×

ට්‍රම්ප්ට අවුලක් නැත. ඇමරිකානු නීතියට ජය වේවා!

ඒ අනුව එක්සත් ජනපද ඉතිහාසයේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පළමු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 වසරේදී සරාගී තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් හට ඩොලර් 130,000ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජනපද ඉතිහාසයේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පළමු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

මේ සම්බන්ධයෙන් නීති විශාරදයන් ටයිම්ස් සඟරාව වෙත ප්‍රකාශ කර තිබුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහත චෝදනාවන් වෙනුවෙන් වරදකරු වුවද, එය ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට බාධාවක් නොවන බවයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ නීතියෙන් අපරාධකරුවකු වූ අයෙකුට පවා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව හිමි වේ.

මේ සම්බන්ධයෙන් UCLA නීති විද්‍යාලයේ මැතිවරණ නීති මහාචාර්ය රිචඩ් හසන් පවසන්නේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපති සුදුසුකම් නියම කර ඇති බැවින්, අපරාධකරුවන්ට නිලවරණ සඳහා තරඟ කළ හැකි බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, අවම වශයෙන් අවුරුදු 35ක් වයසැති සහ වසර 14ක් එක්සත් ජනපදයේ පදිංචිව සිටින සියලුම ස්වභාවික උපන් පුරවැසියන්ට ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් විය හැකිය.

ඒ අනුව නීති විශාරදයන් පවසන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරගත කරනු ලැබුවද, ජනාධිපතිවරණ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවයි. එය අනිවාර්යයෙන්ම ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ හැකියාවට ද මෙය බාධාවක් නොවනු ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

සශිකලා මධුෂාණි_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි