×

සංයමයද, ආදරයද, විරෝධයද කැටි වුණ හොංකොං හී කථාකරන බිත්ති

ඒවා ඒ නිසා සැබෑම කථා කරන බිත්තිය…


හොංකොං හී පොළොව මේ මොහොත වන විටද පාලකයන්ගේ වරදට එරෙහිව නැගී සිටින මිනිසුන්ට ශක්තියක් සපයන භූමියක යුතුකම ඉටුකරමින් සිටී, එකාවන්ව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදු කළ සටන් සහිත ඉතිහාසයක් ඇති හොංකොං හී කථා කරන බිත්ති තුළ එම සටන් වල ඉතිහාසය ලියා ඇත.

හොංකොං හී වැසියන්ට හුරු පුරුදු දසුනක් වුවද පිටස්තර අයෙකුට සිත් අදහා ගත නොහැකි කථා මෙවැනි කථා කරන බිත්ති හොංකොං හී වීදි පුරා තැනින් තැන දැකිය හැකිය. තමන් හට අනෙකාට පොදුවේ කියන්නට ඇති කරුණු කාරණා පණිවිඩ සහිත කුඩා පත්‍රිකා දස දහස් ගණකින් ඒ බිත්ති සැරසී ඇත..

ඒවා ඒ නිසා සැබවින්ම කථා කරන බිත්තිය…
ඉතා අවලස්සනට බිත්ති වැහෙන්නට අදින විකාර රූප හෝ.. පාලකයන්ගේ උවමානවට ඔවුන්ගේ මුහුණු ඔබා මුද්‍රණය කර ඇලවූ පෝස්ටර හෝ.. ටියුෂන් ගුරුවරුන්ගේ වර්ණනාවන් ඇතුලත් විශාල බැනර් ආදී සිය්ලටම වඩා මේ කථා කරන බිත්ති වල ආදරණීය බවක් මෙන්ම සංයමයක් පවතී,..

හෝංකොං පුරා පිහිටා ඇති මේ කථා කරන බිත්තියක ඇල වී කුඩා වර්ණවත් කොළ කැබැල්ලක ඇති පණිවිඩයක් කියවා අපට නතර විය නොහැක… ඒ වටා ඇලවුණු එකී පණිවිඩය හෝ අදහස සම්බන්ධ අදහස් සහ උපකාරයන්ද සටහන් කළ තවත් අදහස් තවත් පිරිස් විසින් ඒ අසලින් අලවා ගොස් ඇති බව දැක ගත හැකිය. ලියූවේ කවුරුන්දැයි නොදනිතත්.. නොදන්නා අය සමග මේ බිත්ති පුරා මිනිසුන් සංවිද කර හැටි.. සිය අදහස් මතවාද සාකච්ඡා කරන හැටි .. ඉතා අපූරු බව මෙම කථා කරන බිත්ති දකින ඕනෑම අයෙකුට සිතෙනු පුදුමයක් නැත..

එය සැබවින්ම සිහියට නගන්නේ පෙර කල සීගිරියේ කැටපත් පවුරය. එහි පැවති. සංයමයද .. සුන්දරත්වයද හොංකොංහී මේ කථා කරන බිත්ති පුරා වෙයි.

බොහෝ විට මෙම බිත්ති පිහිටා ඇත්තේ උමං මාර්ග වල පිවිසුම් අද්දර පිය ගැට පෙළ ආශ්‍රිතවය.
බොහෝ විට වර්තමානයේ අප අපගේ අදහස් සියල්ලම සමාජ මාධ්‍ය ඔස්සේ අනෙකාට දැන ගැනීමට හෝ අනෙකා සමග බෙදා ගැනීමට කටයුතු කරන්නෙමු .. නමුත් අපට මේ කථා කරන බිත්ති තුළ ඉස්මතු වූ පණිවිඩ හා අදහස් ඊට හාත් පසින්ම අසමානය.

හොංකොං වැසියන් අතරේ කුඩාම දරුවන් හැරුණ විට අනෙක් සියල්ලන්ටම පාහේ ජංගම දුර කථන එකක් හෝ ඊට වඩා ඇත. එමෙන්ම ෆේස්බුක් හා වට්සප් සමාජ මාධ්‍ය ඔවුන් අතර බහුලව භාවිත වේ. නමුත් පසු ගිය කාලය පුරා රජයට එරෙහි සියළු අදහස් විරෝධතා මෙම සටහන් පත්‍රිකා වලට ඇතුල් වී හෝංකොං හී වීදි පුරා බිත්ති වසා ගැනීමට සමත් විය.

