×

WhatsApp හරහා caption එකක් සමඟ media files forward කරමු!

WhatsApp Polling පහසුකම, Group සඳහා Notification Load වීම කළමණාකරණය කිරීමේ හැකියාව මෙන්ම Profile Photos සඳහා Avatar පහසුකම යනාදී විශේෂාංග පරිශීලකයන් අතර අතිශයෙන් ජනප්‍රිය විය.


පසුගිය දින කිහිපය තුල WhatsApp සමාජ මාධ්‍ය තුළ නිකුත්කළ නවතම Updates මගින් විශේෂාංග කිහිපයක්ම තම පරිශීලකයන් වෙත ලබා දීමට Meta සමාගම අවධානය යොමු කරන ලදී.

ඒ අතර WhatsApp Polling පහසුකම, Group සඳහා Notification Load වීම කළමණාකරණය කිරීමේ හැකියාව මෙන්ම Profile Photos සඳහා Avatar පහසුකම යනාදී විශේෂාංග පරිශීලකයන් අතර අතිශයෙන් ජනප්‍රිය විය.

එසේම තවදුරටත් පරිශීලකයන් සඳහා නවතම අත්දැකීමක් ලබා දීමේ අරමුණ ඇතිව WhatsApp හි Images, Videos, GIFs සහ Documents යනාදී Media Forward කිරීමේ දී Caption එකක් ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දෙන්න මේ වන විට ඔවුන් කටයුතු කර තිබේ.

මෙම පහසුකම Android පරිශීලකයන් සඳහා 2.22.23.15 Update එක මගිනුත් iOS පරිශීලකයන් සඳහා 22.23.0.72 Update එක මගින් ද මෙම පහසුකම ලබාගත හැකියි.

පරිශීලකයන් විසින් Media Files Forward කිරීමේ දී ඒ සඳහා Caption එකක් අන්තර්ගත කිරීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ.

මෙම පහසුකම ඉතාමත් යෝග්‍ය බවත් එමගින් මෙම යෙදවුම භාවිතා කරන්නන් සඳහා නව අත්දැකීමක් ලබාගත හැකිවන බවත් බොහෝ විචාරකයන් සඳහන් කරනු ලබයි.

කෙසේ නමුත් මෙය සියලුම පරිශීලකයින් සඳහා නිකුත් කර නොමැති නමුත් ඉදිරියේදී මෙම Update එක සියල්ලන් සඳහාම විවෘත වන බව වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම WhatsApp Desktop පරිශීලකයින් සඳහා නුදුරේදීම 2.2245.5 Update එක යටතේ මෙම පහසුකම ලබාගත හැකිය.

SOURCE: wabetainfo.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි