×

මුහුණු ආවරණය තහනම් කළ ලොව අනෙක් රටවල් ?

250 දෙනෙකුට ජීවිත අහිමි කරමින් පසුගියදා ශ්‍රි ලංකාව තුළ සිදු වූ ජන ඝාතනද සමග මුහුණු ආවරණය තහනමට ලක් විය.එසේ මුහුණු ආවරණය තහනම් වූ ලෝකයේ තවත් රටවල් මොනවාද


යුරෝපය
ප්‍රංශය – යුරෝපා රටක් ලෙස පොදු ස්ථාන වල මුළු මුහුණම ආවරණය කරගෙන සිටීම නීතියෙන් තහනම් කළ ප්‍රථම රට ප්‍රංශයයි. ඒ 2011 වසරේදීය.

2014 වසරේ ජූලි මස මානව අයිතිවාසිකම් පිළබද යුරෝපා අධිකරණය විසින් එම තහනම අනුමත කරන ලදී,

ඩෙන්මාර්කය
මුළු මුහුණම ආවරණය කිරීම නීති විරෝධී වූ ඩෙන්මාර්කය තුළ ඊට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක විය. ඒ 2018 වසරේ අගෝස්තුවේදීය. කෙසේ වෙතත් ඩෙන්මාර්කය තුළ පොදු ස්ථානයන්හීදී මුළු මුහුණම ආවරණය කරගෙන සිටීම වරදක් වන අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් 157ක දඩ මුදලක් ගෙවීමට සිදු වේ. එම වරද නැවතත් සිදු කිරීම එම දඩ මුදල දස ගුණයකින් වැඩි වීමට හේතු වේ.

නෙදර්ලන්තය.
මුහුණ ආවරණය කිරීම නීති විරේධී බවට නෙදර්ලන්තය විසින් සම්මත කරන ලද්දේ 2018 වසරේ ජූනි මසය. එය අදාළ වන්නේ පාසැල්, රොහල් සහ පොදු ප්‍රවාහණ සේවය ආදී පොදු ස්ථාන වල අතර මහජනයා ගැවසෙන වීදි වල එය නීති විරොධී නොවේ.

ජර්මනිය‍
කුමන ආකාරයක හෝ මුහුණු ආවරණයක් වාහන පදවමින් සිටින අවස්ථාවලදී පැළදීම ජර්මනිය තුළ තහනම්ය. එමෙන්ම සිවිල් සේවකයන් , කාන්තා ආරක්ෂක නිළධාරීනියන් මුළු මුහුණම ආවරණය කරගෙන සිටීම නීතිවිරෝධී වේ.

ඔස්ට්‍රියාව
පොදු ස්ථානවල සහ අධිකරණය, පාසැල් ආදිය තුළ මුහුණ ආවරණය ඔස්ට්‍රියාව තුළ තහනම් කෙරුනේ 2017 වසරේ ඔක්තොබරයේදීය.

බෙල්ජියම
බෙල්ජියම තුළ මුහුණු ආවරණය තහනම් කෙරුනේ 2011 වසරේ ජූලි මාසයේදීය. අනන්‍යතාව පැහැදිලි නොවන අයුරින් ඇදුම් ඇදීම එම තහනම යටතට අයත්.

නොර්වේ
2018 වසරේ ජූනි මස නොර්වේ රාජ්‍ය තුළ විශේෂයෙන්ම අධ්‍යාපන ආයතන තුළ මුහුණු ආවරණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණි.
ලක්සම්බර්ග්
ලක්සම්බර්ග් හීද පොදු ස්ථන වල මුහුණ වසාගෙන සිටීම තහනම් වේ.

ඉතාලිය
ඉතාලියේ ඇතැම් නගර වල පමණක් මෙම නීතිය පනවා ඇත. නොවාරා නගරය ඇතුළු උකුරු සංක්‍රමණික විරෝධී ලීගය මගින් පාලනය වන නගර වල මෙම නීතිය ක්‍රියාත්මක වේ.

ස්පාඤ්ඤය
ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය තුළ මුහුණු ආවරණය තහනම් කරන ලද්දේ 2010 වසරේදීය.

ස්විට්සර්ලන්තය
ස්විට්සර්ලන්තයේද නගර කිහිපයක මුහුණු ආවරණය තහනම් කර ඇත‍

අප්‍රිකාව
2015 වසරේ අප්‍රිකානු කලාපය තුළ කාන්තා මුහුණු ආවරණ වලින් මුහුණ වසා ගත් මරගෙන මැරෙන බෝම්බ කරුවන් විසින් මිනිස් ඝාතන සිදු කිරීමේ සිදුවීම් කිහිපයක් සිදු විය. ඒත් සමග අප්‍රිකාවේ උතුරු කොටසේ චාද්, කැමරූන්, ගබොන් මෙන්ම නයිජර් සහ කොංගෝ වේ මුහුණු ආවරණය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී.

ඇල්ජීරියාව
2018 වසරේදී ඇල්ජීරියාවේ රජයේ ආයතන සහ වැඩ බිම් වල මුහුණු ආවරණය කරගෙන සේවය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ය.

චීනය‍
චීනය තුළ පොදු ස්ථාන වල මුහුණු ආවරණය සම්පූණයෙන්ම තහනම් වේත අනවශ්‍ය ලෙස රුවුල දිගට වැවීම ද චීනයේ ඇතැම් පළාත් තුළ තහනම් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි