×

දෝෂාභියෝග නඩු විභාගයෙන් දෙවෙනි වරටත් ට්‍රම්ප් පලා යයි!

එන්නේ නෑ නෑ නෑමයි... ධවල මන්දිරයෙන් පණිවුඩයක්..


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට එරෙහිව ගොනුවී ඇති දෝෂාභියෝගය පිළිබඳ නඩු විභාගය සඳහා දෙවන වරටත් ධවල මන්දිරය නියෝජනය කරමින් සාක්ෂි ලබාදීමට කිසිවකුත් සහභාගී නොවන බවට වාර්තා වේ.

ඒ අනුව, එළඹෙන සතියේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධිකරණ කමිටුවේදී දියත් වන දෝෂාභියෝග නඩු විභාගවලට ධවල මන්දිරයෙන් කිසිවකුත් සහභාගී නොවන බවට කොන්ග්‍රසයට දැනුම් දී තිබේ.

අධිකරණ කමිටු සභාපති ජෙරොල්ඩ් නඩ්ලර් වෙත ලිපියක් ‌ය‌ොමු කරමින්  ධවල මන්දිර නීති උපදේශක පැට් සිපොලෝන් පවසා ති‌‌බ‌ෙන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික දෝෂාභියෝග විමර්ශනය “සම්පූර්ණයෙන්ම පදනම් විරහිත” බවත්, කතානායිකා නැන්සි ප‌ෙල‌ෝසි විසින් කාරක සභාවට එකදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ‌හ‌ෝ මත්තෙන් දෝෂාභියෝග ලිපි ඉදිරියට ගෙන යන ලෙස ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට නියෝග කර ඇති බවත්ය.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි