BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

WhatsApp හරහා Grocery Shopping යමුද?

WhatsApp හි පළමු end-to-end shopping experience එක සදහා ඉන්දියානු e-commerce platform එකක් වන JioMart, Meta සමාගම සමග අත්වැල් බැඳගෙන තිබේ.

WhatsApp හි පළමු end-to-end shopping experience එක (පාරිභෝගිකයාත් අලෙවිසැලත් අතර සෘජු වෙළදාම්-මිලදීගැනීම් අත්දැකී​ම) දියත් කරන බව Meta සමාගම පසුගියදා නිවේදනය කළේය.

මේ අනුව ඉන්දියාවේ WhatsApp පරිශීලකයින්ට WhatsApp chat හරහා සෘජුවම online grocery shopping කිරීමේ පහසුකම සලසා දෙමින් WhatsApp යෙදුමට ‘in-app shopping’ පහසුකම එක්කර තිබේ.

මේ සඳහා ඉන්දියානු e-commerce platform එකක් වන JioMart, Meta සමාගම සමග අත්වැල් බැඳගෙන තිබේ.

ඒ අනුව ඉන්දියාවේ WhatsApp භාවිතා කරන්නන්ට දැන් WhatsApp chat එකක් හරහා JioMart business account වෙත පිවිස භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

මිලියන 400 කට අධික පරිශීලකයින් සිටින WhatsApp හි විශාලතම වෙළඳපොල ඉන්දියාව වන අතර, මෙම නව යෙදුම තුළ shopping service එක සාර්ථක වුවහොත්, අනෙක් රටවල ද මෙම සේවාව ලබාදෙනු ඇති බව බොහෝදෙනා විශ්වාස කරති.

Source: Introducing the First End-to-End Shopping Experience on WhatsApp With JioMart in India


නපුරට එරෙහිව ජයග්‍රහණය පතා ඉන්දියාව දුසේරා සමරයි

තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

Tweet Edit කරන්න දැන් අපටත් පුලුවන්?

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

error: Content is protected !!
error: Content is protected !!