හෝකොං වැසියන් මේ බිත්ති නම් කර ඇත්තේ “Lennon Walls” නමිනි. ඊට හේතුව 1980 වසරේ සුප්‍රකට ගායක ජෝන් ලෙනොන් වෙඩි තබා මරා දැමුණු පසු චෙකොස්ලොවේකියානු අග නගරය ප්‍රාග් හී බිත්ති මෙවැනි මිනිස් අදහස් සටහන් වුණු කුඩා පත්‍රිකා වලින් පිරී ගියේය.

හොංකොංහී පළමු ලෙනෙන් බිත්තිය දැක ගත හැති වූයේ 2014 වසරේය. ඒ හොංකොං වැසියන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිදු කළ Umbrella Movement ව්‍යාපාරය හා විරෝධතා අතර තුරය. ඒ රජයේ මූළස්ථාන බිත්තියකය. නමුත් මසක් තුළ එම බිත්තිය යථා තත්ත්වයට පත් වුවද ජනතාව එවැනි බිත්ති 80ක් හොංකොං හී වීදි පුරා නිර්මාණය කළහ.


1978 සහ 1989 වසර වල චීනයට එරෙහි උද්ඝොෂණ වලදී හොංකොං හී විරෝධතා කරුවන් අති විශාල පෝස්ටර් මහජනයා ගැවෙසන ප්‍රදේශ වල අලවූහ. එය හැදින්වූයේ අදටද ප්‍රසිද්ධ පීකිංග් විශ්ව විද්‍යාලයේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිත්තිය එදා විරෝධතා කරුවන් විශාල පෝස්ටර ඇලවී බිත්ති වලින් ප්‍රධාන එකකි.

ඉන්පසුද කිහිප විටක් එවැනි විරෝධතා පෝස්ටර බිත්ති පුරා දැකිය හැකි වුවද අද දැකිය හැක්කේ ඊට හාත් පසින් වෙනස් වූ මෙම ලෙනොන් බිත්තිය . මෙම ලෙනොන් බිත්ති තුළ ඇලවුණ සෑම සටහනක් තුළම අපට ඔවුන්තුළ වන සංයමයද දැක ගත හැකි වේ.. එහි එක් සටහනක් හෝ තව කෙනෙකුගේ අදහසන් වැසෙන්නට නොඅලවා සිටින්නට හැකි උපරිම උත්සහය ඔවුන් විසින් ගෙන ඇත. එක් පැත්තක් පමණක් ඇලවෙන කුඩා සටහන් පත්‍රිකා පමණක් ඔවුන් මේ සදහා යොදා ගන්නේ එම අරමුණෙන්ම විය හැකිය.

එසේ අලවා තිබෙන අනෙකාගේ සටහන් හෝ අදහස් නොදැක්කා සේ යන උදවියද මෙහි දැක ගත නොහැකිය ඒ අසලින් යන සෑම අයෙකුම හැකි පරිද්දෙන් මෙහි ඇත්තේ කුමක්දැයි කියවා යෑමෙන් එය ලියා ගිය පුද්ගලයාගේ අදහසට ගරු කිරීමට පුරුදුව ඇත්තේය. අදහස් පවසන්නටද අදහස් දැන ගන්නටද මොනයම්ම හෝ විදිහකින් මිනිසාට අයිතියක් ඇති බව මේ ලෙනොන් බිත්ති මැනවින් කියා පන්නේය.

බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා අප වැනි සියලු මාධ්‍ය ආයතනද පෙනී සිටින්නේ කවුරුන්හෝ පාලකයෙක් වෙනුවෙනි.. එවිට ජනතාවට සිය අදහස් බෙදා ගන්නාට ඉතිරි වන්නේ සමාජ මාධ්‍යය.. නමුත් සමාජ මාධ්‍යයද හිතු හිතූ වෙලාවට පාලනය කරන්නට පාලකයන්ට හැකිය. පොතක් පතක් .. චිත්‍රපටයක් වුවද පාලකයන්ගේ වුවමනාවට නැත්නම් එය තහනම් වනවා පමණක් නිර්මාණ කරුටද සිර ගත වන්නට සිදුවන්නේය. රටේ සියලු වීදිද , ඒවායේ බැමි හා බිත්තිද අපේ රටේ නම් වෙන් වී තිබෙන්නේ දේශ පාලකයන්ගේ හා වෙළෙන්දන්ගේ අති විශාල පෝස්ටර් ඇලවීමටය.. ඉදින් එවැනි පසුබිමක් ඇති රටක හිතේ තියෙන දේ සංයමයෙන් ලියා තබන්නට හැකි මෙවැනි ලෙනොන් බිත්ති කෙතරම් සුන්දරද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි