×

ගැහැනු ළමයින්ට පවසන්නට ඇති දෙය නම්:

ගැහැනු ළමයින්ට පවසන්නට ඇති දෙය නම්: ඔබ කුමක් කළත්, ඔබ කොපමණ ජයග්‍රහණයක් ලබා ගත්තද, බලවත් මිනිසුන් "පිරිමින්" ඔබව කපා දැමීමට උත්සාහ කරනු ඇත.


ගැහැනු ළමයින්ට පවසන්නට ඇති දෙය නම්: ඔබ කුමක් කළත්, ඔබ කොපමණ ජයග්‍රහණයක් ලබා ගත්තද, බලවත් මිනිසුන් “පිරිමින්” ඔබව කපා දැමීමට උත්සාහ කරනු ඇත. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වන විට රට පුරා ගැහැනු ළමයින් දුක්  වූ නමුත් ඒ හුදෙක් පක්ෂග්‍රාහී හේතු මත නොවේ.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් හිරිහැර කරන්නෙකු, සයිබර් හිංසකයකු වූ නිසාවෙනි. ඔහු ගැහැණු ළමයින්ට හා තරුණියන්ට වාචික හිංසන පෑ පුද්ගලයකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධ ව තිබිණි. ඉන් එක් අවස්ථවක් නම්, හිටපු විශ්ව රූ රැජිණක් වන 19 හැවිරිදි ඇලිෂියා මචාඩෝව ඔහු හඳුන්වා ඇත්තේ “Miss Piggy”- “පුංචි ඊරි” යනුවෙනි. ඒ පසුකලක ඈ සිය ශරීරයේ බර සමඟ අරගලයක නිරත වූ නිසාවෙනි.

මැතිවරණයට ආසන්නව පැවති නිව්යෝර්ක් ටයිම්ස් මත විමසුමකදී වයස අවුරුදු 14 ත් 17 ත් අතර ගැහැනු ළමයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කියා සිටියේ ට්‍රම්ප් කාන්තාවන් පිළිබඳ අදහස් දැක්වීම ඔවුන්ගේ ශරීර ගැන සිතන ආකාරයට බලපාන බවයි. ඔහු වෙනුවෙන් ඡන්දය දැක්වීමට කමැත්ත පළ කලේ ඉන් 15%ක් පමණි.

දැන් ට්‍රම්ප්ට හිරිහැර කිරීම සඳහා නව ඉලක්කයක් තිබේ: ඒ 16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග්. තන්බර්ග් නොදැනුවත්වම ට්‍රම්ප්ව කලබලයට පත් කර ඇති සැටියක් පෙනේ. ගැහැනු ළමයින් ‘ක්‍රියා කළ යුතු ආකාරය’ පිළිබඳ ඔහුගේ කිසිම අදහසකට ඈ නොගැලපේ. තන්බර්ග් ගේ වෑයම රූපලාවණ්‍ය තරඟාවලියක් ජයග්‍රහණය කිරීම නොවේ. දේශගුණික අර්බුදය ගැන ට්‍රම්ප් වැනි ලෝක නායකයින් හා එක්ව ගමනක් යෑම ඈගේ අරමුණයි. ට්‍රම්ප් වැනි ලෝක බලවතෙකු පවා 2018 වර්ෂයේදී සිය දේශනය හමුවේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඉදිරිපිට සිනහවට ලක් වෙද්දී, මෙම වසරේ තන්බර්ග් නම් පුංචි කෙල්ලගේ හද උණුසුම් කළ කතාවට මුළුමහත් සමුළුව ඔල්වරසන් දුන්නේය; ගෞරව කළේය.

පසුගිය සති කිහිපය තුළදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් වූයේ ට්‍රම්ප් නේටෝ සමුළුවේ සිය සම වයසේ සගයන් අතර සමච්චලයට ලක්වූ බවයි. මෙම සමච්චල් අතර, සිය දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහි විදේශීය කුමන්ත්‍රණ දියත් කිරීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග නඩුවක් ද ක්‍රියාත්මක වෙද්දී, දහසය හැවිරිදි පුංචි ග්‍රේටා තන්බර්ග් ටයිම් පුවත් පත විසින් වසරේ පුද්ගලයා ලෙස පිදුම් ලබන ලදී. ඒ නිසා ට්‍රම්ප් තවත් කලබල වී ඇති අන්දමක් පෙනෙන්නට ඇති අතර ඔහු නිතරම සිය ට්විටර් ගිණුම ඔස්සේ විවිධ පණිවුඩ මුදා හැරියේය: සිහිනයකින් බියවූවාක මෙන් තමාගේ සිතට පැමිණෙන යම් අදහසක් තිබේද, තමාට කරදර කරන්නේ යැයි හැඟෙන යම් පුද්ගලයකු සිටීද, තමා තුළ වරදකාරී හැඟීමක් ඇතිවීමට තුඩුදුන් පුද්ගලයකු සිටීද, අවි අමෝරා ගැනීමට ට්‍රම්ප් නිතර භාවිතා කරන්නේ සිය නිල ට්විටර් ගිණුමය. 

