×

ඔක් 1 දා සිය ජාතික දින සැමරුමේදී ලෝකය මෙතෙක් නොදුටු යුධ අවි පෙන්වීමට චීනය සූදානමින්

.


එළැඹෙන ඔක්තොම්බර් පළමු වන දාට යෙදෙන චීන ජාතික දින සැමරුම හා සමගාමීව චීනය ලෝකයේ මෙතෙක් නොදුටු උසස් ගනයේ අවි ආයුධ ප්‍රදර්ශනය සදහා සූදානමින් සිටී,

චීනය විසින් සංවිධානය කර ඇති පරිදි ජාතික දින සැමරුම් උළෙලට පුද්ගලයින් 15000ක්ද ගුවන් යානා 160කට වැඩි ප්‍රමාණයක්ද , අවි ආයුධ 580ක් සහ තවත් යුධ උපකරන චීන අගනගරය වෙත කැදවන්නට සූදානමින් සිටී. චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු චීනය සිය ජාතික දිනය සමරන 70 වසර මෙයයි.

ලෝකයේ ඉහළම තාක්ෂණයක් ඇති ඩ්‍රෝණ තාක්ෂණයේ අති නවීන උපකරණ, සහ දියුණූ මිසයිල පද්ධතිද මේ යටතට අයත් වේ.

ජාතික දින සැමරුම හා සමගාමීව සිදු කෙරෙන හමුදා පෙළපාලියේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ටන් මින් පවසන්නේ චීනය විසින් නිශ්පාදනය කළ මෙම උසස් තාක්ෂණික ආයුධ ප්‍රදර්ශණය කෙරෙන අතර ඒවා චීනයේ ආරක්ෂාව සම්බන්ධ පර්යේෂණ සහ සංවර්ධනයන්ගේත් නව නිපැයුම්හීත් ප්‍රථිපළ බව ඔහු පවසයි.

මේ එම ආයුධ වලින් කිහිපයක්.

DF-41 missile

A Chinese military vehicle carrying a ballistic missile participates in rehearsals for the October 1 military parade.

මෙය ප්‍රභල අන්තර් මහද්වීපික පරාසයක් සහිත බැලෑස්ටික් මිසයිලයකි. එය මිහිපිට පවතින බලගතුම මිසයිල වලින් එකකි.

1997 වසරේ සිට සංවර්ධීත මට්ටමේ පැවති මෙම මිසයිලය 2015 සහ 2017 වසර වලදී ද ජාතික දින සැමරුම් හීදී ප්‍රදර්ශණය කළ නමුත් ඒ ආවරණයක්ද සහිතවය. මෙම DF-41 මිසයිලය මගින් ප්‍රහාර එල්ල කළ හැකි පරාසය කිලෝ මීටර් 15,000 වන අතර ස්වාධීන ඉලක්කගත න්‍යෂ්ටික මිසයිල ශීර්ෂ 10ක් රැගෙන යෑමේ ශක්තියක් එයට ඇත. ඇමරිකා එක්සත් ජනපදය හා ඒ ආශ්‍රිත මහද්වීපිතක ප්‍රදේශ  මිනිත්තු 30ක් තුළ මුළු මුනින්ම විනාශ කිරීමේ හැකියාව එයට ඇත.

JL-2 submarine-launched ballistic missile (SLBM)

A nuclear-powered submarine of the People's Liberation Army Navy's North Sea Fleet prepares to dive into the sea.

මෙයද චීනය සතු ප්‍රධාන පෙළේ ප්‍රහාරක සබ්මැරීනයකි. මේ මගින් මිසයිල ශීර්ෂ 12ක් මුදා හළ හැකි අතර කිලෝ මීටර් 7200ක පරාසයක් තුළ ප්‍රහාර එල්ල කළ හැකිය. උදාහරණයක් වශයෙන් චීනයට අයත් මූහුදු සීමාවේ සිට ඉන්දියාවත් අලෙස්කාවත් අතර පරාසයකට මෙමගින් ප්‍රහාර එල්ල කළ හැකිය.


DL-17

මෙය hypersonic glide vehicle හෙවත් අධිධාවනිත එනම් ශබ්දයෝ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් (පැයට කිලෝ මීටර් 3800) ගමන් ගන්නා යුධ වාහකයකි.
2014 වසරේ සිට චීනය මෙවැනි වාහන පිළිබදව පර්යේෂණ සිදු කරයි. මෙමගින් න්‍යෂ්ටික අවි මෙන්ම සාම්ප්‍රධායික අවිද රැගෙන යෑමේ හැකියාවක් ඇත.


DR-8 drone
මෙම ඩ්‍රෝණ ප්‍රහාරක යානයෙහි වේගය සහ එහි හැඩය හේතුවෙන් එය ඇසට නෙපෙනී සිය කාර්ය කිරීමෙහි දක්ෂ අවියකි. එයටද ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයකින් ගමන් කළ හැකි වේ. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ යුධ අවස්ථාවලදී සතුරු ගුවන් යානා වලට ලගා වීමට ඒවායේ තොරතුරු සහ ඡායාරූප ලබා ගැනීමට ඇති හැකියාවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි