×

WhatsApp පණිවිඩයක් 5 දෙනෙකුට පමණක් සීමා වෙයි.

මින් පෙර WhatsApp ඔස්සේ පරිශීලකයෙකුට තවත් පරිශීලකයන් හෝ කණ්ඩායම් වෙත 20 වතාවක් පණිවිඩයක් යැවිය හැකිව තිබිණී.


අද වන විට බහුතරයක් දෙනා පරිශීලනය කරමින් සිටින WhatsApp සමාජ මාධ්‍ය තුළ පණිවිඩයක් යැවීමේ වාර ගණන 5ක් දක්වා සීමා කර තිබේ. ඒ ඊයේ දින සිටයි.මෙහිදී එක් පරිශීලකයෙකුට තමන්ට යැවිය හැකි පණිවිඩය යැවිය හැක්කේ තවත් පස් දෙනෙකුට පමණි. ඒ යටතට WhatsApp ගෘප්ද අයත් වේ. ව්‍යාජ පෘවෘති ප්‍රචාරය සහ දූෂමාන ආරංචි පැතිරීම වැලැක්වීම මෙහි මූලික අරමුණ වී ඇත.

පසුගිය සදුදා ජකර්තා නුවර පැවති හමුවකදී WhatsApp සමාජ මාධ්‍යයේ ප්‍රතිපත්ති සහ සන්නිවේදනය සම්බන්ධ උප සභාපතිනිය විසින් මේ බව අනාවරණය කළාය.

පසුගියදා ඉන්දුනීසියාව තුළ මැතිවරණයේදී WhatsApp නිසා විශාල බලපෑමක් ඇති විය.
මින් පෙර WhatsApp ඔස්සේ පරිශීලකයෙකුට හෝ කණ්ඩායම් වෙත 20 වතාවක් පණිවිඩයක් යැවිය හැකිව තිබිණී.

මෙම සීමාව පසු ගිය ජූලි මස සාට ඉන්දියාව තුළ පමණක් ක්‍රියාත්මක වීම ආරම්භ කරන ලදී . එමෙන්ම පරිශීලකයන් මිලියන 200කට WhatsApp භාවිතය තහනම් විය. ඒ WhatsApp ඔස්සේ හුවමාරු වූ පණිවිඩයක් නිසා ඇති වූ කලහ කාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20ක් දෙනා මිය යෑම හේතුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි