×

ඇමරිකාවේ හමුදා හෙලිකොප්ටරයක් මගී ජෙට් යානයක ගැටීමෙන් අවම වශයෙන් 30 දෙනෙකු ජිවිතක්ෂයට

සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ආයතන කිහිපයක් සම්බන්ධ වී ඇති නමුත් ජීවිත හානි පිළිබඳ ක්ෂණික ආරංචියක් නොමැත.


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැන්සාස් හි විචිටා සිට වොෂින්ටන් ඩීසී වෙත පැමිණෙමින් තිබූ මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු රැගත් American Eagle Flight 5342 ජෙට් යානයක් අද(30)රේගන් ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී සොල්දාදුවන් තිදෙනෙකු සමඟ එක්සත් ජනපද හමුදාවේ Black Hawk හෙලිකොප්ටරයක ගැටීම හේතුවෙන් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් යානා දෙකම පොටෝමැක් ගඟට කඩා වැටී ඇති අතර ගුවන්යානයේ ගමන්ගත් මඟින් 30 දෙනෙකුගේ සිරුරු මේ වන විට පොටෝමැක් ගඟෙන් හමුව තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කර තිබුණේ, ගුවන් තොටුපළට මායිම්ව ඇති ගඟේ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ආයතන කිහිපයක් සම්බන්ධ වී ඇති නමුත් ජීවිත හානි පිළිබඳ ක්ෂණික ආරංචියක් නොමැති බවයි.

මෙම අනතුරෙන් පසු රොනල්ඩ් රේගන් ජාතික ගුවන් තොටුපළ මේවන විට සියලුම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම නවතා දමා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි