×

ට්‍රම්ප් ගේ ගෝරනාඩුවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිචාරයක්!

සිය නවතම තර්ජනයෙන් ට්‍රම්ප් අවධාරණය කරන්නේ අරමුදල් සම්පූර්ණයෙන්ම නවතා දමන බවයි.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් දින 30ක් ඇතුලත කොවිඩ් 19 ප්‍රතිචාරයට අදාළ වැඩිදියුණු කිරීම් සිදු නොකරන්නේ නම් සියළු අරමුදල් නවතා දමන බවට පවසා තිබේ.

ඉකුත් මස දී ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව චෝදනා ගොනු කළ ට්‍රම්ප් මහතා පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ අක්‍රමිකතා සිදුවන බවත් කොවිඩ් 19 තුළ චීනයට පක්ෂපාතී ව කටයුතු කරන බවත් ය.

සිය නවතම තර්ජනයෙන් ට්‍රම්ප් අවධාරණය කරන්නේ අරමුදල් සම්පූර්ණයෙන්ම නවතා දමන බවයි.

මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍යප්‍රකාශකවරියක යන ෆඩේලා ෂෙයිබ් මහත්මිය අද (19) දින පිළිතුරු දී තිබේ.

ට්‍රම්ප් ගේ ප්‍රකාශයෙන් හැඟවෙන කරුණු පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන්නේ නැති බවත්, කෙසේවෙතත් ඔහුගේ ප්‍රකාශයේ අඩංගු කරුණු පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ඈ අවධාරණය කරයි.

ට්‍රම්ප්ගේ තර්ජනය තුළ අරමුදල් නතර කර දමන්නේ පමණක් නොව, එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දරන සාමාජිකත්වය පිළිබඳව ද යළි සලකා බැලීමට සිදුවන බව සඳහන් වී තිබිණි.

“මා එම ලිපිය දුටුවා. දැනට මට දැක්වීමට කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ලෝක සෞඛ්‍ය සභාව සඳහා අපගේ න්‍යාය පත්‍රය අවසන් කිරීමට අපි ඉතා කාර්යබහුල වෙමින් කටයුතු කරන මොහොතක් මේ,” ඈ එක්සත් ජාතීන් ගේ සංවිධානය අමතමින් පවසා සිටියාය.

“අද දවස ඇතුළත මෙම ලිපියට වඩාත් පැහැදිලි බවක් හා ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි මට විශ්වාසයි,” ඈ වැඩිදුරටත් පැවසුවා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි