×

ලොව විශාලතම සහ කුඩා මැතිවරණයක් පැවැත්වෙන එළැ‌ෙඹෙන සතියේ ලෝකය

අද සඳුදා.. අද පටන් ඉදිරි දින 7 තුළ ලෝකය කෙසේ වෙයිද



1 බ්‍රෙක්සිට් ගැන තීරණයක්..

LONDON, ENGLAND – APRIL 03: British Prime Minister Theresa May leaves Downing Street for Prime Minister’s Questions on April 3, 2019 in London, England. The Prime Minister is due to meet Labour leader Jeremy Corbyn to agree a plan on Britain’s future relationship with the EU. (Photo by Chris J Ratcliffe/Getty Images)

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබදව තීරණය කල් තැබීම සදහා වන තීරණය ලැබෙනු ඇත්තේ මෙම සතිය තුළයි. ඒ සදහා යුරෝපා සංගමයේ නායකයින්ගේ තීරණය මෙම සතියේ ලැබෙනු ඇත.

2- ඉන්දීය මහා මැතිවරණය

ලොව වැඩිම පිරිසක් ඡන්දය භාවිතා කරන විශාලතම ප්‍රජාතාන්ත්‍රික රටක වන මැතිවරණය මෙම සතියේදී පැවැත්වෙනු. මෙම සතියේ බ්‍රහස්පතින්දා ඉන්දීය මැතිවරණය පැවැත්වෙනු ඇති අතර සහභාගී වන ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව මිලියන 900කි. මැතිවරණය මෙම මස 19 වන දා වන තෙක් පැවැත්වෙනු ඇත.

තවමත් චීනය ලොව අධිකතම ජනගහනයක් ඇති රට (බිලියන 1.39ක් සිටින) වුවද වැඩිකලක් යන්නට මත්තෙන් ඉන්දියාව (බිලියන 1.34) විසින් එය අභිබවා යනු ඇත. එම නිසාම මෙවර මහා මැතිවරණයෙන් ජය ගන්නේ කවුරුන්ද ඔහු ලොව වැඩිම ජනගහණයක් ඇති රාජ්‍ය පාලනය කිරීමේ අවස්ථාව හිමි කරගනු ඇත.

වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදී නැවතත් රටේ අගමැතිවරයා ලෙස පත්වීමට අපේක්ෂාවෙන් සිටී. නමුත් මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ විරුද්ධ පක්ෂ නායක රාහුල් ගාන්ධිගෙන් මෙවර විශාල අභියෝගයක් මෝදී වෙත එල්ල වනු ඇති බවත් ඇතැම් විට මෝදිට ජය හිමි වුණද එයද ඉතා අඩු ඡන්ද ප්‍රමාණයකින් ජය ලබා ගනු ඇති බවත්ය.

3) ඊශ්‍රායලයේ මැතිවරණද පැවැත්වෙන්නේ මෙම සතිය තුළයි.

වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසු්වන වතාවටත් අගමැති ධූරය හෙබවීමට අපේක්ෂා කරන මෙවර ඊශ්‍රායල් මහ මැකිවරණයේ අනෙක් තරග කරු වූ ඇතිතේ බෙනී ගාන්ට්ස්ය. හිටපු ඊශ්‍රායල් හමුදා කාර්යමණ්ඩල ප්‍රධානියා වන ඔහුව පැරදවීමට නොතන්යාහූ සමත්වුවහොත් දීර්ඝතම කාලයක් ඊශ්‍රායලය පාලනය කළ අගමැතිවරවයා බවට ඔහු පත් වනු ඇත.

4) ඊශ්‍රායලය විසින් සඳ වෙත යැවූ යානය සඳ මත පතිත වේ.

ප්‍රථම වතාවට ඊශ්‍රායලය විසින් චන්ද්‍රයා වෙත යැවූ යානය චන්ද්‍රයා මත පතිත කරවීමට සැළසුම් කර ඇත්තේ මෙම සතිය තුළදීය.

මෙම චන්ද්‍ර මෙහෙයුම අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළනු ඇත. මන්ද මෙම මෙහයුම සදහා ඊශ්‍රායලය විසින් භාවිතා කරන ලද Beresheet නැමති රෝබෝවරයා සද මතට පතිත කිරීම සාර්ථකව සිදු වුවහොත් එය ඉතිහාසයේ ප්‍රථම වතාවට පෞද්ගලිකව මුදල් යෙදවූ අභ්‍යවකාශ මෙහෙයුම බවට පත්වනු ඇත.( අද වන තෙක් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය ආදී සියලු රටවල් අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කර ඇත්තේ ඒ ඒ රටවල රජයේ මූල්‍ය දායකත්වයෙනි)

කෙසේ වුවත් Beresheet විසින් මේ වන විටත් ඊශ්‍රායලය වෙත වාසනාව උදාකර ඇත. ඒ චන්ද්‍රයාගේ කක්ෂයට ළගා වූ ලොව රටවල් 7 අතරට ඊශ්‍රායලයද ඇතුලත් කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි