BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

WhatsApp ඔස්සේ තමන්ටම පණිවුඩ යවාගන්න…

ලොව වඩාත් ප්‍රචලිත මෙන්ම පරිශීලකයන් රාශියක් විසින් එදිනෙදා භාවිතා කරනු ලබන Messaging App එකක් ලෙස WhatsApp සඳහන් කළ හැකි වේ. මෙම යෙදවුම පරිශීලනය කරන ඔබට යම්කිසි අවස්ථාවක යම් සටහනක් හෝ Link එකක් Save කිරීම සඳහා ඔබ මෙම යෙදවුම භාවිතා කිරීමට අවකාශයක් දැනට සලසා නොමැත. ඇතැම් විට ඔබ ඔබගේම වෙනත් WhatsApp ගිණුමක් වෙත එම සටහන තැබීමක් […]

ලොව වඩාත් ප්‍රචලිත මෙන්ම පරිශීලකයන් රාශියක් විසින් එදිනෙදා භාවිතා කරනු ලබන Messaging App එකක් ලෙස WhatsApp සඳහන් කළ හැකි වේ.

මෙම යෙදවුම පරිශීලනය කරන ඔබට යම්කිසි අවස්ථාවක යම් සටහනක් හෝ Link එකක් Save කිරීම සඳහා ඔබ මෙම යෙදවුම භාවිතා කිරීමට අවකාශයක් දැනට සලසා නොමැත.

ඇතැම් විට ඔබ ඔබගේම වෙනත් WhatsApp ගිණුමක් වෙත එම සටහන තැබීමක් සිදු කිරීම සුලභ කාරණයකි.

ඉන් පරිබාහිරව බොහෝ දෙනා සිදු කරනු ලබන්නේ WhatsApp Group එකක් නිර්මාණය කර එයට පණිවුඩ තැබීමයි.

නැතිනම් වෙනත් Notes සහ Links සටහන් කර තබාගත හැකි යෙදවුම් වන Google Tasks වැනි Apps භාවිතා කිරීම සිදුකරනු ලබයි.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රම භාවිත කිරීම තරමක් අපහසු මෙන්ම අක්‍රමවත් ක්‍රියාවලීන් වේ. එයට විසඳුමක් ලෙස WhatsApp වෙතින් සිය ඉදිරි යාවත්කාලීන කිරීම් ඔස්සේ තම පරිශීලකයන් වෙත Messaging Yourself යනුවෙන් නව පහසුකමක් ලබා දීමට වැඩකටයුතු සිදුකරමින් පවතී. එමගින් පරිශීලකයාට අවශ්‍ය සියලුම සටහන් සහ වෙනත් Links සියල්ලම සටහන් කිරීම සිදු කිරීමට අවස්ථාව උදාවනු ඇත.

මෙම පහසුකම යටතේ WhatsApp තුළ ඔබගේම ගිණුම “Me (You)” ලෙස සඳහන් වන අතර එම ගිණුම වෙත පරිශීලකයා හට තම සටහන් තැබීමට හැකියාව ඇත.

මෙම පහසුකම WhatsApp හි 22.23.0.70 යාවත්කාලීන කිරීම ඔස්සේ Android පරිශීලකයන් වෙත ලැබෙන අතර iOS පරිශීලකයන් සඳහා 2.22.24.2 යාවත්කාලින කිරීම ඔස්සේ අත්විඳීමට හැකියාව ඇත.

SOURCE: wabetainfo


ඉතාලියේ මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක

බෙල්ජියමට එරෙහිව මොරොක්කෝව ලැබූ පාපන්දු තරඟ ජය බ්‍රසල්ස් හි කෝලාහල ඇති කරයි

යුක්රේනයට විදුලිය නොමැති අඳුරු ශීත සෘතුවක්

චීනයේ කොවිඩ් විරෝධී විරෝධතා තුන්වන දිනටත් අඛණ්ඩව; ෂැංහයි හි පොලිසිය සමඟත් ගැටුම්

උතුරු කොරියානු නායකයා ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන්

කොවිඩ් අගුලුලෑම් වලට එරෙහිව චීනයේ විරෝධතා; විරෝධතාකරුවන් ෂීට ගෙදර යන්න කියයි.

‘දේශගුණිත අර්බුද වලින් විපතට පත් රටවලට චීනයද ආධාර කළ යුතුය’- හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්

බ්‍රසීලයේ 16 හැවිරිදි ළමයෙකු කරන ලද වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට, 13 දෙනෙකුට තුවාල

error: Content is protected !!
error: Content is protected !!