“ග්‍රේටා ඇගේ කෝප කළමනාකරණ ගැටලුව විසඳා ගත යුතු අතර පසුව මිතුරෙකු සමඟ හොඳ පැරණි චිත්‍රපටයක් නැරඹීමට යන්න!” පසුගිය බ්‍රහස්පතින්දා දින ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වූයේ එවැන්නකි. “විනෝදවන්න ග්‍රෙටා විනෝදවන්න!” ඇය ග්‍රේටා ගේ ජයග්‍රහණය පිළිබඳව ඇයව දිරිමත් කළේ ඒ ආකාරයෙන්!

ට්‍රම්ප් පුංචි ග්‍රේටා ව සමච්චලයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඇය කළ සංවේදී දේශනය වෙනුවෙන් ඔහු පවසා තිබුණේ, “ඇය දීප්තිමත් හා පුදුමාකාර අනාගතයක් බලාපොරොත්තුවෙන් සිටින ඉතා ප්‍රීතිමත් තරුණියක් මෙන් පෙනේ. දැකීම සතුටක්! ” යන්නයි.

ට්‍රම්ප්ගේ සමච්චල් සහගත ට්විටර් පණිවුඩ වලට ග්‍රේටා දක්වා තිබූ ප්‍රතිචාර ද උපහාසාත්මකය. මේ සතියේ ඇය සිය ට්විටර් බයෝව වෙනස් කළේ මෙසේ ය: “ මේ වන විට මිතුරෙකු සමඟ හොඳ පැරණි චිත්‍රපටයක් නැරඹමින් තම කෝප කළමනාකරණ ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන යෞවනියක්!.”

ට්‍රම්ප් ගේ ක්‍රියාකලාපය සයිබර් හිංසන (cyberbulling) වලට හොඳ නිදසුනකි. ග්‍රේටා ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද ජනපතිවරයා විසින් සයිබර් හිංසන සිදු කළ අවස්ථා දෙකෙහිදීම දහසය හැවිරිදි ග්‍රේටා කඩා වැටුණේ නැත. ඇය ඉන් තවත් ශක්තිමත් වී ඇත- පළමුව දේශගුණික ක්‍රියාකාරිනියක ලෙස, පසුව සමාජ මාධ්‍ය නින්ජා සටන්කාමියකු ලෙස.

එහෙත් මෙමඟින් ට්‍රම්ප් සිදුකළ භයානක හා පහත් ක්‍රියාව යටපත් නොවේ. ලොව පුරා සිටින ගැහැනු ළමයින්ට එය පවසන දෙය නම්: ඔබ කුමක් කළත්, ඔබ කොපමණ ජයග්‍රහණයක් ලබා ගත්තද, බලවත් පිරිමින්ට ඔබව කපා දැමීමට උත්සාහ කළ හැකි බවයි. ඇමරිකාවේ ජනාධිපතිවරයා වීමට පෙර ගැහැණු ළමුන් ඉලක්ක කර ගනිමින් පුරුෂ හස්තය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ට්‍රම්ප් දරන්නේ සුළුපටු අතීතයක් නොවේ.

එය ගැහැණු ළමයින් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය සීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වූ පණිවිඩයකි. එය ගැහැණු ළමයින් සහ තරුණියන් අතර කාංසාව සහ මානසික අවපීඩනය වැඩි කිරීමට හේතු වූ කරුණකි. සයිබර් හිංසන පිළිබඳ කවත් වාචික ඇමරිකාවේ ප්‍රථම පුරවැසි කාන්තාව වන මෙලේනියා ට්‍රම්ප් හටද එය පණිවුඩයක් වනු ඇත. 

නමුත් අන්තර්ජාල හිරිහැරවලට එරෙහිව සටන් කිරීමේදී ගැහැනු ළමයින්ට ඔවුන්ගේ ආදර්ශය වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් අවශ්‍ය නොවේ. ඔවුන්ට එකෙනෙකා සිටී; ඔවුන්ට තන්බර්ග් සිටී!  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි