×

කෝවිඩ් 19 මැඬලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අරමුදලක්!

මෙවැනි අරමුදලක් පිහිටුවීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ පළමු අවස්ථාව මෙය වේ.


වත්මන් කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය බලපා ඇති රට වලට මූල්‍යමය වශයෙන් අධාර සැපයීමට හා වෛරස ව්‍යාප්තිය මැඬ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන් ගේ සංවිධානය ඇතුළු පාර්ශවකරුවන් එක්ව මුල්ම වරට “කෝවිඩ් 19 සහයෝගීතා ප්‍රතිචාර අරමුදල” (COVID-19 Solidarity Response Fund) නම් අරමුදලක් පිහිටුවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (13) දින නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

මෙවැනි අරමුදලක් පිහිටුවීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ පළමු අවස්ථාව මෙය වන අතර, එමඟින් වත්මන් කෝවිඩ් 19 වසංගත තත්වයෙන් පීඩා විඳින රටවලට නිසි පාලන කටයුතු සිදුකිරීම සඳහා මූල්‍ය ආධාර ලැබෙනු ඇති බවට අපේක්ෂා කළ හැකිය.

මෙම අරමුදල තුළින් විවිධ පාර්ශවකරුවන් හා අරමුදල් සම්පාදකයින් මුදල් යෙදවීම මත කොරෝනා වෛරස ප්‍රතිචාරයට සහාය දැක්වීමට කටයුතු කරනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ පදනම සහ ස්විට්සර්ලන්ත පරිත්‍යාග පදනම විසින් මෙම අරමුදල නිර්මාණය කර තිබේ.

කොරෝනා වෛරසය බලපෑ රටවල සෞඛ්‍ය සේවකයින් සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ සඳහා අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට අමතරව;

  1. රෝග විනිශ්චය සඳහා අවශ්‍ය රසායනාගාර සන්නද්ධ කිරීම
  2. නිරීක්ෂණ සහ දත්ත එකතු කිරීම වැඩි දියුණු කිරීම
  3. දැඩි සත්කාර ඒකක පිහිටුවීම හා පවත්වාගෙන යාම
  4. සැපයුම් දාම ශක්තිමත් කිරීම
  5. එන්නත් හා චිකිත්සාව පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය වේගවත් කිරීම සහ
  6. වසංගතයට මහජන සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීම ඉහළ නැංවීම

ආදී කරුණු සඳහා මෙම අරමුදල කටයුතු කරනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි