×

Covid 19 නව පර්යේෂණයකට WHO වෙතින් කණ්ඩායමක් චීනයට

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් මිලියන 10.3 ඉක්මවා තිබෙන අතර ගෝලීය මරණ 505,000 ක් පමණ වාර්තා වී තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.


නව කොරෝනා වෛරසයේ ආරම්භය කෙසේ සිදු වූයේද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා තවත් පර්යේෂණ කණ්ඩායමක් චීනයට යැවීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියස් මහතා පවසනවා.

වසංගතයේ ව්‍යාප්තියේ ස්වභාවය සමඟ මෙහි ප්‍රභවය දැන ගැනීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෛරසය ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් දැනගත් විට එය වඩා හොන්දින හඳුනාගැනීමට හැකිවන බව හෙතෙම කියා සිටිනවා.

මෙහි අගමුල නිවැරදිව දැනගැනීමෙන් අනාගතයේදී කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නයටද පිළිතුරු ලැබෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

ඒ අනුව එළඹෙන සතියේදී එම පර්යේෂණ කණ්ඩායම චීනය බලා පිටත් වනු ඇති.

මේ වන විට චීනයේ දෙවෙනි කොවිඩ් 19 රැල්ලද ආරම්භ වී තිබෙන අතර ඊයේ දිනයේදී නව ආසාදිතයින් 19ක් හඳුනා ගෙන තිබෙනවා.

දෙවන රැල්ල මතුවීමත් සමඟ චීනයේ සමස්ත ආසාදිතයින් ගණන 83,531 ක් ලෙස වැඩි වී තිබෙන අතර මරණ 4,634 ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් මිලියන 10.3 ඉක්මවා තිබෙන අතර ගෝලීය මරණ 505,000 ක් පමණ වාර්තා වී තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි