පසුගිය 2021 වසරේදී පමණ WhatsApp සදහා Compress කිරීමකින් තොරව ඡායාරූප යැවිමේ පහසුකම ලබා දීමට ඔවුන් විසින් කටයුතු කරමින් සිටින බව බොහෝ අවස්ථාවල වාර්තා වේ.
කෙසේ වෙතත් මේ දක්වාම ඔවුන් WhatsApp හි Settings වලට ගොස් ඒ මගින් වෙනස් කිරිමේ හැකියාව ලබා දී තිබුනද Original Quality එකෙන් යුතුව ඡායාරූපයක් යැවිමට ඉන් ද හැකියාවක් නොලැබුණි.
ඔවුන් විසින් පසුගිය දිනක ඔවුන්ගේ නිල Blog අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුනේ මෙම හැකියාව ඡායාරූපයක් යවන අවස්ථාවේදීම වෙනස් කිරිමේ හැකියාව මෙන්ම Original Quality එකෙන් යුතුව යැවිමේ හැකියාවත් ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.
📝 WhatsApp beta for Android 2.23.2.11: what's new?
— WABetaInfo (@WABetaInfo) January 20, 2023
WhatsApp is working on sending photos in their original quality, for a future update of the app!https://t.co/loR2jZPaSP pic.twitter.com/3ry6GKuS1P
ඒ අනුව ඔවුන් විසින් මීට පෙර WhatsApp Settings ඔස්සේ Automatic, Best Quality සහ Data Saver ලෙස Options තුනක් යටතේ ඡායාරූප යැවිය යුතු Quality එක තෝරා ගැනිම සදහා අවස්ථාව ලබා දී තිබුණද ඉන් Best Quality Option එක මගින්ද Original Quality එකෙන් යුතුව ඡායාරූප යැවිමේ හැකියාව පරිශීලකයන්ට ලැබුනේ නැත.
කෙසේ වෙතත් ඔවුන් විසින් WhatsApp Beta Android සදහා නිකුත් කරන 2.23.2.11 සංස්කරණය ඔස්සේ ඡායාරූපය යවන අවස්ථාවලදීම තමන්ට අවශ්‍ය Quality එක තෝරා ගැනිමට මෙන්ම Original Quality එක සමගින් ඡායාරූප යැවිමේ අවස්ථාවත් හිමි වෙනු ඇත.
SOURCE: THE VERGE