×

WhatsApp හී Chats Lock කිරීමේ පහසුකම ළඟදීම…

ලොව ජනප්‍රියතම Messaging Platform එක ලෙස නම් දරා සිටින Meta සමාගමේ WhatsApp App එක විසින් නිතරම තම පරිශීලකයන්ගේ User Experience එක වැඩි දියුණු කිරිම සදහා නව විශේෂාංග හදුන්වා දීමට කටයුතු කරමින් සිටියි. ඒ අනුව Meta සමාගම විසින් මේ වෙන විට WhatsApp සදහා Chats Lock කිරිමේ පහසුකම ලබා දීම සඳහා සූදානම් වෙමින් සිටියි. එනම් මේ ඔස්සේ […]


ලොව ජනප්‍රියතම Messaging Platform එක ලෙස නම් දරා සිටින Meta සමාගමේ WhatsApp App එක විසින් නිතරම තම පරිශීලකයන්ගේ User Experience එක වැඩි දියුණු කිරිම සදහා නව විශේෂාංග හදුන්වා දීමට කටයුතු කරමින් සිටියි.

ඒ අනුව Meta සමාගම විසින් මේ වෙන විට WhatsApp සදහා Chats Lock කිරිමේ පහසුකම ලබා දීම සඳහා සූදානම් වෙමින් සිටියි. එනම් මේ ඔස්සේ ඔබට App Lock එක යෙදීමක් අවශ්‍ය නොවන අතර ඔබට අවශ්‍ය ඕනැම Chat එකක් Lock කළ හැකි වනු ඇත.

මේ Lock Chat පහසුකම මේ වන විට නවතම Android Beta පරිශීලකයන් සදහා ලබා දී ඇති අතර ඒ මගින් Individual Chats හෝ Group Chats Lock කළ හැකි වේ. මෙලෙස Lock කිරීමේදි ඔබට Passcode එකක් හෝ Fingerprint එක ලබා දි හැකියි.

ඒ වගේම මේ Lock Chat පහසුකම සක්‍රීය කළ විට එම Chat එකෙහි පවතින Media Files ස්වයංක්‍රීයවම Download විමක් සිදු වි Gallery එක තුළ Save විම සිදු නොවන අතර මේ ඔස්සේ එම Chatවල පවතින Photos හෝ Videos වෙනත් පාර්ශවයකට Smartphone එකේ Gallery App එක තුළින් නැරඹිමේ හැකියාව ද නැවති යනු ඇත.

SOURCE: WABETAINFO



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි