×

හිජාබය, නිකාබය සහ බුර්කාව

BBC වාර්තාවන්ට අනුව මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පළාත් බහුතරයක කාන්තාවෝ නැවත වරක් 1996 ට පෙර යුගය වෙත අවතීර්ණ වෙමින් සිය මුහුණු නිකාබයකින් හෝ බුර්කාවකින් ආවරණය කර ගෙන සිටිති.


මුස්ලිම් ලෝකයේ කාන්තාවන්ට ඉස්ලාම් ආගම සහ සංස්කෘතිය විසින් නියම කර ඇති මෙම ආවරණ පිළිබඳ කෙටි විස්තරයකි, මේ.

හිස් සළු පැළඳීමේ සිට පාදාන්තය දක්වා ආවරණය වූ, අවට බැලීම සඳහා යන්තම් විවරයක් පමණක් ඇස් මට්ටමේ තිබෙන ලෝගු දක්වා මුස්ලිම් කාන්තාවන්ට නියම කර ඇති ඇඳුම විහිදී යයි. හිස් ආවරණ විනීත කමේ සංකේතයක්, විශ්වාසයේ සංකේතයක් ලෙස සලකන බව කියයි. නමුත් ලෝකයේ මුස්ලිම් රටවල් තුළ මෙයට ඇති පිළිගැනීම වෙනස් ය. උදාහරණයක් ලෙස ප්‍රංශය හෝ ඩෙන්මාර්කය වැනි රටවල ප්‍රසිද්ධ ස්ථානවල මුහුණ වැසෙන වස්ත්‍ර ඇඳීම තහනම් ය.

හිජාබය

Woman wearing a Hijab

hijab යන වචනයෙන් අදහස් කරන්නේ සාමාන්‍ය වශයෙන් ශරීරය ආවරණය කර ගැනීමයි. නමුත් මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන හිස් ආවරණ හැඳින්වීම සඳහා මෙය යෙදේ. කොණ්ඩය සහ ගෙළ ආවරණය කරන නමුත් හිජාබයෙන් මුහුණ ආවරණය වන්නේ නැත.

නිකාබය

Woman wearing a Niqab

නිකාබය – niqab ඇස් ආශ්‍රිත කලාපය විවෘතව තබන වේලයකි. කෙසේ නමුත් මෙය ඇස් කලාපයට වෙනම වේල් පටක් ලෙස ද අඳිනු දැකගත හැකිය. නිතරම නිකාබය අඳින්නේ හිස් අවරණයක් ද සමග ය.

බුර්කාව

Woman wearing a Burka

බුර්කාව – burka සියලු ඉස්ලාමීය ඇඳුම් අතරින් ශරීරය වැඩි වශයෙන්ම ආවරණය කරන ඇඳුම වේ. 

එය මුහුණ මෙන්ම මුළු ශරීරයම ආවරණය කරන තනි වේල් පටකි. ඇස් අවට පමණක්, බාහිර ලෝකය යන්තමින් දැකිය හැකි පරිදි කොටු සහිත විවරයක් තබා තිබේ.

අල්-අමීරා

Woman wearing an Al-Amira

 al-amira යනු කොටස් දෙකින් යුක්ත වේල් පටකි. ටියුබයක ආකාරයේ ස්කාෆ් එකක් සහ කෙස් කළඹ නළල දක්වා තදින් ආවරණය කරන පටියකින් මෙය සමන්විත ය.

ශයිලා

Woman wearing a Shayla

ශයිලා – shayla යනු දිගු, සෘජුකෝණාස්‍රාකාර ස්කාෆයකි. මෙය ගල්ෆ් කලාපයේ මුස්ලිම් ස්ත්‍රීන් අතර ප්‍රචලිත ය. හිස වටා ඔතා, ඉන් අනතුරුව උරහිස් පෙදෙසට ඈඳිය හැකිය.

ඛිමාර්

Woman wearing a Khimar

ඛිමාර් – khimar යනු දීර්ඝ, තුඩුවක හැඩයේ වේල් පටකි. මෙය ඉණ දක්වාම එල්ලා වැටේ. හිස කේ, ගෙළ සහ උරහිස් එමගින් සම්පූර්ණයෙන්ම ආවරණය වේ. නමුත් මුහුණ පැහැදිලිව නිරාවරණය වේ.

චදෝර්

Woman wearing a Chador

චදෝර් – chador යනු ඉරාන කාන්තාවන් නිවසින් බැහැරට යාමේදී අඳිනු ලබන ඇඳුමකි. එය සම්පූර්ණයෙන් ශරීරය වසා තබන ලෝගුවක් වේ. කුඩා ස්කාෆයක් ද මෙම ඇඳුමේ කොටසක් වශයෙන් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි