවසා සිටියේ ඇමරිකාවට මෙතරම් ගැටලු ඇති කර ඇති දකුණු කොරියාවේ නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන්නේ මන්ද යන්නයි.

ජනාධිපතිගේ විවේචනයට ප්‍රතිචාර දක්වමින් පැරාසයිට් හී බෙදාහරින්නාවන නියොන් ට්වීට් කර ඇත්තේ “ Understandable, he can’t read. “-තේරුම්ගත හැකියි, ඔහුට කියවිය නොහැකි බව” යනුවෙනි.

 

[embedyt] https://youtu.be/UMsffQM4cXU [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි