×

අනතුරට පත් යුක්රේන ගුවන් යානයේ ‘බ්ලැක් බොක්ස්’ එකට මොකද උණේ?

අනතුරට පත් ගුවන්යානයේ බ්ලැක් බොක්ස් එක ලබාදීමට ඉරාන රජය අදි මදි කරන්නේ ඇයි?


පසු ගිය දින ඉරානයේ ටෙහ්රාන් අගනුවර ගුවන්තොටුපළකින් ගමන් ඇරඹි යුක්රේන බොයිං 737 මගී ගුවන් යානය අනතුරට පත්වූයේ ලොවක් හඬවමිනි.

ඒ යානයේ ගමන් ගත් මගීන් සියල්ල ජීවිතක්ෂයට පත් කරමිනි.

මේ පිළිබඳ විවිධ සංවාද ජාත්‍යන්තර මට්ටමින් කතා බහට ලක්වූ අයුරු අප දුටුවෙමු.

කාර්මික දෝශයක් මත අනතුර සිදුවූයේ යැයි මුල්ම වරට සඳහන් වූවද, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ගේ හෙලිදරව්වෙන් අනතුරුව මෙම අනතුරේ වගකීම භාර ගැනීමට ඉරාන රජය ඉදිරිපත් විය.

ඒ අනුව, ගුවනේදී  බරපතල අත්වැරදීමකින් දියත් වූ ප්‍රහාරයක් මත යුක්රේන ගුවන් යානය අනතුරට පත් වූ බවට හෙලිවිණි.

එම තොරතුරත් සමඟ ඉරාන – ඇමරිකානු සන්නද්ධ ගැටුම පසෙක ලා ඉරාන වැසියන් විසින් ම රජයට විරෝධය පෑමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත්, මේ පිළිබඳ සංවාදය තවමත් අවසන් ව නැත.

වාර්තා වන තොරතුරු වලට අනුව, අනතුරට පත් යුක්රේන ගුවන් යානයේ බ්ලැක් බොක්ස් (කළු පෙට්ටිය) නැතහොත් අවසාන සන්නිවේදන කටයුතු පටිගත කරන ඉලෙක්ට්‍රොනික උපකරණය යළි සංවාදයට තුඩු දී තිබේ.

ඉරාන රජය මෙම අනතුරට පත් ගුවන්යානයේ බ්ලැක් බොක්ස් එක නැවත යුක්රේනයට භාර දෙයිද?

යුක්රේන රජය මේ පිළිබඳ ඉරානයට දැනුම් දී තිබේ. පසුගිය දින වල මෙම බ්ලැක් බොක්ස් සංවාදය මතුවූයේ එය නිකුත් කිරීමට ඉරාන රජය අදිමදි කිරීම තුළයි.

ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට මෙම බ්ලැක් බොක්ස් එක යුක්රේනයේ රසායනාගාර වෙත ලබාදීමට ඉරාන රජය කටයුතු කළ යුතුව තිබිණි.

එහෙත් එවන් දෙයක් මේ වනතුරුත් සිදුවී නොමැති බව වාර්තා වෙයි.

එරට නීතිපති කාර්යාලයේ ජාත්‍යන්තර නීති සහයෝගීතා හා වත්කම් ප්‍රතිසාධන දෙපාර්තමේන්තුවේ (Department of International Legal Cooperation and Asset Recovery at the Prosecutor General’s office) ප්‍රධානී පොලීනා ෂයිස් සඳහන් කළේ තවමත් මෙම බ්ලැක් බොක්ස් එක ලැබී නොමැති බවයි.

ඉරාන රජය මේ පිළිබඳ තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

ඒ අනුව දෙවන වරටත් යුක්රේන රජය මේ පිළිබඳ සිහිකැඳවීමක් සිදුකොට තිබේ.

අනතුරට පත් ගුවන්යානයේ බ්ලැක් බොක්ස් එක ලබාදීමට ඉරාන රජය අදි මදි කරන්නේ ඇයි?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි