×

ආසාදිතයින් 31000 ඉක්මවන මොහොතේ කොරෝනා ගැන සත්‍ය හෙළි කළ වෛද්‍යවරයා මිය යයි

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය පිරිස 636 ක් සහ ආසාදිතයින් සංඛ්‍යාව 31000 ඉක්මවූ බව චීන සෞඛ්‍ය අංශ වාර්ථා කරයි.


කොරෝනා වෛරසයේ සැබෑ තත්ත්වය පිළිබදව පළමු වතාවට අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා මිය ගිය බව චීන සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කරයි. ලී වෙන්ලියැන්ග් නම් මෙම වෛද්‍යවරයා වෛවරසය ආසාදනය වීමෙන් මිය ගිය අතර රෝගය ගැන මුල්ම වතාවට පසුගිය දෙසෙැම්බර් මස 30 වන දා ඔහු මාධ්‍ය වෙත අනාවරණය කලේය.

නමුත් එදින ආරක්ෂක අංශ ඔහු වෙත අවධාරණය කලේ එසේ අනාවරණය කිරීම වැරදි සහගත බවත් ඔහු වැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දෙන බවත්ය. ඔහු මිය යෑම පිළිබදව නිශ්චිත තොරතුරු ගැටළු කාරී වුවත් ඔහු අද උදෑසන 2.58 මිය ගිය බව චීන පුවත් සේවා අනාවරණය කරයි.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය පිරිස 636 ක් සහ ආසාදිතයින් සංඛ්‍යාව 31000 ඉක්මවූ බව චීන සෞඛ්‍ය අංශ වාර්ථා කරයි. ඊයේ දින තුළ පමණක් මිය ගිය සංඛ්‍යාව 73ක් බව වාර්ථා වේ.
ග්ලෝබල් ටයිම්ස්, පීපල්ස් ඩේලි සහ අනෙකුත් චීන මාධ්‍ය පසුගිය බ්‍රහස්පතින්දා ආචාර්ය ලීගේ මරණය වාර්තා කළේය.

ඔහුගේ මරණය චීන ජාතිකයන්ගේ ශොකයට සහ කණගාටුවට හේතුවී ඇති බව පීපල්ස් ඩේලි පුවත් සේවය පවසයි. මාධ්‍ය ඔහු අසාධ්‍ය බව අනාවරණය කළ පසුව හා මිය ගිය බව අනාවරණය කළ පසුවත් වෛද්‍යවරයා පිළිබද සත්‍ය වසන් කිරීමට චීන රජය උත්සාහා කර ඇත.වෛද්‍යවරයා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව පවසමින් ඔවුන්ගේ වාර්තා වෙනස් කරන ලෙස නිල මාධ්‍ය ආයතනවලට දන්වා තිබුණි.‍

සිය මූලික අනාවරණයෙන් පසු අක්ෂි වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ලී  වෛරසය ආසාදනය වී මාසයකට පසු නැවතත් පවතින වාතාවරණය පිළිබද සමාජ මාධ්‍ය වෙත අනාවරණය කලේය. 2003 දී ගෝලීය වසංගතයකට තුඩු දුන් සාර්ස් රෝගයට සමාන රෝගයක් චීනයේ පැතිරෙමින් පවතින බවත් ඉන් ඒ් වන විට පුද්ගලයින් 7ක් මිය ගොස් ඇති බවත් ඔහු මුලදී අනාවරණය කරන ලදී, ඒවිට චීන රජය සත්‍ය තොරතුරු වසන් කරමින් සිටියේය

ඔහු දෙසැම්බර් 30 වන දින සමාජමාධ්‍ය කණ්ඩායමක සෙසු වෛද්‍යවරුන්ට පණිවිඩයක් යවා ආසාදනය වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත ඇඳුම් අඳින්නැයි අනතුරු ඇඟවීය. දින හතරකට පසු ඔහුව මහජන ආරක්ෂක කාර්යාංශයට කැඳවා ලිපියක් අත්සන් කරන ලෙස ඔහුට දන්වන ලදී. “සමාජ පිළිවෙලට දැඩි ලෙස බාධා කළ” අසත්‍ය අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔහුට ලිපියේ චෝදනා එල්ල විය.

ඔහු කටකතා පතුරුවා හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසූ පුද්ගලයන් අට දෙනාගෙන් එක් අයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි