×

කොවිඩ්-19, ඇමරිකානුවන් 240 000 ක් මරා දමනු ඇත – ධවල මන්දිරයෙන් අනාවැකියක්

.


මේ වන විට පවත්වාගෙන යන සමාජ දුරස්ථ මාර්ගෝපදේශයන් එලෙසින්ම අනුගමනය කලද කොරෝනා වසංගතය හේතුවෙන් 100 000 සිට 2 40000 දක්වා ඇමරිකානුවන් ප්‍රමාණයක් මිය යනු ඇති බවට පුරෝකථනය කරනු ලැබීය.

ඊයේ 31 අඟහරුවාදා ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබද වාර්ථාව ඉදිරිපත් කරන ලදී. ඔවුන් යෝජනා කරන්නේ, රට පුරා කිසිදු සමාජ දුරස්ථ පියවරක් නොතිබුනේ නම්, මිලියන 1.5 ත් 2.2 ත් අතර ජනතාවක් මිය යාමට ඉඩ තිබූ බවයි. එනමුත් වර්ථමානයේ පවතින සමාජ දුරස්ථ මාර්ගෝපදේශයන් එලෙසින්ම අනුගමනය කලද කොරෝනා වසංගතය හේතුවෙන් 100 000 සිට 240 000 දක්වා ඇමරිකානුවන් ප්‍රමාණයක් මිය යනු ඇති බවට පුරෝකථනය කරනු ලැබීය.

එක්සත් ජනපද ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසන්නේ “සංඛ්‍යාත්මකව තත්ත්වය අනාවරණය වන තරමට අප ඒ සඳහා සූදානම් විය යුතු” බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කිරීටක වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට දරන උත්සාහය “ජීවිතය හා මරණය පිළිබඳ කාරණයක්” ලෙස හැඳින්වූ අතර ඔහු සමාජ දුරස්ථ මාර්ගෝපදේශවලට අවනත වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

“මට අවශ්‍ය සෑම ඇමරිකානුවෙක්ම ඉදිරියේදී ඇති දුෂ්කර දින සඳහා සූදානම්ව සිටීමයි,” “අපි ඉතා දුෂ්කර සති දෙකක් පසුකර යන්නෙමු.” ඔහු තව දුරටත් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි