×

Where is Srilanka ? – 2019 දි ගූගල්හි ලෝකයා වැඩිපුරම හෙව්වෙ අපි ගැන !

2019 වසරේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ එක් කාණ්ඩයක් තුළ විදෙස් ජාතිකයන් වැඩිපුරම සෙවීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටීම සම්බන්ධයෙන් බව නවතම ගූගල් සෙවුම් වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා.


අදාල වාර්තාවට අනුව ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ‘Where is’ යන කාණ්ඩය යටතේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ‘Where is Sri Lanka’ යන්නටයි. සරළවම කියන්නේ නම් අදාල කාණ්ඩය යටතේ ලෝකයේ වැඩිම පිරිසක් සෙවීම් සිදුකර ඇත්තේ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පිහිටියේ කොහිද යන්නයි.

ගූගල් සෙවුම් වාර්තාවට අනුව ලෝකයා අපේ රට පිහිටියේ කොහිද යන්න සෙවීම් වැඩිපුරම සිදුකර ඇත්තේ අප්‍රේල් සහ මැයි මාසවලදීය. ඊට හේතුව අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම අවධානය යොමු වූ අතර ප්‍රහාරය එල්ල වීමෙන් පසු, ඒ පිළිබඳව අවධානය යොමු කළ විදෙස් ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සහ අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සෙවීම් සිදුකර ඇත.

මීට අමතරව Lonely Planet සඟරාව මගින්, ලොව හොඳම සංචාරක නවාතැන ලෙස මෙම වසරේදී ශ්‍රී ලංකාව නම් කිරීම ද ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ඒ අනුව තවමත් ලෝකයේ සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාව ශ්‍රී ලංකාව යනුවෙන් රටක් තිබේද යන්න හෝ ශ්‍රී ලංකාව පිහිටියේ කොහේද යන්න හෝ පිළිබඳව නිශ්චිත තොරතුරු නොදන්න බව සිතිය හැකිය.

UN | Lanka News Web



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි